The Leader News
BREAKING
Top Ad
පුවත්

'අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු!'- විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ජාත්‍යන්තරයේ (LAWASIA) දැඩි බලපෑමක්!

T

The Leader Desk

July 5, 2026 • 11:04 AM

'අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු!'- විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ජාත්‍යන්තරයේ (LAWASIA) දැඩි බලපෑමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූනි 26 දිනැතිව එම සංගමයේ සභාපති ටී.
  • යැප් (TL Yap) ගේ අත්සනින් නිකුත් කර ඇති නිල ප්‍රකාශයක දැක්වෙන්නේ, මෙම විශ්‍රාම වයස් සීමාවන් වෙනස් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මීට පෙර ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අන්තර්ගත සියලුම කරුණු තමන් ද පූර්ණ ලෙස අනුමත කරන බවයි.
  • වත්මන් ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය යටතේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පැහැදිලිව දක්වා තිබියදී, පොදු මහජන අදහස් විමසීමකින් තොරව මෙවැනි හදිසි තීරණ ගැනීම අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම මහජන විශ්වාසයට බරපතළ හානියක් බව ඔවුහු පෙන්වා දෙති.
  • නීතිඥ සංගමයේ ස්ථාවරය සහ ජාත්‍යන්තර එකඟතාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර අවධාරණය කර තිබුණේ මෙම අවස්ථාවේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම අධිකරණ ක්ෂේත්‍රයට සිදුකරන සෘජු දේශපාලන මැදිහත්වීමක් ලෙස මහජනතාව විසින් වටහා ගැනීමට ඉඩ ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මහජන උපදෙස්වලින් තොරව ව්‍යවස්ථාව වෙනස් කිරීම මඟින් අධිකරණ විශ්වාසය බිඳවැටෙන බවට අනතුරු ඇඟවීමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) සමඟ එක්ව රජයට කරුණු 5ක දැඩි ඉල්ලීමක්


ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන ආන්දෝලනාත්මක ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආසියා-පැසිෆික් කලාපීය නීති සංගමය (LAWASIA) සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

2026 ජූනි 26 දිනැතිව එම සංගමයේ සභාපති ටී. එල්. යැප් (TL Yap) ගේ අත්සනින් නිකුත් කර ඇති නිල ප්‍රකාශයක දැක්වෙන්නේ, මෙම විශ්‍රාම වයස් සීමාවන් වෙනස් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මීට පෙර ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අන්තර්ගත සියලුම කරුණු තමන් ද පූර්ණ ලෙස අනුමත කරන බවයි.

වත්මන් ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය යටතේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පැහැදිලිව දක්වා තිබියදී, පොදු මහජන අදහස් විමසීමකින් තොරව මෙවැනි හදිසි තීරණ ගැනීම අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම මහජන විශ්වාසයට බරපතළ හානියක් බව ඔවුහු පෙන්වා දෙති.

නීතිඥ සංගමයේ ස්ථාවරය සහ ජාත්‍යන්තර එකඟතාව

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර අවධාරණය කර තිබුණේ මෙම අවස්ථාවේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම අධිකරණ ක්ෂේත්‍රයට සිදුකරන සෘජු දේශපාලන මැදිහත්වීමක් ලෙස මහජනතාව විසින් වටහා ගැනීමට ඉඩ ඇති බවයි.

බීජිං ප්‍රකාශනය:
'ලෝඒෂියා' (LAWASIA) සංගමය පෙන්වා දෙන්නේ 1997 වසරේදී ආසියා-පැසිෆික් කලාපයේ අගවිනිසුරුවරුන් 32 දෙනෙකුගේ අත්සනින් සම්මත කරගත් 'අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ බීජිං ප්‍රකාශනයේ' (Beijing Statement) මූලධර්මවලට අනුව දේශපාලන අධිකාරිය සහ අධිකරණය අතර පවතින සීමාවන් ඒ අයුරින්ම සුරැකිය යුතු බවයි.

රජයට ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම්

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (Commonwealth Lawyers Association) ද අදහස් සැලකිල්ලට ගනිමින්, 'ලෝඒෂියා' සංගමය විසින් ශ්‍රී ලංකා රජය වෙත පහත සඳහන් බලකිරීම් සිදුකර තිබේ.

සංශෝධන අත්හිටුවීම:
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය වහාම නතර කිරීම.

තැනින් තැන සිදුකරන වෙනස්කම්:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක එක අවස්ථාවලදී තාවකාලික හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් කඩින් කඩ (Ad-hoc) සංශෝධන සිදුකිරීමෙන් වැළකීම.

මහජන උපදෙස් ලබාගැනීම:
ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලදී නීතිමය ක්ෂේත්‍රයේ ප්‍රවේශයන් සහ අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ විධිමත් උපදේශන ක්‍රියාවලියක් අනුගමනය කිරීම.

අධිකරණ ප්‍රතිරූපය රැකීම:
මෙරට නීතියේ ආධිපත්‍යය සුරකිමින්, අධිකරණයේ අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය පිළිබඳව පවතින මහජන විශ්වාසය පළුදු වන කිසිදු පියවරක් නොගැනීමට වගබලා ගැනීම.

WhatsApp Image 2026 07 05 at 12.58.59

 WhatsApp Image 2026 07 05 at 12.58.59 1

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...