The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

CILT ජාත්‍යන්තර සමුළුව සැප්තැම්බර් 14 – 17; සිනමන් ලයිෆ් - සිටි ඔෆ් ඩ්‍රීම්ස් හිදී

T

The Leader Desk

August 20, 2025 • 10:17 AM

CILT ජාත්‍යන්තර සමුළුව සැප්තැම්බර් 14 – 17; සිනමන් ලයිෆ් - සිටි ඔෆ් ඩ්‍රීම්ස් හිදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දොළොස් වසරකට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ සමුළුවේ සාඩම්බර සත්කාරකත්වය දරන්නේ සැපයුම් හා ප්‍රවාහන කටයුතු සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන ශ්‍රී ලංකා වරලත් ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනය (CILT Sri Lanka).
  • සහභාගි වන පිරිස ද සම්බන්ධ කරගෙන පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී වැඩමුළු හා සාකච්ඡා ද මේ දේශනවලට ඇතුළත්.
  • වසරේදී පළමු ලෝක යුද්ධයේ නිමාවෙන් පසුව ලන්ඩන් අගනුවර ආරම්භ කරන ලද CILT ආයතනය මේ වන විට රටවල් 30කට අධික සංඛ්‍යාවක සිය මෙහෙයුම් කටයුතු සිදුකරන සැපයුම්, සැපයුම් ක්‍රියාදාම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයන් හි ප්‍රමුඛතම ගෝලීය වෘත්තීය ආයතනයක්.
  • මෙය ක්ෂේත්‍රයේ විශේෂභාවය, පුහුණුව සහ වෘත්තීය ප්‍රමිතීන් සම්බන්ධයෙන් ලොව පුරා ගෞරවය දිනා ගත් ආයතනයක් වන අතර එය අද වන විට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රම කාර්ය සම්පාදන වෘත්තිකයන් රැසක් ලොවට දායාද කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


දොළොස් වසරකට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ සමුළුවේ සාඩම්බර සත්කාරකත්වය දරන්නේ සැපයුම් හා ප්‍රවාහන කටයුතු සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන ශ්‍රී ලංකා වරලත් ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනය (CILT Sri Lanka).

“අනාගතයට සූදානම් ක්‍රම කාර්ය සම්පාදන: වෙනසට අනුගතව, තිරසාරත්වය කරා මෙහෙයවීම” යන්නයි මේ ජාත්‍යන්තර උළෙලේ තේමාව වී තිබෙන්නේ.

 

cilt 1
මේ සමුළුවේදී, ක්ෂේත්‍රයේ වර්තමාන හා අනාගත හැඩරුව හඳුනා ගැනීමට අවස්ථාව සලසන අතරතුර ප්‍රවණතා හා නවෝත්පාදන මෙන්ම ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ද ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කරමින් ලෝක ප්‍රකට විශේෂඥයින් විසින් දේශන පැවැත්වීමට නියමිතයි. සහභාගි වන පිරිස ද සම්බන්ධ කරගෙන පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී වැඩමුළු හා සාකච්ඡා ද මේ දේශනවලට ඇතුළත්.

මීට සමගාමීව, වෘත්තීය විශිෂ්ටත්වය උදෙසා වන කීර්තිමත් CILT සම්මාන උළෙලක් ද පැවැත්වෙන අතර සමුළුවේ සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය ලොවට විදහා දක්වන සංස්කෘතික චාරිකාවක් ද සංවිධානය කර තිබෙනවා.

1919 වසරේදී පළමු ලෝක යුද්ධයේ නිමාවෙන් පසුව ලන්ඩන් අගනුවර ආරම්භ කරන ලද CILT ආයතනය මේ වන විට රටවල් 30කට අධික සංඛ්‍යාවක සිය මෙහෙයුම් කටයුතු සිදුකරන සැපයුම්, සැපයුම් ක්‍රියාදාම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයන් හි ප්‍රමුඛතම ගෝලීය වෘත්තීය ආයතනයක්. මෙය ක්ෂේත්‍රයේ විශේෂභාවය, පුහුණුව සහ වෘත්තීය ප්‍රමිතීන් සම්බන්ධයෙන් ලොව පුරා ගෞරවය දිනා ගත් ආයතනයක් වන අතර එය අද වන විට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රම කාර්ය සම්පාදන වෘත්තිකයන් රැසක් ලොවට දායාද කර තිබෙනවා.

1984 වසරේදී වරලත් ප්‍රවාහන ආයතනය ලෙස පිහිටුවනු ලැබූ CILT Sri Lanka ආයතනය එහි ශක්තිමත් පාලනය, නායකත්වය හා පුළුල් වන සාමාජිකත්වය විදහා දක්වමින් 2012 වසරේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාවරත්වය සටහන් කිරීමට සමත් වුනා. ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් මෙහෙයවනු ලබන CILT SL මෙරට සැපයුම් හා ප්‍රවාහන ක්ෂේත්‍රය හැඩගැස්වීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. මේ ආයතනය යටතේ තවත් විශිෂ්ට උප අංශ දෙකක් ක්‍රියාත්මක වන අතර ස්ත්‍රී පුරුෂ විවිධත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිණිස වන WiLAT (සැපයුම් හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාන්තාවන්) එක් අංශයක්.

 

cilt 3
අනෙක් අංශය වන්නේ තරුණ වෘත්තිකයන් අතර නායකත්වය සහ නවෝත්පාදනය බිහිකිරීම වෙනුවෙන් කටයුතු කරන Next Generation Forum.

CILT ජාත්‍යන්තර සමුළුව 2025 පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී CILT ශ්‍රී ලංකා සභාපති චන්දිම හුලංගමුව, සැපයුම් දාමයේ උපකමිටුවේ ප්‍රධානී චානක ගුණතිලක, ජාත්‍යන්තර උපසභාපති නිරාල් කඩවතාරච්චි හා සමුළුවේ සභාපතිනි ගයාත්‍රි කරුණානායක අදහස් දැක්වූවා.

( සටහන | වර්නන් ගුණසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...