BREAKING
Top Ad
රවාෂ

රවාෂ (03) : කිරි හින්දේ ඇයි ? - (සුජිත් අක්කරවත්ත)

T

The Leader

September 30, 2023 • 12:07 PM

රවාෂ  (03) : කිරි හින්දේ ඇයි ? - (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලුම කලු පාට නිසා කාකවණ්න තිස්ස යැයි දුටුගැමුණු රජතුමාගේ පියාණන්ට ජනතාව කිව්වේ ඇයි?
  • ඒ නිසා ඉතිහාසය විසින් බිහිකර ඇති චරිත ඒ මොහොතට අනුකූලව ගොඩ නැගුණු හැටි ඒ මොහොතේම සිට තේරුම් ගැනීම කල යුතුය.
  • වඩා හොදින් ඔහු දැකීමට ඇති වඩාත් සමබර ප්‍රවේශය එයයි.
  • ඒ අතර ඔහු තම තාත්තාට ස්ත්‍රී ඇදුම් යවන කථාව ගැඹුරු රහසක සංකේතය බව දැනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ කියා සිටිය හේතුව කවුරුන්වත් සොයා ගිය බවත් අසන්නට නැත. ලියා තබාද නැති තරම්ය.

 

විරුවෙකුට වීරත්වය ලැබෙන විට ඔහුගේ චරිතයෙහි මනුෂ්‍යත්වය වසා දැමීමට හැකිද? මනුෂ්‍යත්වයේ ස්වභාවය නම් කුමක්ද. මේ සියල්ල එකට තබාගෙන වීරයන් සොයා යාම කල යුතුය. ඒ නිසා එම ස්වභාවය වසා දමා තැබීමට යුතුකමක් නැත. එසේ යමක් වසා තැබීම විසින් වන්නේ වීරයන්ගේ වීරත්වයට මෙහොත උදා වුනු හැටි නොදන්නා තැනට වැටීමය. ඒ නිසා ඉතිහාසය විසින් බිහිකර ඇති චරිත ඒ මොහොතට අනුකූලව ගොඩ නැගුණු හැටි ඒ මොහොතේම සිට තේරුම් ගැනීම කල යුතුය. වඩා හොදින් ඔහු දැකීමට ඇති වඩාත් සමබර ප්‍රවේශය එයයි.

cvxdfeee

ඒ නිසාම දුටු ගැමුණු රජතුමාගේ චරිතය සොයා යන විට ඔහුගේ නම "නම් රැල්ලක්" නොවුන හැටි පෙනේ. ඒ අතර ඔහු තම තාත්තාට ස්ත්‍රී ඇදුම් යවන කථාව ගැඹුරු රහසක සංකේතය බව දැනේ. ඒ මැදින් ඇවිද යන විට තවත් අභිරහසක් එළියට එයි. එනම් එළාර නම් විජාතික රජෙකු රටේ රාජ්‍ය නායකත්වය දරන විට, සිංහලයින්ට සිටි එකම නායකයාට කලු කපුටා වගේ යැයි ජනතාව කීවේ මන්ද යන්නය. එය එම යුගය වටහා ගැනීමේ සංකේතමය නාමයක් සේ දැක වංශ කථා රචකයන් කිසිම ආකාරයක වසන් කිරීමකින් තොරව එය ලියා තබයි.

එළාර රජතුමා සොලී ද්‍රවිඩ ජාතිකයෙක් සේ හඳුනා ගැනීමකි. විටෙක ඔහුට සාපේක්ෂ එකම දේශීය නායකයා වූයේ දුටු ගැමුණු රජතුමාගේ තාත්තාය. එසේ නම් එම එකම නායකයාට කපුටු පාට නමක් මුලට යොදා නම් කරන්නේ මන්දැයි සිතිය යුතුය. තිස්සට කාක වර්ණ කියන්නේ හෙවත් කපුටු පාට තිස්ස කීවේ ඔහු අසාමාන්‍ය කලු පාටින් යුතු වූ නිසාද. සිංහලයන් කළු වර්ණයට සමාන ජාතිකයන් සේ හදුනා ගනී. නමුත් සිංහලයන්ගේ පොදු කළුබව ඉක්මවා ගිය කළු පාටට සිංහලයන්ම කියන්නේ කපුටු පාට කියායි. ඒ අනුව කළු පාට සිංහලයන්ගේ සමේ කළු වර්ණයෙන් ඈත නිසා "කාක වර්ණ" නොහොත් කපුටු පාට යැයි කියයි.

 

එසේ නම් කාවන්තිස්ස හෙවත් කාකවර්ණ තිස්සට ඒ තරම් ආගන්තුක කපුටු කළු පාටක් ආවේ කෙසේද. එම සමේ පැහැය හෝ ක්‍රියාවේ ස්වභාවය නිසා ජනතාව ඔහුව ආරෝපිත නමකින්ද හදුන්වා තිබේ. එවිට අප සොයා බැලිය යුත්තේ එසේ කීවේ ඇයිද කියාය. එසේ කීවේ කළුපාටට වඩාත් ලංව වූ ද්‍රවිඩ පවුලේ ජාතිකයෙක් ලංකා රාජ්‍යෙයහි කිරුළු දරමින් සිටියදීය. ඒත් ඔහුට අපහාස නමක් සිංහලයන් දී නැත. එවන් නමක් ජන අන්දරයකවත් නැත. එසේ නම් මාගම රජ තිස්ස උප පදයක් යොදා හදුන්වන්නේ ඔහුගේ කපුටු පාට සිංහලයන්ට විශේෂ හේතුවක් වූ නිසාය.

 

මෙවන් කරුණු ලිහා නොගන්නා තුරා ඉතිහාසය තේරුම් ගන්නට බැරිය. එසේ තේරුම් නොගන්නා තුරා වන්නේ ඉතිහාසය පටලවාගෙන වර්තමානය පටලවා ගැනීමයි. ලංකා රාජ්‍යයේ සිදුවූයේ එයමය. ඒ නිසා ඒ, ඈත සමයේ සිදුවීම ගැන ඇති පසුබිම සොයමින් මම කාක ගලින් කුමන වන අඩවියකදී මුහුදු වැද්දන් සමඟ ඇවිද යන්නට පටන් ගතිමි. ඔවුන් විසින් ඔකඳ දේවාලයේ වන දේවාලයේ වන දෙවොලේ වර්ග රෑන අතර මාව රැගෙන ගියේ මේ කතාව ගැන යමක් කියා දෙමින්ය. ඉතිහාස ශාස්ත්‍රය ශාස්ත්‍රීයව තබන තතු දත්තයන් කියවමින් සිටින ඒ සමයේම මට "කාකවර්ණ තිස්ස" මහත් ගැටළුවක් ඇති කළ කතාවකි.

zvf

ලංකාවේ "තිස්ස" නමින් රාජ්‍යත්වයට පත් වූ කිසිවෙකුට "තිස්ස" නමින් රජවීමට ඉඩක් නොලැබිණි. සැබවින්ම අපි දන්නා ජනප්‍රිය තිස්සලා නම් දෙවන පෑතිස් හා සද්ධා තිස්සය. ඒත් ඔවුන්ට දෙවානම් පියතිස්සලා සද්ධාතිස්සලා ලෙස රජවන්නට විය. එවිට සද්ධාතිස්ස රජුගේ තාත්තා රජවන විටත් කාකවර්ණ තිස්ස ලෙසට තිස්ස නමට පෙර උප පදයක් ඈඳා ගෙන රජවිය. මේක ලංකාවේ රජු වූ තිස්සලා ඔක්කෝටම පොදු පිහිටීමක් වී තිබේ. කාකවණ්න තිස්ස රජුගෙන් දුටුගැමුණු රජුට යා යුත්තේ මේ සියල්ල ගැන සොයා බලා ගෙනය.

 

දැන් හිත මදක් කුහුලින් පිරී යයි. තව වේලාවකට ජාති ආල මතින් පිරුණු හිතකට තරහාද උපදිනවා ඇත. එත් තේරුම් ගත යුත්තේ ජාතියක ඉතිහාසය පවතින්නේ එය යථා අරුතින්ම තේරුම් ගැනීම තුළින් බවය. මුහුදු වැද්දන් මේ කතාව පපුවේ ලියා ගෙන ඇවිත් මහානාම හාමුදුරුවන්ට වත විත්තියක් සේ කියාදුන් බවට ඔවුනගේ කතාවය. මහානාම හිමියන්ම ස්වකිය ග්‍රන්ථය ලියන විට කාකවර්ණ තිස්ස නම එසේ ලියන්නේ ඒ නිසා විය යුතුය. මහාවංශය ගැන ලියා ඇති පොත් ප්‍රමාණය කෙලවරක් නැත. ඒත් මහානාම තෙරිඳු ගැන ලියා ඇති පොතක් නැත. උන්වහන්සේ අනාගතිකයන්ට තත් ආකාරයෙන්ම අතීතය වටහා ගන්නට මේ නම වාරණයකින් තොරව ලියා තබයි.

fdre

"කාකවර්ණ" කතාව ගැඹුරට සොයන්න වටින සමීප කතාවකි. එනම් නූතන ලංකාවේ මාගම් පවුල ලෙස ජැක්සන් ඇන්තනී මහතා බුදු හිමියන්ගේ සිට දුටුගැමුණු රජතුමානන්ගේ නෑකම් කතාවක්සේ ගොතා හැදූ රාජපක්ෂ පවුලේ කතාවමය. එම පවුලේ බැසිල් රාජපක්ෂ මහතාට ද ජනතාව අපහාසයට ලක් කලේ "කපුටා" හා කපුටු කාක් ලෙසිනි. පුදුමය කියන්නේ මේවායි. ජැක්සන් ඇන්තනී මහතාගේ කතාව කිසිදු ‍ඓතිහාසික පදනමක් නැති හිතළු කථාවක් පමණි. එහෙත් "කපුටු පාට තිස්ස" ලෙස එකල ජනතාව දුටුගැමුණු රජුගේ තාත්තා නම් කිරිමද මෙකල ජනතාව බැසිල් රාජපක්ෂ මහතාට කපුටා යැයි නම් තැබීමත් ඓතිහාසිකය. ඒ නිසා කපුටු පාටතිස්ස යැයි නමක් මාගම් රාජධානියේ ජනරාව නැංවීම හිතන තරම් ලේසියෙන් අමතක කර දැමිය හැකි කතාවක් නොවේ.

 

මේනිසා දුටුගැමුණු රජතුමාගේ නමින් තවත් රාජ රැල්ලක් මතු නොවීම හුදකලාවේ කතා කල හැකි කතාවක් නොවේ. එයම කුමරු දුටුගැමුණු තම තාත්තාට ස්ත්‍රී ඇඳුම් යැවීම දක්වා බැඳේ. බැඳීම් එතනින් නතර නොවේ. කාකවර්ණ තිස්ස නමට ඇවිත් තව දිග ඇඳේ. කාකවර්ණ පටබැඳි නම ලිහා ගන්න යන විට හමුවන්නේ කාකගල ගොඩ කෙවුලන් හා දිය කෙවුලන්ගේ ගැටුමය. ඒ කියන්නේ දියඹේ ගිය කෙවුල් වංශිකයන් සහ වැල්ලේ හිඳි කෙවුල් වංශිකයන්ගේ අඬදබරයය. ඒ අඬදබරය මැදින් මතුවන්නේ තවත් කතාවකි. එනම් විහාර මහා දේවිය ඇවිත් මුහුදු දියඹේ ඔරුවක රැඳුණු සිදුවීම නිසා හටගත් ගැටුමය. කාකවර්ණ තිස්ස රජුට මේ පුවත සැලවන්නේ මේ වංශිකයන්ගේ දබරය නිසාය. මේ අඬදබරය අවසානයේ ගැටුමක් විය. ඒ ගැටුම මැද ඇති වූ ආරෝව කාකවර්ණ තිස්ස විරෝධී ආරෝවක් වී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ දරුණු රාජ අණක් පැනවීමය. එනම් "කිරින්ද" ගැන කතාවකි.

 

කිරින්ද ගම ගැන කවුරුත් දනී. කෙවුල් වංශයේ මුහුදු කෙවුලන්ගේ වංශකතාව තම ගමට නම පටබැඳුණු හැටි කියාපාන කතාවේ මේ ආරෝව සංඥා කරයි. ඒ කාකවර්ණ තිස්ස රජතුමා කෙවුල් ගමේ කිරි අම්මලාගේ දෙපියවරු වලින් කිරි දෙන්න තහනම් කිරිම ගැනය. කිරි හින්දන වු නිසා "කිරින්ද" වූ බව ඔවුන් කියන්නේ ඇයි? මේ කිරි හින්ද වූ සිදුවීම ගැන ගැඹුරට සොයා යා යුතුය‍. ලියා තැබිය යුතුය.

 

Sujith 2021(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com

 

 

රවාෂ : කාක පාට ඇයි ?

රවාෂ : එක් කෙනෙක් විතරක් ඇයි? - (සුජිත් අක්කරවත්ත)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...