The Leader News
BREAKING
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය බිලියනයෙන් මිලියනයට හිරවූ හැටි●ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●
Top Ad
පුවත්

ශානි අබේසේකර සිරගත කළේ 'මොළකරු' හඹා ගිය නිසාද ? කාදිනල් රංජිත්ට ප්‍රශ්න පත්‍රයක්

T

The Leader Desk

April 21, 2021 • 11:13 AM

ශානි අබේසේකර සිරගත කළේ 'මොළකරු' හඹා ගිය නිසාද ? කාදිනල් රංජිත්ට ප්‍රශ්න පත්‍රයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මෙහෙය වූ සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසූ පරිදි “අයි පී ඇඩ්‍රස් එකක් හරහා මහ මොලකරු සොයාගත්” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සිරගත කිරීම ගැන මෙතෙක් ඔබ කිසිදු හඬක් නොනැගුවේ ඇයි?
  • මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ බිරිඳ වන “සාරා” රටින් පලාගොස් සිටින බවට පැහැදිලි සාක්ෂි තිබියදී ඇය යළි සියරට ගෙන්වා පරීක්ෂණ පවත්වන මෙන් ඔබ ඉල්ලා නොසිටින්නේ ඇයි?
  • ඔබේ මේ අද්භූත නිහඬ බවට හේතුව පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙන් මෙවරත් ඔබට රාජපක්ෂ ආණ්ඩුවෙන් විශේෂ වරදාන/වරප්‍රසාද ලැබෙන නිසාද? 6.
  • ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් කොටසක් පමණක් ඔබටත්, නීතිපතිටත්, පාර්ලිමේන්තුවටත් ලබාදීම ගැන ඔබ සෑහීමට පත්වන්නේද?
අකුරු ප්‍රමාණය (Font Size):

 

විශේෂයෙන්ම දිනෙන් දින එකිනෙකට පරස්පර ප්‍රලාප දොඩවමින් කාදිනල්වරයාගේ උත්සාහය වී තිබෙන්නේ සාධාරණය උදෙසා වින්දිතයන් නගන හඬ ප්‍රයෝගශීලීව දියකර හැරීමය. 
 
  
වින්දිතයන්ට සාධාරණය ඉටුකරගැනීම පිණිස කැපවන බවට ඔහු වරින්වර ව්‍යාජ හඬක් නැඟීම සිය හාම්පුතුන් වන රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව පිණිස යොදන කූට දේශපාලන උපායක් බව දැන් බොහෝ දෙනාට නොරහසකි. 
  
ඔහු වරින්වර මතුකරන දේශපාලන තර්ක රාජපක්ෂවරු සහ විශේෂයෙන්ම ඔහුගේ කල්‍යාණ මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමේ උපායක් නොවේ නම් දෙවියන්ගේ නාමයෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු දෙන මෙන් අපි ඔහුට අභියෝග කරමු. 
 
 
1. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මෙහෙය වූ සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසූ පරිදි “අයි පී ඇඩ්‍රස් එකක් හරහා මහ මොලකරු සොයාගත්” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සිරගත කිරීම ගැන මෙතෙක් ඔබ කිසිදු හඬක් නොනැගුවේ ඇයි?
 

 
2. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ;
 
කටුවාපිටිය පල්ලියට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වූ ASP ජයසිංහ, 
 
කොච්චිකඩේ පල්ලියට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වූ ASP තිසේරා, 
 
කින්ග්ස්බරි හෝටලයට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වූ ASP කලණසිරි, 
 
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වූ SSP නුවන් අසංක,
 
ශාන්ග්රි ලා හෝටලයට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වූ SP ලොකුහෙට්ටි, 
 
තාක්ෂණික විමර්ශන පැවැත්වූ WSP දර්ශිකා තුෂාරි,
 
ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධතා භාරව සිටි SP රංජිත් වෙදසිංහ 
 
යන පළපුරුදු නිලධාරීන්/නිලධාරිනියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව මාරු කර යැවීම ගැනත් නෑසු කන්ව සිටියේ ඇයි?
 
 
3. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව පියවර ගන්නා මෙන් වරින්වර බෙරිහන් දෙන නමුත්, ඔහු යටතේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය නිල දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ සියලු දත්ත මකා දමා ඇති බව ජනාධිපති කොමිසම හමුවේත් අනාවරණය වුවත්, ඔබ එය මෙතෙක් නොදැන සිටි ලෙසින් හැසිරෙන්නේ ඇයි? 
 
 
 
4. සහරාන් ප්‍රහාරයේ මහමොලකරු විය නොහැකි බවත්, එයට IS සංවිධානයේ සම්බන්ධයක් නොමැති බවටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මෙන්ම අපරාධ විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේ ඔබ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා ඔවුන්ගෙන් වැඩිදුර කරුණු නොවිමසා මඟ හැරියේ ඇයි? 
 
 
5. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ බිරිඳ වන “සාරා” රටින් පලාගොස් සිටින බවට පැහැදිලි සාක්ෂි තිබියදී ඇය යළි සියරට ගෙන්වා පරීක්ෂණ පවත්වන මෙන් ඔබ ඉල්ලා නොසිටින්නේ ඇයි? ඔබේ මේ අද්භූත නිහඬ බවට හේතුව පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙන් මෙවරත් ඔබට රාජපක්ෂ ආණ්ඩුවෙන් විශේෂ වරදාන/වරප්‍රසාද ලැබෙන නිසාද? 
 
 
6. කිසිදු සුදුසුකමකින් තොරව මහින්ද රාජපක්ෂ පාලන සමයේ පිලිපීනයේ සහ පැරිස් නුවර තානාපති කාර්යාලවල රාජ්‍යතාන්ත්‍රික තනතරුවලට පත්කෙරුණු ඔබගේ ඥාති දියණිය, රුවනි කුරේ මේ වනවිට දරන තනතුර කුමක්ද? 
 
  
 
ඔබේ තවත් එවැනි ඥාතීන් ආණ්ඩුවේ තනතුරුවලට පත්වීම් ලබා තිබේද? 
 
7. ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් කොටසක් පමණක් ඔබටත්, නීතිපතිටත්, පාර්ලිමේන්තුවටත් ලබාදීම ගැන ඔබ සෑහීමට පත්වන්නේද? සැඟවීමට කිසිවක් නැතිනම් ආණ්ඩුව වාර්තාවේ කොටසක් සඟවන්නේ ඇයි? එවන් වාර්තාවක් පදනම් කරගෙන නීතිපති නඩු පවරන්නේ කෙසේද?
 
 
8. පාස්කු ප්‍රහාරකයන්ට, මහ මොලකරුවන්ට පමණක් නොව ඔබටත් දිනෙක දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ මේ හැසිරීම ගැන දඬුවම් විඳීමට සිදුවනු ඇති බව ඔබට නොවැටහෙන්නේද? 
 
ඔබ මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම මඟ හරින්නේ නම් සහ දිගින් දිගටම පාස්කු ප්‍රහාරකයන් සැඟවීමේ උත්සාහයක නිරත වන්නේ නම් ඔබේ කාදිනල් පදවිය ගැන වතිකානයට කරුණු දැක්වීමට කිතුනු බැතිමතුන් පිරිසක් සැරසෙමින් සිටින බවද දන්වනු කැමැත්තෙමු. 
 

 

 


 

THE LEADER TV 
 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...