The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

දෙමළ මාධ්‍යවේදියාට එරෙහිව ත්‍රස්ත පොලිසිය ත්‍රස්තය යොදාගනී

T

The Leader Desk

August 20, 2025 • 3:26 PM

දෙමළ මාධ්‍යවේදියාට එරෙහිව ත්‍රස්ත පොලිසිය ත්‍රස්තය යොදාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (CTID) නිලධාරීන් එහිදී එම මාධ්‍යවේදියාට බියවැද්දීම් හා බලපෑම් කිරීමට වෑයම් කර ඇති බව දේශීය මාධ්‍ය සංවිධානයක් විසින් හෙළි කර තිබේ.
  • "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තාවකාලික විධිවිධාන තමන්ට එරෙහිව යොදා ගැනීමේ අවදානම හේතුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බව කුමනන් පැවසීය.
  • මැයෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් තරිඳු උඩුවරගෙදර අගෝස්තු 20 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ මාධ්‍යවේදි කුමණන්ට සහ පීඩාවට පත් වන සියලුම මාධ්‍යවේදීන්ට සහයෝගය දක්වමින් අගෝස්තු 22 පෙ.ව.
  • පාර්ලිමේන්තු වටරවුම අසලදී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහ තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඒකාබද්ධව විරෝධතාවයක්ද සංවිධානය කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 (CTID) නිලධාරීන් එහිදී එම මාධ්‍යවේදියාට බියවැද්දීම් හා බලපෑම් කිරීමට වෑයම් කර ඇති බව දේශීය මාධ්‍ය සංවිධානයක් විසින් හෙළි කර තිබේ.

මාධ්‍යවේදියකු සහ මානව හිමිකම් ආරක්ෂකයකු වන කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ මුලතිව්, අලම්පිල්හි පිහිටි උප ඒකකයේ දී අගෝස්තු 17 වැනිදා  දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක් කර තිබුනේ ත්‍රස්ත විරෝධී පොලිසිය විසින් ඔහු කැඳවීම ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්වී තිබියදීය.

එම ප්‍රශ්න කිරීමේදී ආරක්ෂක අංශ විසින් මුලතිව් ප්‍රදේශයේ මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් වෙත එල්ල කරනු ලැබු පීඩාවන් සහ හිරිහැර කිරීම් හෙළා දකිමින් පැවැත්වීමට නියමිත විරෝධයක් සම්බන්ධයෙන් දැනම් දීම සදහා  මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇත්තේ තමන්ට කැඳවීමක් කිරීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේ ඇයිදැයි මාධ්‍යවේදියාගෙන් විමසු CTID ය එය ඔහුගේ යහපතට නොවන බවට ද  'උපදෙස් දී' ඇති බවයි.


ඔහුට කැඳවීමක් කළ බව සමාජ මාධ්‍යවල පළ කිරීම සහ සෙසු මාධ්‍යවේදීන්ට දැනුම් දීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය දැඩි මර්ධන පනත් මාධ්‍යවේදියාට එරෙහිව භාවිත කළ හැකි බවට තර්ජනාත්මක ස්වරයකින් අනතුරු අඟවා ඇති බවත් එම නිවේදනයේ සදහන්ව තිබේ.


"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තාවකාලික විධිවිධාන තමන්ට එරෙහිව යොදා ගැනීමේ අවදානම හේතුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බව කුමනන් පැවසීය. ඊට ප්‍රතිචාර වශයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තාවකාලික විධිවිධාන පමණක් නොව, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) වැනි වෙනත් පනත් ද ඔහුට එරෙහිව යොදා ගත හැකි බවට තර්ජනාත්මක ස්වරයකින් ඔහුට අනතුරු අඟවන ලදී."

ප්‍රශ්න කිරීම්වල සිදුවීම් පිළිබඳ තොරතුරු පිටස්තර කිසිවෙකුට හෙළි නොකරන ලෙස ඔහුට අනතුරු අඟවා ඇති ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය ඔහුට සහය පළ කරමින් ප්‍රකාශ නිකුත් කළ ජාත්‍යන්තර සංවිධානවල නම් ඉල්ලා ඇති අතර  ඒවා සමඟ ඇති ඔහුගේ සම්බන්ධතා පිළිබඳව ද ප්‍රශ්න කර ඇති බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයේ  සදහන්ය.

කුමනන්ට කරන බලපෑම් නවතනු! උතුරු-නැගෙනහිර මාධ්‍යවේදීන්ට කරන බලපෑම් නවතනු! මැයෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන  ලේකම් තරිඳු උඩුවරගෙදර අගෝස්තු 20 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ මාධ්‍යවේදි කුමණන්ට  සහ පීඩාවට පත් වන සියලුම මාධ්‍යවේදීන්ට සහයෝගය දක්වමින් අගෝස්තු 22 පෙ.ව. 9.00 පාර්ලිමේන්තු වටරවුම අසලදී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහ තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඒකාබද්ධව විරෝධතාවයක්ද සංවිධානය කර ඇති බවයි.


ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය විසින් මාධ්‍යවේදි කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් ප්‍රශ්න කිරීම හා ඔහුගේ කැඳවීමට අදාළ බරපතල ගැටළු කිහිපයක් ද සිය නිරීක්ෂණ ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අගෝස්තු 20 වැනිදා නිකුත් කළ නිවේදනයේ පහත අයුරින්  සදහන් කර ඇත.

< මුලතිව් ප්‍රදේශයේ අලම්පිල්  පොලිස් මුරපොළේ අදාළ ඒකකයට ඇතුළු වන විට, සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු විසින් කුමනන් ආක්‍රමණශීලී ශරීර පරීක්ෂාවකට ලක් කරන ලදී. මෙය පොලිස් ස්ථානයකට ඇතුළු වන විට සිදු කරන සම්මත ක්‍රියාපටිපාටියක් නොවන අතර, එය පැහැදිලි බලහත්කාර ක්‍රියාවකි.

< පසුව ඔහු පැය හයහමාරක් ප්‍රශ්න කිරීම්වලට ලක් කරන ලදී. එම ස්ථානයට සහභාගී වූ අප මුළු කාලය පුරාම අලම්පි පොලිස් ස්ථානය ඉදිරිපිට රැඳී සිටි අතර, අපගේ පැමිණීම ගැන පවා කුමනන්ගෙන් ප්‍රශ්න කරන ලදී.

< ඔහුගේ බැංකු ගිණුම් තොරතුරු, දුරකථන වාර්තා සහ විදේශ සංචාර පිළිබඳ තොරතුරු කිසිදු අධිකරණ නියෝගයකින් තොරව හමුදා බුද්ධි අංශ විසින් ලබාගෙන තිබුණි. යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා යන හමුදා බුද්ධි අංශවලින් ඉදිරිත් කළ වාර්තා ගණනාවක් පාදක කරගෙන ප්‍රශ්න කර තිබුණි.

< ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පුළුල් ලෙස නිරීක්ෂණය කර ඇති අතර, ඒවායේ අන්තර්ගතයේ මුද්‍රිත පිටපත් පොලිසිය සතුව තිබිණි.

< ප්‍රශ්න කිරීම් අතරතුර, ඔහුගේ වාර්තාකරණය සහ ඔහු වෙබ් අඩවියක් ආරම්භ කළේ ඇයි දැයි ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. ඔහුගේ වාර්තාකරණය හමුදාව සහ ප්‍රජාව අතර ගැටුම් නිරූපණය කරන බවත්, වැරදි මත නිර්මාණය කරන බවත් අවවාදාත්මකව හැඟෙවෙන ලෙස ප්‍රකාශයන් කර තිබේ. උද්ඝෝෂණ සහ සැමරුම් ඡායාරූප ගැනීම ඇතුළත් ඔහුගේ වාර්තාකරණය වරදක් ලෙස හඟවා ප්‍රශ්න කර ඇත.

< තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණයක් සඳහා ඔහු ඉන්දියාවට ගිය සංචාරයක් ගැනද ඔහුගෙන් ප්‍රශ්න කරන ලදී. ඔහු සමඟ ගමන් කළ අනෙකුත් පුද්ගලයින් කවුරුන්දැයි විමසූ අතර, ඔහු කතා කර ඇති පුද්ගලයින් ගැනද ප්‍රශ්න කරන ලදී. ඔහුගේ අනෙකුත් විදේශ සංචාර සහ විවිධ ප්‍රදාන හා වැඩසටහන් සඳහා ඔහු අයදුම් කළ ආකාරය මෙන්ම ඒවාට අයදුම් කිරීමට හේතු විමසා තිබුණි.

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...