The Leader News
BREAKING
Top Ad
පුවත්

‘සාක්කිකරුවන් බියවද්දන’ CID ය චෙම්මනි පරීක්ෂණ වලින් ඉවත් කිරීමට උසාවියෙන් ඉල්ලයි

T

The Leader Desk

August 17, 2025 • 3:51 PM

‘සාක්කිකරුවන් බියවද්දන’ CID ය චෙම්මනි පරීක්ෂණ වලින් ඉවත් කිරීමට උසාවියෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැමිණ තිබෙන චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසාන භුමිය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කරන ලෙස අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
  • අමතර සති අටක කැණීම් කටයුතු සඳහා අයවැය ඇස්තමේන්තුවක් සකස් කරන ලෙසත් වැඩ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සහ පහසුකම් සුදානම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
  • ඉදිරි විමර්ශන සිදුකෙරෙන අතරවාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සාක්ෂි විභාග ඇතුළු පරීක්ෂණ පැවැත්වීම සත්‍යය හෙළිදරව් වීමට බාධාවක් බවටද අධිකරණයට කරුණු ඉදිරිපත් වී තිබේ.
  • ඒ නිසා කවුරු හරි සාක්කි දෙන්න එනවානම්, ඒ පළාතේ කාටත් එන්න පුළුවන් තැනක ඒ සාක්ෂි ලබාගන්න කටයුතු යොදන්න කියලා අපි ඉල්ලා සිටියා,” යි 14 දා නඩු විභාගයෙන් පසු ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන් හා පවසා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

පැමිණ තිබෙන චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසාන භුමිය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කරන ලෙස අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත අගෝස්තු 14 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දක්වන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසන්නේ  දැනට කැන ඇති ප්‍රදේශයෙන් පිටතත් තව දුරටත් මිනිස් අස්ථි පැවැතිය හැකි බවට සාධක භූගර්භ සෝදිසියකින් හෙළිවී ඇති හෙයින් කැනීම් කටයුතු දිගටම සිදු කරගෙන යෑම සදහා තවත් සති අටක කාලයක් ඉල්ලා තිබු බවයි.

යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් එම ඉල්ලීම සිදු කර ඇත්තේ සුසාන භුමිය ආශ්‍රිතව තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විසින්  අගෝස්තු 4 සහ 5 යන දෙදින භුමියේ සිදු කළ ස්කෑන් පරීක්ෂණයෙන් සොයා ගත් කරුණු පදනම්ව බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. අමතර සති අටක කැණීම් කටයුතු සඳහා අයවැය  ඇස්තමේන්තුවක් සකස් කරන ලෙසත් වැඩ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සහ පහසුකම් සුදානම්  කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.


ඉදිරි විමර්ශන සිදුකෙරෙන අතරවාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සාක්ෂි විභාග ඇතුළු පරීක්ෂණ පැවැත්වීම සත්‍යය හෙළිදරව් වීමට බාධාවක් බවටද අධිකරණයට කරුණු ඉදිරිපත් වී තිබේ.


“සමහරු සාක්ෂි දෙන්න එනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිය වද්දනවා කියන පැමිණිල්ල මමත්, නීතිඥ මනිවන්නන් සහ නීතිඥ ගුරුපරන් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ නිසා කවුරු හරි සාක්කි දෙන්න එනවානම්, ඒ පළාතේ කාටත් එන්න පුළුවන් තැනක ඒ සාක්ෂි ලබාගන්න කටයුතු යොදන්න කියලා අපි ඉල්ලා සිටියා,” යි 14 දා නඩු විභාගයෙන් පසු ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන් හා පවසා තිබුණි.

ඊට අමතරව CIDය චෙම්මනියේ අපරාධ විමර්ශන කටයුතුවලින් ඉවත් කරන ලෙස තමන් අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය. සාමාන්‍යයෙන් අපරාධ විමර්ශනයක් සිදුකරන්නේ මරණ පරීක්ෂණවලින් පසුව වුවද, අධිකරණය අවසර දී ඇත්තේ ඒ දෙකම සමගාමීව සිදුවිය යුතු බවට පොලිස්පති විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව ඔහු කියා සිටියි.

චෙම්මනිය ඇතුළු යාපනය දිස්ත්‍රික්කයේ අතුරුදහන් කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් දශක දෙකකට ඉහත කාලයකදී පත් කරන ලද කමිටුවක වාර්තාවද නීතිඥ සුමන්දිරන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ආචාර්ය දේවනේසන් නේසයියාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවන් වූයේ කේ. එච් කැමිලස් ප්‍රනාන්දු, ජෙසීමා ඉස්මයිල් සහ එම් සී එම් ඉක්බාල්ය.


1996-97 කාල වකවානුවේ යාපනයේ අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිලි 327ක් විභාග කළ කමිටුව 200කට අධික පිටු ගණනකින් යුත් අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ 2003 ඔක්තෝබර් 28 දාය.


“ඒ වාර්තාවේ මේ ප්‍රදේශයේ, ඒ කියන්නේ අරියාලෙයි, චාවකච්චේරි, නාවට්කුලි, යාපනය සහ යාපනය නගරයේ පදිංචිකරුවන් 300කට වැඩි පිරිසක පැමිණිලි තියෙනවා. එයින් 200කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් වගකියන්න ඕනේ හමුදාවයි කියලා පැහැදිලි ලෙස විස්තර කරලා තියෙනවා.  ඒ හමුදා නිලධාරීන් කවුද, කොයි කඳවුරුවලද හිටියේ කියලා නම් සහිතවම තියෙනවා. ඒ කඳවුරු බාරව හිටියේ කවුද කියලා ඒකෙ සඳහන් කරලා තියෙනවා,” යි නීතිඥ එම් ඒ සුමන්දිරන් කියා සිටියේය.

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගකිවයුතු බවට චෝදනාකෙරෙන හමුදා නිලධාරීන් තිස්පස් දෙනකුගේ නම්  කමිටු වාර්තාවේ දැක්වේ.

එසේ වගකිවයුතු හමුදා නිලධාරීන් රට හැර යාමේ විශාල අවදානමක් තිබෙන නිසා සුදුසු පියවරක් ගත යුතුයැයි තමන් අධිකරණයට දැනුම් දුන් බව ජනාධිපති නීතිඥ සුමන්දිරන් මාධ්‍යවේදීන්ට පවසා සිටියේය. ඒ සම්බන්ධයෙන් එදින තීන්දුවක් නොදුන් අධිකරණය ඒ ගැන රහස් පොලිසියට දැනුම් දෙන බව ප්‍රකාශ කර තිබේ.


දෙවැනි අදියරේ කැනීම් කටයුතු  දින 32 ක් පුරා සිදු කිරීමෙන් පසු  කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා අගෝස්තු 06 වැනිදා සිට විමර්ශන කටයුතු තාවකාලිකව නතර කරන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි 140 ක් ගොඩ ගෙන තිබු අතර මතු කරගත් සමස්ත ඇටසැකිලි ගණන 147 කි. චෙම්මනි සමුහ සුසානයේ යලි කැනීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අගෝස්තු 22 වැනිදායි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...