ඔහුගේ හෝකන්දර නිවසේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ, "අරගලයට" පහර දීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට අදාළව ය.
2022 වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස එවකට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්කෝන් වෙනුවෙන් ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 20) ප්‍රතික්ෂේප කළේ ය.
ඒ, එම පෙත්සම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ සිය නිවසේදී දේශබන්දු තෙන්නකොන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස ඔහු නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය මීට පෙර දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 22 වන දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.
නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට අවසර දෙමින් ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබිණි.
(උපුටා ගැනීම් | බීබීසී සිංහල සේවය)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට
T
The Leader Desk
August 20, 2025 • 5:32 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහුගේ හෝකන්දර නිවසේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
- වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස එවකට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබිණි.
- මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්කෝන් වෙනුවෙන් ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 20) ප්‍රතික්ෂේප කළේ ය.
- ඒ, එම පෙත්සම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



