ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෙරට ප්‍රධානම ණය හිමියන් බවට පත්වෙද්දී යටිතල පහසුකම්වලට ලැබුණේ 3%ක් වැනි සුළු ප්‍රතිශතයක්
පාර්ලිමේන්තු අනුමැතිය දුන් රුපියල් ට්‍රිලියන 4ක සීමාවෙන් රුපියල් ට්‍රිලියන 1.96ක් දක්වා සමස්ත ණය අවශ්‍යතාව පහත හෙළීමට මුදල් අමාත්‍යාංශය සමත් වෙයි
2025 වර්ෂය තුළ ශ්‍රී ලංකාව ලබාගත් සමස්ත විදේශ ණයවලින් සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක් දිගුකාලීන සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීම වෙනුවට, රජයේ එදිනෙදා අයවැය හිඟය පියවා ගැනීමට (Budget Support) සෘජුවම වැය කර ඇති බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාව මඟින් හෙළි කර තිබේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසුව මෙරට ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගෙන තිබුණ ද, යටිතල පහසුකම් හෝ නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි ආයෝජන වේගවත් කරනු වෙනුවට, රජයේ දෛනික මූල්‍ය මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා තවදුරටත් බාහිර හවුල්කරුවන් මතම යැපීමට සිදුව ඇති බව මෙම දත්ත මඟින් පැහැදිලි වෙයි.
විදේශ ණය බෙදී ගිය ආකාරය සහ ප්‍රධාන ණය හිමියෝ
ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙරටට ලැබුණු සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.78කි. එයින් සියයට 71ක්ම අයවැය සහාය සඳහා වෙන් කර ඇති අතර සෙසු ක්ෂේත්‍ර සඳහා වෙන් වී ඇත්තේ ඉතා සීමිත ප්‍රතිශතයකි.
සංවර්ධන අංශවලට ලැබුණු සොච්චම:
මානුෂීය ආධාර සඳහා සියයට 4.6ක් ද, සංචාරක ව්‍යාපෘති සඳහා සියයට 4ක් ද වෙන් වී ඇති අතර, රටේ දිගුකාලීන ආර්ථික වර්ධනයට බලපාන මාර්ග සහ පාලම් ඉදිකිරීම් සඳහා වෙන් කර ඇත්තේ සමස්ත මූල්‍ය ප්‍රතිපාදනවලින් සියයට 3ක් වැනි ඉතා අවම මට්ටමකි.
ණය ලබාදුන් ආයතන:
2025 වසරේ ලැබුණු සමස්ත විදේශ ණයවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් (50%) ලබා දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසිනි. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සියයට 29ක දායකත්වයක් ද, ලෝක බැංකුව (World Bank) සියයට 11ක දායකත්වයක් ද ලබා දී තිබේ.
නව ණය ගිවිසුම් සහ දේශීය වෙළඳපොළ උපාය මාර්ගය
2025 වසර තුළ ශ්‍රී ලංකා රජය ඩොලර් බිලියන 1.23ක් වටිනා නව විදේශ ණය ගිවිසුම් 14කට අත්සන් තබා ඇත. එහිදී ද ඩොලර් මිලියන 706.1ක්ම (එනම් නව ණයවලින් 58%ක්ම) වෙන් වී ඇත්තේ අයවැය සහාය සඳහාය. කෙසේ වෙතත්, රජය සිය සමස්ත ණය ගැනීමේ අවශ්‍යතාව සැලකිය යුතු ලෙස පාලනය කිරීමට සමත්ව ඇත.
ණය සීමාවන් පාලනය කිරීම:
විසර්ජන පනත යටතේ රුපියල් ට්‍රිලියන 4ක් දක්වා ණය ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබුණ ද, රජය සැබෑ ලෙසම ලබාගෙන ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.96ක ණයක් පමණි. රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් වීම සහ රජය සතුව පැවති මුදල් සංචිත (Cash Reserves) මීට හේතු වූ බවත්, එය 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ අරමුණු සමඟ ගැළපෙන බවත් අමාත්‍යාංශය පවසයි.
දේශීය වෙළඳපොළ මත යැපීම:
විදේශ විනිමය සහ පොලී අනුපාත අවදානම් අවම කරගැනීම සඳහා රජය දේශීය මූල්‍ය වෙළඳපොළ ප්‍රධාන උපාය මාර්ගය කරගෙන තිබේ. ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කිරීමෙන් රුපියල් ට්‍රිලියන 2.4ක් ද, දේශීය ඩොලර් බැඳුම්කරවලින් ඩොලර් මිලියන 50ක් (රුපියල් බිලියන 15ක් පමණ) ද උපයාගෙන ඇත.
ආර්ථිකය යථා තත්ත්වයට පත්වන කාලසීමාවක් තුළ මෙලෙස අයවැය හිඟය පියවා ගැනීමට විදේශ ණය වැය කිරීම මඟින් ක්ෂණික මූල්‍ය සහනයක් ලැබුණ ද, දිගුකාලීන ආර්ථික වර්ධනයක් හෝ රැකියා උත්පාදනයක් සිදුකරන ප්‍රාග්ධන ක්ෂේත්‍ර වෙත බාහිර සම්පත් ගලා නොයෑම පිළිබඳව ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඔබ්බට යන ශ්‍රී ලංකාවේ ඉදිරි අභියෝගය වන්නේ, රජයේ ගිණුම් තුලනය කිරීමෙන් බැහැරව රටේ තරඟකාරිත්වය ඉහළ නංවන තිරසාර ආයෝජන වෙත මෙම විදේශ අරමුදල් ක්‍රමයෙන් යොමු කරන්නේ කෙසේද යන්නයි.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Budget Support Dominates Foreign Loans as Development Spending Lags




