The Leader News
BREAKING
Top Ad
පුවත්

BOI එක භාරදෙමින් දුමින්ද හුලංගමුවට පත්වීම් ලිපිය දෙයි: නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න!

T

The Leader Desk

June 30, 2026 • 3:47 PM

BOI එක භාරදෙමින් දුමින්ද හුලංගමුවට පත්වීම් ලිපිය දෙයි: නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හුලංගමුව ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
  • නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය දුමින්ද හුලංගමුව ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් සිව්දෙනෙකු පත් කර ඇත.
  • දැන් ඔහුට BOI හි විධායක බලය ද ලැබීම නිසා ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වඩාත් පහසු වනු ඇත.
  • පෞද්ගලික අංශයේ මූල්‍ය ප්‍රවීණයන් මෙලෙස ඍජුවම රාජ්‍ය ආර්ථිකය මෙහෙයවීමට දායක වීම වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරන්නකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
විෂ් ගෝවින්දසාමි සහ හර්ෂණී රන්දිලිගම ඇතුළු ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් හතර දෙනෙක් නව මණ්ඩලයට
 
EY ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම ගත් හුලංගමුව වැටුප් නොලබන "ගරු සේවා" පදනමින් ආයෝජන මෙහෙයවීමට සැරසෙයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික හා මූල්‍ය උපදේශක දුමින්ද හුලංගමුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිල වශයෙන් පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හුලංගමුව ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

රටේ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ මෙන්ම ව්‍යාපාරික පරිසරය සරල කර ඩිජිටල්කරණය කිරීමේ ඉහළම බලධාරියා වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයි. ජනාධිපතිවරයාගේ ආර්ථික කවුන්සිලයේ සහ IMF සාකච්ඡාවල ප්‍රධානතම මෙහෙයුම්කරුවෙකු වන දුමින්ද හුලංගමුව, සිය වසර 40ක Ernst & Young (EY) වෘත්තීය ජීවිතයට අද පෙරවරුවේ තිත තබා, සවස් භාගයේදීම මෙම ධුරයේ වැඩ භාරගැනීම මෙරට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වේගය තීරණය කරන හැරවුම් ලක්ෂ්‍යයකි.

නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය
XFGDTRG
දුමින්ද හුලංගමුව ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් සිව්දෙනෙකු පත් කර ඇත.
 
විෂ් ගෝවින්දසාමි -(Sunshine Holdings - සන්ෂයින් හෝල්ඩිංග්ස් හිටපු සභාපති )
හර්ෂණී රන්දිලිගම - (VallibeOne - සාමාන්‍යාධිකාරී)
මංගල කරුණාරත්න - (Calcey Group හිමිකරු )
කේ. ඒ. විමලේන්තිරාජා - (කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්)
FHVDWE

රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි මෙහි බලපෑම
උපදේශක සහ විධායක බලය එක්වීම:
දුමින්ද හුලංගමුව දැනටමත් ජනාධිපතිවරයාගේ ආර්ථික ආවේක්ෂණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා බදු ප්‍රතිසංස්කරණ ගැන ඍජුවම උපදෙස් දෙන්නෙකි. දැන් ඔහුට BOI හි විධායක බලය ද ලැබීම නිසා ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වඩාත් පහසු වනු ඇත.

ගරු සේවා පදනම:
මෙම සියලුම තීරණාත්මක ජාතික වගකීම් සහ සභාපති ධුරය ඔහු විසින් ඉටු කරනු ලබන්නේ කිසිදු දීමනාවක්, වැටුපක් හෝ වරප්‍රසාදයක් ලබා නොගන්නා "ගරු සේවා" පදනම මත වීම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි ඇගයීමට ලක්ව තිබේ.
 
EY ආයතනයේ ඊළඟ පියවර

දුමින්ද හුලංගමුව BOI සභාපති ධුරය සඳහා Ernst & Young (EY) ශ්‍රී ලංකා සහ මාලදිවයින ප්‍රධානී ධුරයෙන් අද විශ්‍රාම ගැනීමත් සමඟ, හෙට (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි එම පුරප්පාඩුව සඳහා මූල්‍ය විගණන ක්ෂේත්‍රයේ දශක තුනක පළපුරුද්දක් ඇති ගයාත්‍රී මනතුංග නව කලාපීය ප්‍රධානියා (Country Managing Partner) ලෙස වැඩ භාරගැනීමට නියමිතය.

පෞද්ගලික අංශයේ මූල්‍ය ප්‍රවීණයන් මෙලෙස ඍජුවම රාජ්‍ය ආර්ථිකය මෙහෙයවීමට දායක වීම වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරන්නකි.


සබැඳි පුවත් :
BOI සභාපති ධුරය බාර ගැනීමට දුමින්ද හුලංගමුව EY ලංකා ප්‍රධානි ධුරයෙන් විශ්‍රාම යයි: ගයාත්‍රී මනතුංග නව නායකත්වයට!


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...