The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

ඩිනේත් මෙලාන් 'අවි යුධ පෙන්වීමට' යද්දී මරුට : නීතියට පිටින් ඝාතන ඒකකයක් තිබේද?

T

The Leader Desk

May 12, 2021 • 3:40 AM

ඩිනේත් මෙලාන් 'අවි යුධ පෙන්වීමට' යද්දී මරුට : නීතියට පිටින් ඝාතන ඒකකයක් තිබේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම සහ සංවිධානත්මක අපරාධ රැසකට සම්බන්ධයෙන් "උරුජුවා" නැමති අපරාධකරු නවගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
  • ඔමාඹුලගේ ඩිනේත් මෙලාන් මාඹුල උපත ලබා ඇත්තේ 1994 දීය.
  • සිරගෙදරින් නිදහස් වූ වහාම අත්අඩංගුවට : මෙම ඝාතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ තොරතුරු හා අදහස් පලවී ඇති අතර srilankabrief.org වාර්තා කර ඇත්තේ මෙසේය.
  • ඔහු පසුගිය 10වැනි දින සිරගෙදරින් නිදහස් වූයේ අට වසරකට පසුය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම සහ සංවිධානත්මක අපරාධ රැසකට සම්බන්ධයෙන් "උරුජුවා" නැමති අපරාධකරු නවගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
 
ඔමාඹුලගේ ඩිනේත් මෙලාන් මාඹුල උපත ලබා ඇත්තේ 1994 දීය.
 
 
 
සිරගෙදරින් නිදහස් වූ වහාම අත්අඩංගුවට :
 

17

26
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ තොරතුරු හා අදහස් පලවී ඇති අතර srilankabrief.org වාර්තා කර ඇත්තේ මෙසේය.
 
ඔහු පසුගිය 10වැනි දින සිරගෙදරින් නිදහස් වූයේ අට වසරකට පසුය.
 
දිනෙත් මෙලන්ට ඌරු ජුවා ලෙස පටබැදුනු නමක්ද තිබේ.
 
 
ඔහු නිදහස් වූ වහාම පොලීසිය ඔහු අත්අඩංඟුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ඔහු ගෙන යන ලද්දේ නවගමුව පොලීසියටය.
  
ඔහු බැලීම පිනිස කනිශ්ක නම් නීතිවේදියකු සමග ඔහුගේ පවුලේ අය ඊට පසුදා එනම් 11වැනි දින සවස නවගමුව පොලීසියට ගියෝය.
 
ඔහු අත්අඩංඟුවට ගත්තේ සඟවා ඇති ආයුධ සොයා ගැනීමට යැයි පොලීසිය නීතිවේදියාට කීවේය.
 
මෙම පුවත දැන ගන්නට ලැබුණූ 'සිරකරු අසිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ' ප්‍රධානී මානව හිමිකම් නීතිඥ සේනක පෙරේරාට නියත බියක් දැනුනි.
 
ඔහු ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30ට සිය ෆේස් බුක් පිටුවෙහි මෙවැනි සටහනක් තැබීය:
 
Senaka perera 
බුස්ස බන්ධනාගාරයෙන් ඊයේ ඇප මත නිදහස් වු දිනෙත් මෙලාන්(ඌරැ ජුවා)යන සැකකරු නැවත අත්අඩංගුවට ගෙන මෙවන විට නවගමුව පොලීසියේ රදවා තබාගෙන සිටී. ඔහුගේ නීතිඥයා පොලිසිය විමසී⁣මේදී විමර්ශන සදහා ගෙනයාමට තිබෙන බවත් සොයා ගැනීමට තිබෙන බව දැනුම් දී තිබේ. ආයුධ සොයන්න රැ⁣ගෙන ගිය බොහෝ සැකකරුවන් අවසන් ගමන් ගිය හැටි අපට අමතක නැත. නීතිය ක්‍රියාත්මක කරන වගකිව යුතු ආයතනය කැලෑ නීතිය අනුව කටයුතු කලහොත් අප පුදුම වන්නේ නැත.
 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
2021.05.11 රාත්‍රි 10.30 ට
 
dfsadf 
 
නීතිඥ සේනක පෙරේරා එම සටහන තැබීමට විනාඩි 30කට පෙර 'ශ්‍රී ලංකා බ්‍රීෆ්' වෙත දුරකතන ඇමතුමක් ගත්තේය. 
 
ඔහුට අවශ්‍ය තිබුණේ එදින රාත්‍රියේ ආයුධ පෙන්වීමට යැයි ගෙන ගොස් දිනෙත් මෙලන් ඝාතනය කිරීමට ඉඩ ඇති බැවින් මේ ගැන යමක් කළ හැකිද යන්න සෙවීමටය.
 
 නීතිඥ කනිශ්ක සම්බන්ධ කරගත හැකි නම් ඔහු මූලාශ්‍රයක් වශයෙන් ඇතිව මෙම අනතුර ප්‍රසිද්ධ කළ හැකි බවට අදහසක් ඉන් අනතුරුව අප අතර ඇති විය.
 
නමුත් ඉන් පැයකට පමණ පසු කතා කළ නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ දිනෙත් මෙලන් නොහොත් ඌරු ජුවා මරණයට පත්ව ඇති බවයි.
 
නීතිඥ සේනක පෙරේරාගේ බියකරු අනතුරු හැඟවීම සැබෑ විය. ඔහුගේ ඊළග සටහන මෙසේය,
 
 
Senaka Perera
දැන් වෙලාව රාත්‍රි 12.50 .ආරංචියක් ආව එයාව මරල
 
“ඊයේ දිනයේදී මෙම සැකකරු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බවත් පසුව නවගමුව, වඳුරාමුල්ල ප්‍රදේශයට විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිදුවීමකදී පොලිසිය විසින් වෙඩි තබා බලය පාවිච්චි කිරීමෙන් පසු රොහල් ගත කළ ද ඒ වනවිට මරණයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වහාම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය.
 
ඒ වනාහී පරණ තැටියමය. මෙම තැටිය කී වරක් නම් පොලීසිය මෙරට ජනමාධ්‍ය සහ ජනතාව හමුවේ වාදනය නර ඇත්ද? 
 
 dear
නීතිඥයකු විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙසේ වාර්තා කර තිබුනේ මෙසේය. 
 
  
දිනෙත් මෙලන් අපරාධකරුවකු නම් ඒ බව සනාථ කළයුතු වූයේ අධිකරණයක් හමුවෙහිය. නමුත් දැන් ඔහු මරා දමා තිබේ.
 
මේ මරණය කල් තබා කිව හැකිවූ එකකි. මන්ද යත් ආයුධ සෙවීමට ඔහු ගෙන යන බවට පොලීසිය කියන විටම එහි යටි අරැත වන්නේ එළෙස ගෙන ගොස් ඝාතනය කිරීම බව පසුගිය කාලය පුරාම සිදුවූ එවැනි මරණ අනුව අදහස් වන බැවිනි.
 
නීතිඥ සේනක පෙරේරාගේ අනතුරු හැඟවීමේ පදනම වුයේ එයයි. නමුත් එම අනතුරු හැඟවීම නොසළකා දිනෙත් මෙලන්ට වෙඩි තබා ඝාතනය කෙරැණි.
 
ඇත්ත වශයෙන්ම නම් ඔහු ඝාතනය කරන බව සැඟවීමට පොලීසියට උවමනාවක් තිබී නැති බව ආයුධ සෙවීමට ඔහු අත්අඩංඟුවට ගත්බව කියා සිටීමෙන්ම පෙනේ.
 
ඉන් පෙනෙන්නේ තමන් විසින් ඝාතනය කළ යුතුයැයි තීරණය කරන පුද්ගලයින් එළෙස ඝාතනය කරන බව ඇඟවීමට පවා දැන් පොලීසියට බලයක් තිබෙන බවයි.
 
මේ අනුව දිනෙත් මෙලන් ඝාතනය කිරීමට තීරණය කළ ඒකකයක් තිබිණිද? එසේ නම් එම ඒකකය බාරව සිටින්නේ කව්ද? යනාදී ප්‍රශ්ණ ගණනාවක් මතුවෙයි. මෙවැනි ඒකකයක් තිබෙන්නේ නම් යම් දිනෙක එහි ක්‍රියාකාරිත්වය විරුද්ධ මත දරණ දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාධරයන් කරාද දිගුවනු ඇත්ද?
  
විරුද්ධ මතධාරීන් ඝාතනය කිරීමේ මෑත කාලීන ඉතිහාසයක් ඇති රටක මෙවැනි ඝාතක ඒකකයක් යළි පිහිටුවා ඇත්නම් එය අතිශය භයානත වර්ධනයක් නොවේදැයි මදකට කල්පනා කර බලන්න
 
දිනෙත් මෙලන් මෙළෙස නීතියට පිටින් ඝාතනය කරන ලද පළමුවන්නා නොවන සේම අන්තිමයාද නොවන්නේය..
 
 
(උපුටා ගැනීම - srilankabrief.org)
 

 

 

 


 

THE LEADER TV 

 
 

 

ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!

ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...