BREAKING
Top Ad
රවාෂ

රවාෂ (13) : වේලු II - (සුජිත් අක්කරවත්ත)

T

The Leader

May 4, 2024 • 4:54 AM

රවාෂ (13) : වේලු II - (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේලුගේ කථාව දිග ඇදෙන්නේ වේලු , "වේලු සුමන" වූ නිසාම වන බැවිනි. එහෙම සිතුනේ කෙනෙකුට උප නමක් බැදෙන්නේ විශේෂ හේතුවක් නිසා වන බැවිනි.
  • මට ඔහු ගැන සිතන්නට ඇති තරම් කරුණු බැඳුනේ මහ තෙරිඳු බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපාණන් නිසාමය.
  • වේලු සුමන කෙරෙහි උන්වහන්සේ තුල ඇතිවූ තිබූ විමංසාව නිසාම හමු වූ හැමවිට ඇසුවේ ඒ ගැනය.
  • උන් වහන්සේ ඉතිහාසය වෙනම මානයක හැදෑරූ යතිවරයෙකු බව දන්නෝ විරලය.
අකුරු ප්‍රමාණය (Font Size):

1986 අවුරුද්දේ ඔහු ගැන උපන් සිතීමේ ආරම්භය තවමත් දිගටම ඇදී යයි. මට ඔහු ගැන සිතන්නට ඇති තරම් කරුණු බැඳුනේ මහ තෙරිඳු බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපාණන් නිසාමය.

වේලු සුමන කෙරෙහි උන්වහන්සේ තුල ඇතිවූ තිබූ විමංසාව නිසාම හමු වූ හැමවිට ඇසුවේ ඒ ගැනය. උන් වහන්සේ ඉතිහාසය වෙනම මානයක හැදෑරූ යතිවරයෙකු බව දන්නෝ විරලය.

එම හැදෑරීම් ලිවිම අතහැර ඒ සියල්ල ගැන උන්වහන්සේ උත්තේජනය දුන්නේ මහ තෙරිඳු කඹුරුපිටියේ වනරතන හිමියන්ටය. මහ තෙරිඳු කඹුරුපිටියේ හිමියන් බොහෝ දෑ සොයා යන්නට විය. ඒත් උන් වහන්සේගේ නිමක් නැති සෙල්ලිපි කියවීම විසින් උරුම වූයේ ස්වකීය නේත්‍ර අන්ධ වීමය. අන්ධ වූ නිසාම උන්වහන්සේගේ ගවේෂන නතර වූවද පිපාසය සිද නොයන්නේය. එත් අභාග්‍ය වේලු ගැන කථිකාව පෙරටගන්නට වේලුපිල්ලේ ප්‍රභාකරන් බාධාවක් වී තිබීමය.

 

මහ තෙරිඳු කඹුරුපිටියේ වනරතන හිමියන්                    

 

සියල්ලෝටම එම කාළයේ ඊළමට විපක්ෂ වීම හෝ පක්ෂ වීම තෝරා ගන්න සිදුව තිබුණි. "වේලු" ගැන කථාව යට යන්නේ ඔන්න ඔහොම වේලුපිල්ලේ නිසාය. මහත් පුදුමය "වේලු" යට යන්නට "වේලු" කෙනෙක්ම මුල් වූ හැටිය. කොහොමින් හරි ඉතිහාස පොතේ මුල් රචකයන්ගේම භාෂාවෙන්ම කියවීමෙන් පසු ඉතිහාසය ගැන සිතන්නට යැයි මෙම මහ තෙරිඳුන් දෙදෙනාම කී බස අකුරටම පිළිපදින්නට මම සිතා ගතිමි.


ඉන් දශකයක් යන්නට මත්තෙන් උන්වහන්සේලා නික්ම වැඩිසේක. ඉතිහාසයේ යථාවතින් හෝ එහි තාන මානයෙන් දන්නෝ අහිමිව ගොස් ඇති බව දැන ගන්නේ ගෙවී ගිය තිස් වසරක් මුළුල්ලේ ඇවිදගෙන යන විටයි.

 

 ඇත්තටම සුමනට "වේලු "නම පට බැඳුනාද?. වේලුට "සුමන" නම පට බැඳුනාද. ගැමුණු, "දුටු ගැමුණු" වුවාද දුටු,  "ගැමුණු" වුවාද?. සිද්ධි සමාන්තර ආකාරයෙන් සමාන වන්නේ කෙසේද. උප පද නාමයක් දුටු ගැමුණු රජුට පට බැඳෙන විට එයම වේලු සුමනටද සිදු වූයේ මන්ද. එය දුටු ගැමුණු කුමරුගේ සමාජ දේශපාලන ව්‍යාපාරයේ බැඳුණු හැමෝටම සිදුවුයේ මන්ද.


දේවිය, "විහාර දේවිය" විය. තිස්ස, "කාවන්තිස්ස" විය. තිස්ස, "සද්ධාතිස්ස" විය. නන්ද, "නන්දමිත්‍ර" විය. නිමල, "සුරනිමල" විය. මේ ආකාරයට ඒ කථාව දිගු කථාවක්ය. මේ දිගු කථාව දිගට ලියන්නට උවමනා කථාවක්ය. එය පසුවට ලියන්නට තබමි. දැන් වේලු සුමන ගැන සොයන්න මා එබී බැලූ ගමනේ රහස් කථාව ලියාගෙන යමි.

මහාවංශය හමුවීමෙන් පසු එය මිත්‍යාවක් යන්න තිබූ මානය බිද වැටෙන්නේ පාකර් මහතාගේ සොයා ගැනීම් නිසාය

              


මහාවංශය හමුවීමෙන් පසු එය මිත්‍යාවක් යන්න තිබූ මානය බිද වැටෙන්නේ පාකර් මහතාගේ සොයා ගැනීම් නිසාය. ඒත් එය පරස්පර යැයි කතා බැදෙන්නේ මහාවංශය හි පැරණි පුස්කොල පිටපත්  එකිනෙක හමු වීමත් එක්කය. එයත් දිගු කතාවක්ය. එයද පසුවට ලියමි.

 ඒත් මේ සියළු මහාවංශ පිටපත් වල කිසිඳු පරස්පර බවක් නැතිව තිබූ චරිතයක් වූයේ "වේලු සුමනය". වේලු සුමන ගැන විවිධ කාල පරිච්ඡේද වල ලියවෙන මහාවංශය සංස්කරණයන් තුල මුල් මහාවංශයහි ඇති පුවත යලි යලි එසේ ලියැවී ඇති විට එය අති ප්‍රභල බව වටහා ගත යුතුය. ඉතින් මම එබී බැලුවේ ඔහුගේ උපත ගැන කියන අමුතු කතාව නිසා ඇතිවූ හැඟුම්කරණය ගැනය. වේළු සුමනගේ තාත්තා ගේ නම වසභය. වසභගේ පුතු උපන් දවසේ සවිස්තරය ලියවෙන්නේ  තුන්කොන් පුරුෂ බැදීමක් සමඟය.

 

ඒ වසභගේ ගෙදරට එන ඔහුගේ මිතුරන් දෙදෙනා වූ වේලු හා සුමන යන හෘද සඟයෝ ගැන ලියමිනි. මේ වේලු හා සුමන මහත් තුටෙන් උතුරන්නේ තම මිතුරු සඟයා පුතෙක් ලබා පිය තනතුර ලද සතුටෙන්ය. වේලු හා සුමන තෑගි පිරිවරා ගෙන හිරි දනව්වේ කළුම්බියංගන ගමට ගොස් වසභගේ ගෙදර වාසීන් වේ.

ravasha 56

පුදුමය වන්නේ වසභ තමන්ගේ උපන් පුත්‍රයාට තම මිතුරන් දෙදෙනාගේ නම් එක්කර "වේලු සුමන" නම තැබීමය. දැන් සිතිය යුත්තේ ඉතිහාස කතුවරුන් මේ සිදුවීම වාග් චිත්‍රණයට නංවා ලියා තබන්නේ මන්දැයි යන්නය. ඒ වගේම ඉන් ධව්නිත කරන්නේ කවර මානව භාව හැඟුම්කරනයක්ද යන්නය. වේලු සුමන ගැන දන්නා හැමටම මේ ගැන අවධානයෙන් සොයා බලන්න ආරාධනා කරමි.


වේලු සුමනගේ අම්මා ගැන සවිස්තර ලේඛණගත නොකොට ඔහුගේ තාත්තාගේ සම මිතුරන් ගැන විශේෂ කොට ලියා තබන්නේ මන්ද. එමෙන්ම වේලු සුමනගේ තාත්තා වූ වසභගේ සම මිතුරන් දෙදෙනා වූ "වේලු" කවුරුන්ද සුමන කවුරුන්ද?. වඩාත් සිත් බදන කතාව නම් තම මිත්‍ර වසභ ගේ පුත්‍රයාට තම දෙදෙනාගේ නම එකතු කර තබන වේලු හා සුමන සම මිතුරන්ගේ ඊලඟ ප්‍රතික්‍රියාවය. ඒ වේලු සුමන හිරිමල් වෙද්දීම මිතුරා තමන්ගේ නිවසට රැගෙන ගොස් ඇති දැඩි කර ස්නේහයෙන් රැක බලා ගැනීමය.

 

walu su2024.04.05

 මේ මනස්කාන්ත කථාව  ඉතිහාස කතුවරයන් ඉතිහාස බැඳි සම්මත සිදුවීම් සියල්ල අතරින් තෝරා බේරා ගෙන අනාගත අපට යොමු කලේ මන්ද. සුවිශේෂ පුරුෂ වීරයෙක් බිහිවන විට ඔහුගේ මවගේ කථා පුවත නොලියා මේ සම මිතුරන් තිදෙනාම මැදිකොට ගෙන වේලු සුමනගේ කථාව ලියා පවසන්නේ කුමක්ද. වසභ තම පුතාට තම නමවත් තම ගෝත්‍රයේ නමවත් නොදා තම මිතුරන් දෙදෙනාගේ නම වූ වේලු හා සුමන එක්කොට වේලු සුමන සේ නම් කලේ කවර හේතුවක් නිසාද. මේ තේමා දෙස නොබලා ඉතිහාසයේ එම මොහෙත වටහා ගැනීමට නොහැක්කේමය. ඉතිහාසය තත්වාකාරයෙන් වටහා ගැනීම විෂයෙහි මෙම සංසිද්ධිය වඩා ප්‍රභල මානව භාවයක්ය.  එමෙන්ම  එකල සමාජ දේහයේ පැතිකඩය. එමෙන්ම අධිසාන්ද්‍රීය පුරුෂයන් බිහි වීමේ පාදක නිමිතිය.

 
වේලු සුමනගේ ඓතිහාසික භූමිකාව මේ කරුණු වියුක්ත කොට චිත්‍රණය කොට ගත නොහැක්කේමය. ඒ නිසා මේ ගැන සොයා යන්නට අදිටනින් වෙලී බැදී ගමන ගියෙමි. දැන් මගේ පිපාසාව වේලු සුමනට වේලු නම දුන් වේලු සොයා ගැනීමය. සුමන නම දුන් සුමන සොයා ගැනීමය. එමෙන්ම වේලු සුමන ජාතක කල තාත්තා වසභ බව දන්න අපට වේලු සුමන තම ගැබට ගෙන කුස දරාගත් අම්මා සොයාගෙන යාමය. 1998 වසරේ වව්නියාවෙන් වන වැදී ගියේ ඒ කථාව සොයාගෙනය. වන්නි වනයේ වේල් කරත්තකරුගේ කතා විත්තියෙන් වේලුගේ අම්මාගේ ගෝත්‍රය අසමින්ය. දිගට ලියමි. ලියා තබමි.



Sujith 2021

(සුජිත් අක්කරවත්ත)

ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com


රාවාෂ පසුගිය ලිපි :

ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...