BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

දෙවසරක් සිරකොට සිටින 63කට තවමත් නඩු නෑ !

T

The Leader Desk

January 20, 2022 • 7:32 AM

දෙවසරක් සිරකොට සිටින 63කට තවමත් නඩු නෑ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මානව හිමිකම් කඩකිරීම් වලට තමන් අනුබල දී නොමැති බව ජනාධිපතිවරයා පවසද්දී, වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින
  • මාරාන්තික වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නොමැති බැවින් සැකකරුවන් හැට තුන් දෙනා  ශාරිරික ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකළත් විනිසුරුවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • ජනවාරි 19  වැනි බදාදා මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්.
  • රිස්වාන් නියෝග කර ඇත්තේ සැකකරුවන් පෙබරවාරි 2 වැනි දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සැකකරුවන් හැට තුන් දෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේම තැබීමට මඩකලපුව අධිකරණය නියෝග කර තිබේ.

මාරාන්තික වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නොමැති බැවින් සැකකරුවන් හැට තුන් දෙනා  ශාරිරික ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකළත් විනිසුරුවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ජනවාරි 19  වැනි බදාදා මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන් නියෝග කර ඇත්තේ සැකකරුවන් පෙබරවාරි 2 වැනි දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

 

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත වසර දෙකකට ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 69 දෙනා අතුරින් හය දෙනකු මේ වන විටත් අධිකරණය මගින් නිදහස් කර ඇති බව නැගෙනහිර  වාර්තාකරුවෝ පවසති.

 

අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ නැගනියද වේ.

වීඩියෝ  තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු සැකකරුවන් දිවයිනේ විවිධ පළාත් තුළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිසක් බව වාර්තාකරුවෝ තව දුරටත් පවසති.

සැකකරුවන් අතුරින් වැඩි පිරිසක් කාත්තන්කුඩි, කල්මුනේ, සයින්දමරදු, සම්මන්තුරේ ආදී ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.


ජනපතිගෙන් සහතිකයක්


පසුගිය කාලයේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරගන්නට අවශ්‍ය බව 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය ජනවාරි 18 වැනි අගහරුවාදා අමතමින් පැවසූ ජනාධිපතිවරයා එහිදී දැඩි කොට කියා තිබුනේ තමන් මානව හිමිකම් කඩකිරීම් වලට අනුබල  දී නොමැති බවයි.

 

''මා වගකීමෙන් කියනවා, මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේ දී එවැනි ක්‍රියාවක් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.'' -ජනාධිපති

 

1978 සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අවශ්‍ය “කාලානුරූපී සංශෝධන” ගෙන එන්නට ඇති සුදානමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 18 දා පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබුනි.


මිනිස් ජීවිත 268 ක්


දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ  පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව වත්මන් ආණ්ඩුව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව කොළඹ අගරදගුරු කාදිනල්  මැල්කම් රංජිත් හිමියෝ දිගින් දිගටම අවධාරණය කරමින් සිටිති.

 

Leader Whats app


 




கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන



ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip



225ටම ඇමතිකම්! | වියත්කතා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...