පසුගිය 18වන දින එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යංශයේ දී රැස්විය.
මෙම පනතට ගෙන එන සංශෝධන පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර අදාළ පනත් කෙටුම්පත නුදුරේ දී ම අවසන් කිරීමට හැකි බව කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න පැවසී ය.
මෙම සාකච්ඡාව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියමුන්ති පීරිස්, ආරක්ෂක අමාත්‍යංශයේ නීති නිලධාරීන්වන, මේජර් ජනරාල් සඳුන් ගුණවර්ධන, ලුතිනන් කර්නල් K.N.S.මෙන්ඩිස් යන අය ඇතුළු උසස් නිලධාරීන් සහභාගි වූහ.
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන්වු කමිටුව මේ වන විට 14 වතාවක් රැස්ව ඇත; කමිටුවේ මීළඟ සාකච්ඡාව එළඹෙන 22 වන දින රැස්වීමට නියමිත ය. පනත් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස්, සිවිල් සංවිධානවල අදහස්, අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාව අදහස් ද ලබා ගැනීමට කටයුතු කළේ ය.
මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලැබුණු කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර, නව පනතක් හඳුන්වාදීම තුළින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගවලට මුහුණදීම, දේශිය සහ විදේශිය වශයෙන් පුද්ගලයින්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගතවීම අදහස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
සබැඳි ලිපියක් :
PTA: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකර සිටීමට අලුත් ආණ්ඩුවට පුළුවන් ද?




