The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ විරුවන් සැමරීමේ අයිතියට බාධා කිරීම 'අමානුෂිකයි'

T

The Leader Desk

November 24, 2021 • 11:17 AM

දෙමළ විරුවන් සැමරීමේ අයිතියට බාධා කිරීම 'අමානුෂිකයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාමාංශික පක්ෂයක් ආණ්ඩුවට බල කර සිටී.
  • යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පලකිරීම වැලැක්වීම සදහා ආණ්ඩුව දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට තොරතුරු පසුගිය දින කිහිපය පුරා දෙමළ මාධ්‍ය සහ පුවත් වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුනි.
  • මේ සියල්ල එක්සත් ජාතීන් විසින් පිලිගත්තා වූ මූලධර්ම බවත් වාමාංශික නායකයා වැඩි දුරටත් සදහන් කරයි.
  • මහවිරු සතිය යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පලකිරීම වැලැක්වීම සදහා ආණ්ඩුව දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු නැගෙනහිරින් දිගටම තොරතුරු වාර්තා වෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

වාමාංශික පක්ෂයක් ආණ්ඩුවට බල කර සිටී.

නව සම සමාජ පක්ෂය අවධාරණය කරන්නේ, දෙමළ ජනතාව විසින් යුක්තිය, සාධාරණය හා නිදහස ලබාගැනීම සඳහා ගෙන ගිය අරගලයන් හි දී මියගිය සිය ආදරණීයයන් අනුස්මණය කිරීම වෙනුවෙන්, උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි ගන්නා පියවරයන් වැලැක්වීම සඳහා ආණ්ඩුවත් එහි නියෝග මත ක්‍රියාත්මක වන ආරක්ෂක අංශ හා පොලිසියත් පියවර ගනිමින් ඇති බව සිය පක්ෂයේ අවධානයට ලක් ව ඇති බවයි.

"මෙකී ජාතික අයිතීන්ට ගරු කරමින් ක්‍රියා කරන ලෙසත්, එම අයිතීන් ක්‍රියාත්මක කර ගැනීම සඳහා වූ සටනේ දී මියගිය වුන් සිහිකිරීමට දෙමළ ජනතාවට ඇති අයිතියට බාධා කිරීමේ අමානුෂික පිළිවෙතින් ඉවත් වන ලෙසත් අපි ලංකාණ්ඩුවේ බලධාරීන්ට බල කර කියා සිටිමු," යි නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයක සඳහන්ය.

යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පලකිරීම වැලැක්වීම සදහා ආණ්ඩුව දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට තොරතුරු පසුගිය දින කිහිපය පුරා දෙමළ මාධ්‍ය සහ පුවත් වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුනි.

 

wickramabahu 2021.08.16

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

 

මනුෂ්‍යයන්ගේ අයිතිවාසිකම් යන්නෙන් අදහස් වන්නේ පුද්ගලික කරුණක් නොව, තමන්ගේ ජාතියේ මෙන්ම තමන් අදහන ආගමේ උන්නතිය සලසා ගැනීමේ අයිතියක් බව රාජපක්ෂ ආණ්ඩුවට සිහි ගන්වන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ඒවාට අභියෝග එල්ලවන්නේ නම්, කඩාකප්පල් වන්නේ නම් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමේ යුක්ති සහගත අයිතියක් ඔවුන්ට පවතින බවයි.

"ඒ වෙනුවෙන් අනෙක් ජනතාවන්ගේ අනුග්‍රහය ලබා ගැනීමේ අයිතිය ද ඒ හා සම්බන්ධව පවතී. එයට බාධා පමුණුවන්නේ නම්, එම රට ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වන රටක් හැටියට පිලිගැනීමට නොහැකිය."


සටන් කිරීමේ අයිතිය

 

එම බාධාවන්ට විරුද්ධව නැගී සිට, එකතුව සංවිධානය වී තම නිදහස සඳහා සටන් කරන ලද්දේ මේ රටේම මනුෂ්‍යයින් විසින්ම බව දශක හතරකට වැඩි කාලයක් පුරා සියළු ජාතීන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටි නව සම සමාජ පක්ෂය පෙන්වා දෙයි.

 

"ජාතික අයිතිය යනු, ඒ වෙනුවෙන් කථා කිරීම පමණක් නොවේ. පෙරකී පරිදි ඒ වෙනුවෙන් සංවිධානය වී සටන් කිරීමටත්, ඒ ගැන ජාත්‍යන්තර වශයෙනුත් මැදහත් වෙමින් තමන්ට තම ජාතිය ලෙස පෙනී සිටීමේ අයිතිය ලබා දියයුතුය යනුවෙන් ජාත්‍යන්තර මනුෂ්‍ය ප්‍රජාව අතර උද්ඝෝෂණය කිරීමටත් පවතින අයිතිය වේ." නව සම සමාජ පක්ෂය නොවැම්බර් 24 වැනි බදාදා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

මේ සියල්ල එක්සත් ජාතීන් විසින් පිලිගත්තා වූ මූලධර්ම බවත් වාමාංශික නායකයා වැඩි දුරටත් සදහන් කරයි.


මහවිරු සතිය


යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පලකිරීම වැලැක්වීම සදහා ආණ්ඩුව දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු නැගෙනහිරින් දිගටම තොරතුරු වාර්තා වෙමින් පවතී.

යුද වැදී ඇද වැටුණු සිය ස්නේහවන්තයන් අනුස්මරණය කිරීමට සුදානම් වු උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන හා බිම් මට්ටමේ නායකයන්ට එරෙහිව පොලිසිය විසින් මේ වනවිට ලබාගෙන තිබෙන අධිකරණ තහනම් නියෝග ගණන සියය ඉක්මවා ඇති බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

දෙමළ මහවිරු සැමරුම් තහනම් නියෝග ලබා දීමේදී  අධිකරණ මගින් දෙයාකාරයක තීරණ ලබා දී ඇති බවත් උතුරු නැගෙනහිර බහුජන සංවිධාන ක්‍රියාධරයන් විසින් පෙන්වා දී තිබේ.

සටන්  වැදී මියගිය තම නෑසිය හිතවතුන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් සමරනු ලබන දෙමළ මහවිරු සතිය නොවැම්බර් 21 සිට 27 දක්වා යෙදී තිබේ.


සබැඳි පුවත් :

දෙමළ මහවිරු සමරු ගැන ඒ ඒ උසාවිවලින් ඒ ඒ තීන්දු





THE  LEADER  TV


ඇගෙන් වැඩ මොළේ වැඩ නෑ! | මොණරවිලගේ ලියමන
 

ඇමති නොනලටත් මහින්ද බයිට්!

.
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...