BREAKING
Top Ad
රවාෂ

රවාෂ (04) : දිය කෙවුල් බිසව

T

The Leader

October 6, 2023 • 11:45 PM

රවාෂ  (04) : දිය කෙවුල් බිසව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතක පොතක් වගේ දිගට ලියාගෙන යන්න තරම් දිගය. කිරි හින්ද කථාව හැබෑවක් නම් කාක වර්ණ තිස්ස රජතුමාට එවන් බරපතල තීන්දුවක් ස්ත්‍රීන් විෂයෙහි ගන්න සිදුවූයේ කිමද?
  • ඒ නිසා තම ගණ ගෝත්‍රයේ කථාව ඇතුළු හද තබා ගෙන අනන්‍යතා මායිම රකී.
  • මායා රටට මුහුද ගොඩගැලීම නිසා දේවි කුමරිය (විහාර මහා දේවිය) රුහුණු වෙරළට පාවී ආ බව ප්‍රකට කතාවය.
  • එය පෙන්වන්නේ කෙවුල් වංශිකයන් එළාර රජුට නොව කාක වර්ණ තිස්ස රජුට අවනතයන් වු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඉතිහාස මංසන්ධියේ නැවති ප්‍රශ්නාර්ථයේ විපිළසර වූයේය. ලියන්න තිබෙන දේවල් නොලියා හිතේ පැළ කරන් එන හේතුව හොයන්න වෙහෙස වූයේ මේ සමඟය.
 
 ඉතිහාසයේ යම් සිදුවීම් මර්ධනයට බියේ නොලියා තබයි. තවත් තතු මර්දනයට බිය නිසා නොවන වෙන හේතුවක් නිසා ලියා නොතබයි. එනම් සමහර ජාන වංශ තම වංශයේ සිරිත හා සවිය අන් සතු වීම වලකා ගැනීමට උපායශීලී වේ. ඒ නිසා තම ගණ ගෝත්‍රයේ කථාව ඇතුළු හද තබා ගෙන අනන්‍යතා මායිම රකී. මායා රටට මුහුද ගොඩගැලීම නිසා දේවි කුමරිය (විහාර මහා දේවිය) රුහුණු වෙරළට පාවී ආ බව ප්‍රකට කතාවය. එවිට ඇය සයුරු රළ අතර  මුලින්ම දුටුවේ ඔකඳ වැල්ලේ දිය කෙවුල් වංශීකයන්ය.
 
Vihara Maha Devi book cover
එසේ දේවි කුමරිය, තනි ඔරුවේ තනිවී දියඹ මැද දුටුව කෙවුලන් එය රජුට සැළ කරයි. ඒත් එසේ සැළකර සිටින්න පෙර සිදු වූ සිදුවීම් අපේ වංශ කතාව හෙමින් සීරුවේ සංකේත කරයි. එකළ ඔකඳ වැල්ලේ දිය කෙවුලන්ට දේවි කුමරිය හමුනොවන්න  ඉතිහාසයේ සිදුවීම මෙයට වෙනස් පසක් ගන්නට ඉඩ තිබුණි.
 
 
 තම රට එළාර රජු පාලනය කරන විට දිය කෙවුල් වංශය, තමන්ට හමු වූ කුමරිය දේවිය ගැන රහස කාකවර්ණ තිස්ස රජුට සැළ කලේ මන්ද? එය පෙන්වන්නේ කෙවුල් වංශිකයන් එළාර රජුට නොව කාක වර්ණ තිස්ස රජුට අවනතයන් වු බවය. එවිට ඒ  ඔවුන්ම " කපුටු පාට තිස්ස " යැයි තමන් අවනත තිස්ස රජුට කියන්නේ කිමද? එකම නමින් කීප දෙනෙක් එකම සමයක එකම තැනක ඇති විට මෙවන් උපපද ගොතා ගැනීම අපගේ භාෂා වහරේ හා සංඥා ක්‍රමයේ විදිහයය. නොවේ නම් අසීමාන්තිකව පුද්ගලයෙකුට පවතින ගති ගුණයක් හෝ ලක්ෂණ ගෙන ඔහු කෙරේ පවතින නොපනත් හැඟීමක් හෝ විශේෂණයක් කියා පාන්නටද මෙසේ නමට උපනාමයක් ගොතයි. එසේ නම් කපුටු පාට තිස්ස යැයි දුටුගැමුණු කුමරුන්ගේ පිය රජුට කියන්න එළාර රජුට පක්ෂ නොවූ පිරිසට තිබූ හේතුව කුමක්ද?
 
ඒ වාගේම මාගම් රාජධානියේ තවත් සම කාලීන තිස්සලා හිටියාද? ඒ තිස්සලා අතරින් මේ තිස්ස විශේෂ කොට හඳුනාගන්නට හේතුවූ " කපුටු පාට " නිසා මෙවන් උප විශේෂ පදයක් ජනවහරේ බැඳුනාද. මේ සියල්ල පාදක කර නොගෙන එම යුගයෙහි සැබෑම තොරතුරු සොයා ගන්නට බැරිය. ඉතිහාසයේ එම මොහොතට ගමන් කිරීමට දැන් ගමන් ඇරඹිය යුතුය. නිමක් නැති මේ ගමන කවදා කෙසේ හමු වීමට හැකි දැයි නොදනිමි. කොහොම නමුත් ගොඩ කෙවුලන්ගේ හා දිය කෙවුලන්ගේ ආරවුල ගැන හෝඩුවාවෙන් පසු මේ ගැන විධිමත්ව සොයා යාමට පටන් ගතිමි.

කාක වර්ණ  තිස්ස රජතුමා දේවි කුමරිය සරණ පාවා ගන්නට මත්තෙන් රහස් ස්ත්‍රී ආලයකද වෙලී උන්නේය.  ඒ දිය කෙවුල් කුමරියක සමඟ බව දිය කෙවුල් වංශීකයන් කියන කතාවකි.  එය වංශ මූලාශ්‍ර තතු විසින් උපමානව තහවුරු වී තිබේ. ඔකඳ දියඹට පිහිනා ගොස් දේවි කුමරිය නිරුපද්‍රිතව රැගෙන ආවේ මේ දිය කෙවුල් වංශයේ කිඳුරන්ය.
 
King Elara 750x375
 
ඇත්තටම ඉතිහාසයට මේ තරම් යුක්තියක් ඉටු කළ මේ කෙවුල් කිඳුරන් ගැන ගැමුණු මහරජ වදනක් නොලියා ගියේ කිමදැයි සෙවිමට මගේ හිත කුහුල්පත් වූයේ මේ නිසාය. ඒ නිසා කෙවුලන් හා කෙවුල් කිඳුරන් අතර සම්බන්ධතාවය කවරේදැයි හේතු පහදා ගැනීමට කරුණු දික්වූයේ මෙසේය. මොකද ඉතිහාසය මෙයට සියවස් ගණනාවකට පෙර පැවතියේ බහුවරණ ජාන වංශ වල ස්වීයත්වය මතය. දැනුම හා  විශේෂඥ වූ ඒ ඒ  ජාන වල අනන්‍යතාවය ඒවායින් මායිම් විය.
 
අද වෛද්‍යවරුන්ගේ ඉතිහාසය, නීතිඥයන්ගේ ඉතිහාසය වෙන වෙනම පවසන්නේ යම් සේද එකල ඒ ඒ ජානවංශ වල ඉතිහාසය ඔවුනගේම අනන්‍යතාවයක් පමණි. එය ලියා තබන තැන් තිබුණා සේම ලියා නොතබන තැන් ද තිබුණි. මේ නිසා දිය කෙවුලන් ගොඩ කෙවුලන්ගෙන් වෙන් වූයේ කෙසේද? ඒ වගේම කෙවුලන් හා කෙවුල් කිඳුරන් වෙන් වූයේ කෙසේද? මේ පිළිබඳ නිරවුල් දැනුමක් නැතිව ඉතිහාසය ගොඩනැඟීම ඒක පාර්ශිකය.
 
මූල ඉතිහාස ග්‍රන්ථ වල මෙයට පාදක වැකි තබා නිහඬ වූයේ ඔවුන් මකා දැමීමට යැයි සිතා ප්‍රවාද නැඟීම ගෝචර නොවේ. ඒ මන්ද යත් ඒ කෘති වලට අවශ්‍ය වූයේ ඉතිහාසයේ මූලික පදනම ගෙන හැර පෑම පමණක් නිසාය. එවිට ප්‍රශ්නය පසු රචකයන්ගෙන් මෙම විෂය තේමාව ගැන පුළුල් ලිවීමක් නොවූයේ ඇයි ද යන්නය. ඒ මෙම කරුණු ලිවීමෙන් මේ මහා වීරයන්ට අපහාසයක් වෙතැයි සිතා විය හැකිය. නැත, එය වීරවර ඔවුනට අපහාසයක් නොවේ. ඔවුන් වඩා හොඳින් වටහා ගැනීමට මෙම විපරම විවර කර ගැනීම යෝග්‍යය වේ.
 
15384561 1483455481682251 1506527325259965424 o
මේ සිතුමෙන් ලංකාවේ වෙරළබඩ වංශ ගෝත්‍ර වල ඉතිහාසය හාරා ගැනීමට වෙහෙසෙමි. ඒ ගමනේ යන්නා වූ ගමන තුල පැහැදිලි වූ එක් දෙයකි. එනම් බොහෝ වංශයන් තමන්ගේ නව සිවිල් තත්ත්වයට බාධාවන ඉතිහාසය අමතක කර දමා ඇති බවය. එවිට ඒ කතාව මකා දමා ගැනීමේ වුවමනාවක් එම වංශ වල වර්තමානිකයන්ට ඇති වුවමනාවන්ය. මේ අරුතෙන්ම කෙවුල් වංශයද තම ඉතිහාසයේ යම් සිදුවීම් ගණනාවක් ඔවුන් විසින්ම මකා ඇත. ඒත් මුහුදු වැද්දන් අතර අවසන් වරට රැකෙමින් තිබු මේ කතාව මිත්‍යා මතය මවා පෑමක් සේ කෙනෙකු කියනු ඇත. ඒත් එසේ කියන්න බැරි ප්‍රබල කරුණු 03 ක් දීපවංශය සහ මහාවංශය ඒ ගැන ලියා ඇති නිසාය. එකක් දේවි කුමරිය හෙවත් විහාර මහා දේවිය මහ මුහුද මැද හමුවීමය. දෙවැන්න කපුටු පාට තිස්ස යැයි වූ නම ලේඛණ වල ලියා තැබීමය.
 
 
 ලියා නොතැබුවද දුටුගැමුණු රජතුමාගේ නම කිසි විටෙක එතුමාගෙන් පසු කිසිම රජෙක් තම රාජ්‍ය නාම අතරට ආරෝපණය නොකර ගැනීමය. දැන්  තන කිරි දීම තහනම් කරමින් වැල්ලේ ස්ත්‍රීන්ට තහනම් පැනවූ කතාව කිරි හින්ද " කිරින්ද " යන නමේ භාෂා අරුතෙන්ම කිව හැකිදැයි පැනයක් නැඟිය හැකි බව සැබෑය. ඒත් එයට පාදක වන්නාවූ කතාවද මුහුදු වැද්දන් රැක ගෙන ඇත. එයම මවා පෑමක් සේ ගැනීය හැක. ඒත් එවන් ආරෝවක් හමු කරන තැනක් හමුවේ. එනම් දුටුගැමුණු කුමරුගේ ප්‍රතික්‍රියාවන්ය. ඒ තම තාත්තාට ස්ත්‍රී ඇඳුම් යැවීමේ සංකේතය. ඒ වගේම කාක වර්ණ රජුගේ පෙර පුතු දීඝාභය කුමරුගේ ප්‍රතික්‍රියාවය. දීඝාභයගේ අම්මා දිය කෙවුල් කුමරියද. එසේ නම් අපි ඇයට හා ඇගේ පුතු දීඝාභයට යුක්තිය ඉටු නොකරන්නේ කිමද? ඇය මැකී ඇත්තේ ඉතිහාසයේ දිගු කතාවක් සමඟය. කිසිවෙක් ඉතිහාසයෙන් පිටමං කිරීමක් සිදු වන්නේ නම්  ඒ ඉතිහාසය ඉතිහාසය ලෙසම සොයා ගන්නට  අවශ්‍ය වට පිටාව අහිමි වී යාමක්ය.

එවිට කාක වර්ණ තිස්ස මාගම් රජුගේ දිය කෙවුල් බිසව ඉතිහාසයේ සැඟව ගියේ මන්ද? දුටුගැමුණු කුමරුගේ දෙටු සොහොයුරා වූ දිඝාභයගේ සිට මේ සියල්ල සැඟව ගත්තේ මොන හේතුවක් මතද? එවිට දිය කෙවුල් වංශය කාක වර්ණ තිස්ස රජුට එරෙහිව කරන ආරෝව මේ සිදුවිම නිසා හට ගත්තාද.  ලක්දිව ජනකාන්ත රජුගේ රාජ ඉතිහාසය සකලාංගයෙන් සොයා ගත යුත්තේය. ඒ මන්ද ඔහුට වීරයෙක් වන්නට මේ සකලාංග සිදුවීම් බලපාන නිසාය. එවිට යලිත් ආ ප්‍රශ්නය වූයේ කෙවුල් දේවියගේ වංශයේ කිරි අම්මලාට තම තනකිරි මුදාහැරීම තහනම් කරන්න බලපෑවේ කවර සිදුවීමක්ද යන්නය.
 
එමෙන්ම  කෙවුල් වංශයේ බලපෑමෙන් කුමරු දුටුගැමුණු තාත්තාට ස්ත්‍රී ඇඳුම් යවන්නේ මේ කතාවේ අතුරු ප්‍රතිඵලය මතද කියාය. කිරින්ද ගැන ඇති ප්‍රවාද වල ඇති කතා අතර ඇති කතා වලිනුත් ඇතුලට ගිය විට ගැටුම තව අපූරුවට දිස් වේ. එය ගැටුම ලාංකික බහු වර්ණාවලියේ කතාව අපට කියන තැනය. දැන්වත් ඒ කථාවට ඇස යොමු කළ යුතුය.

Sujith 2021
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com

රවාෂ : ලේඛකයාගේ වෙනත් ලිපි





JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...