The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

රටපුරා EPF නොගෙවන ආයතන 23,000 ක්

T

The Leader Desk

August 24, 2025 • 3:45 AM

රටපුරා EPF නොගෙවන ආයතන 23,000 ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසර අවසානය වන විට මෙම සේවායෝජකයන්ගෙන් සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට ලැබී තිබූ දායක මුදල රුපියල් පනස්කෝටි පනස්ලක්ෂයකි.
  • මෙම ආයතන සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි නොවන්නේ සේවකයන් වෙනුවෙන් වැඩි මුදලක් දායක මුදල් ලෙස ගෙවීමට වන හෙයින් යැයිද ඉහත ආරංචි මාර්ග පැවසීය.
  • ඒ අතරින් සේවකයන් දහයක් දක්වා සේවය කරන ආයතන ජාතික විගණන විසි දෙදහස් දෙසීය හතළිස් හයක් වන අතර ආයතන පන්සිය දහඅටක සේවකයන් 10 ත් - 254ත් අතර සංඛ්‍යාවක් සේවය කරති.
  • වසර ගණනක් තිස්සේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානය යොමු කර සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම පැහැර හැර සිටින සේවා යෝජකයන් හඳුනාගෙන ලියාපදිංචි කරගැනීමේ නිසි වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවට ජාතික විගණන කාර්යාලය සේවක අර්ථසාධක අරමුදලට චෝදනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය වසර අවසානය වන විට මෙම සේවායෝජකයන්ගෙන් සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට ලැබී තිබූ දායක මුදල රුපියල් පනස්කෝටි පනස්ලක්ෂයකි.

මෙම ආයතන සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි නොවන්නේ සේවකයන් වෙනුවෙන් වැඩි මුදලක් දායක මුදල් ලෙස ගෙවීමට වන හෙයින් යැයිද ඉහත ආරංචි මාර්ග පැවසීය.

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයට බැර කෙරෙන්නේ සේවක වැටුපෙන් අය කරන සියයට තුනක ප්‍රතිශතය පමණක් වන අතර ඒ සඳහා සේවායෝජකයන්ගෙන් කිසිදු මුදලක් නොයෙදවේ.

පසුගිය වසර අවසානය වන විට එලෙස ලියාපදිංචි නොවූ ආයතන සංඛ්‍යාව විසිදෙදහස් හත්සිය හැට හතරක් බව ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ඒ අතරින් සේවකයන් දහයක් දක්වා සේවය කරන ආයතන ජාතික විගණන විසි දෙදහස් දෙසීය හතළිස් හයක් වන අතර ආයතන පන්සිය දහඅටක සේවකයන් 10 ත් - 254ත් අතර සංඛ්‍යාවක් සේවය කරති.

වසර ගණනක් තිස්සේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානය යොමු කර සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම පැහැර හැර සිටින සේවා යෝජකයන් හඳුනාගෙන ලියාපදිංචි කරගැනීමේ නිසි වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවට ජාතික විගණන කාර්යාලය සේවක අර්ථසාධක අරමුදලට චෝදනා කර ඇත.

(aruna | නිලන්ත මදුරාවල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...