The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

UN මැදිහත්වීමෙන් පසු ඉන්දියාවෙන් එන දෙමළ සරණාගතයන් අත් අඩංගුවට ගැනීම නවතී

T

The Leader Desk

August 25, 2025 • 3:59 PM

UN මැදිහත්වීමෙන් පසු ඉන්දියාවෙන් එන දෙමළ සරණාගතයන් අත් අඩංගුවට ගැනීම නවතී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ඔවුන්ට විගමන සහාය දීම අත්හිටුවීමෙන් අනතුරුව එම බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
  • ඔවුන් ආගමන විගමන නීති අනුව ඔවුන් මේ රටින් පිටවෙලා ගොස් නැති බවට, නැතිනම් පිළිගත් තොටු පොලකින් පිටව නොගිය නිසා ආගමන විගමන නීති යටතේ ඔවුන්ව ප්‍රශ්න කිරීම් වලට භාජනය උනා.
  • මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුනේ එම බාධා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුනක කාලය තුළ පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
  • එම වාර්තාවට අනුව 2025 අගෝස්තු 14 වැනි දින තිරුචි සිට කොළඹට සරණාගතයන් හත් දෙනකු සිය රටට ආපසු යැවීම අවසන් මොහොතේ අවලංගු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ඔවුන්ට විගමන සහාය දීම අත්හිටුවීමෙන් අනතුරුව එම බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

" ඔබ දන්නවා ඉන්දියාවේ තමිල්නාඩුවල ශ්‍රී ලංකාවේ පුරවැසියෝ, අපේම පුරවැසියෝ යුද්ධකාලවල ගිය සරණාගතයන් වශයෙන් ගොස් ජීවත්වන පිරිසක් ඉන්නවා. ඔවුන් දැන් නැවත මේ රටට, තමන්ගේ මව් බිමට පැමිණෙමින් ඉන්නවා. ඒ පැමිණෙනකොට අවස්ථා දෙකකදී සිද්ධි දෙකක් වාර්තා උනා. ඔවුන් ආගමන විගමන නීති අනුව ඔවුන් මේ රටින් පිටවෙලා ගොස් නැති බවට, නැතිනම් පිළිගත් තොටු පොලකින් පිටව නොගිය නිසා ආගමන විගමන නීති යටතේ ඔවුන්ව ප්‍රශ්න කිරීම් වලට භාජනය උනා. රදවා ගැනීම් වලට භාජනය උනා. මේ පිළිබදව අපි විශේෂ අවධානය යොමු කරලා තියනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුනේ එම බාධා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුනක කාලය තුළ පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

"විශේෂයෙන් ජනාධිපතිතුමා උපදෙස් දීලා තියනවා දැන් ඉන්දියාවේ රැදී ඉන්න අපේ එම පුරවැසියන්ට නැවත මේ රටට බාධාවකින් තොරව පැමිණිම අවශ්‍ය ඉඩ කඩ සලසන්නට කියලා. මේ වෙන කොට අපි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරලා තියනවා. ඒ සියළු බාධාවන් ඉවත් කරලා ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියළු පියවරයන් අපි ඉදිරි සති දෙකක් තුනක් වගේ කාලයක් තුළ අපි ගන්න බලාපොරොත්තු වෙනවා."


ශ්‍රී ලංකාවට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමේ සැකයක් ඇති බැවින් ලාංකික දෙමළ සරණාගතයන් ආපසු මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බව ද හින්දු පුවත්පත පසුගියදා වාර්තා කර තිබුනි.


එම වාර්තාවට අනුව 2025 අගෝස්තු 14 වැනි  දින තිරුචි සිට කොළඹට සරණාගතයන් හත් දෙනකු සිය රටට ආපසු යැවීම අවසන් මොහොතේ අවලංගු කර තිබේ. ඒ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමේදී ආගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත අවම වශයෙන් සරණාගතයන් හතර දෙනකු රඳවා තබා ඇති බවට වාර්තා වීම හේතුවෙනි.

සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) විසින් සිය රටට ආපසු යෑමට පහසුකම් සපයන ලද ෆ්‍රීමන් රිචඩ් වෙල්වවන්ද්‍රම් (54) 2025 අගෝස්තු 12 වැනි  දින කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි විට අත්අඩංගුවට ගන්නා ලද බව නිල මූලාශ්‍ර පවසයි.

ඔහු මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට පැමිණවීමෙන් පසු ඇප මත මුදා හරින ලදී. කෙසේ වෙතත්, ස්වේච්ඡාවෙන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ලියකියවිලි සමාලෝචනය කිරීමේදී ඔහුගේ නැවත පැමිණීම හා සම්බන්ධ කිසිදු ආරක්ෂක ප්‍රශණයක් අනාවරණය නොවූ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

මේ හා සමානව, දශක ගණනාවකට පෙර සිවිල් යුද්ධය මධ්‍යයේ රට හැර ගිය තවත් දෙමළ සරණාගතයෙකු 2025 මැයි 28 වැනි  දින යාපනයට අවතීර්ණ වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.


අගෝස්තු මස මුල් සතියේ දී සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ (UNHCR) සහාය නොමැතිව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවනින් පැමිණි ශ්‍රී ලාංකික දෙමළ යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම යුවළ 1996 සිට ඉන්දියාවේ තමිල්නාඩුවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ පදිංචිව සිටි බවට වාර්තා වේ. ලංකාවට පැමිණි පසු, ආගමන බලධාරීන් විසින් ඔවුන් රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසියට භාර දුන් බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.


“මූලික මූලධර්මය වන්නේ ස්වේච්ඡාවෙන් ආපසු පැමිණෙන සරණාගතයන්ගේ ආරක්ෂාව සහ ගෞරවය සහතික කිරීමයි. අපරාධ නඩුවක් විභාග වෙමින් පවතී නම් මිස අත්අඩංගුවට ගැනීම් සිදු නොකෙරෙන බවයි. ජාතීන් අතර ගැටුමකදී තම ජීවිතවලට තර්ජනයක් එල්ල වේ යැයි බියෙන් සිය රටින් පලා යන සරණාගතයන් නිසි ආගමන නීති අනුගමණය නොකිරීම ගැන සමාවට හිමිකරුවකු වේ," යි නැවත රටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ ජ්‍යෙෂ්ට ඉන්දීය නිලධාරියෙක්  ‘ද හින්දු’ පුවත්පතට පවසා තිබේ.

සිය අනන්‍යතාවය හෙලි කිරීමට අකමැති මේ නිලධාරියා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන සරණාගතයන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ඔස්සේ සාකච්ඡා කරන බවයි.

"සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සරණාගතයන් අත්අඩංගුවට නොගන්නා බවටත්, ඔවුන්ට ගෞරවයෙන් සලකනු ලබන බවටත් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් සහතිකයක් ලැබෙන තුරු නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවනු ඇත," යනුවෙන් නිලධාරියා පැවසු බව එම පුවත්පත් වැඩි දුරටත් වාර්තා කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...