BREAKING
Top Ad
Red Alert

ඩොලර් 150 තෙල් බැරලය ලංකාව මිලට ගෙන ඇත්තේ ඩොලර් 286ටයි - HSBC ප්‍රධාන විධායක හෙළිදරව් කරයි

T

The Leader

April 16, 2026 • 8:59 AM

ඩොලර් 150 තෙල් බැරලය ලංකාව මිලට ගෙන ඇත්තේ ඩොලර් 286ටයි - HSBC ප්‍රධාන විධායක හෙළිදරව් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක වෙළඳපොලේ ඩොලර් සීයකට පමණ මිලදී ගත හැකි බොර තෙල් බැරලයක් ශ්‍රී ලාංකික ගැනුම්කරුවකු ඩොලර් 286ක් ගෙවා
  • ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස, ආසියාවේ බොරතෙල් බැරලයක් සඳහා ගෙවන ලද උපරිම මිල එක් අවස්ථාවකදී ඩොලර් 286 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව එම මුදල ගෙවා ඇති බවට වන අනාවරණයෙන් පෙනි යන බව ද ඔහු සඳහන් කර තිබේ.
  • මේ වන විට තෙල් බැරලයක මිල ඩොලර් 100, ඩොලර් 110 ට වඩා වැඩියි.
  • යථාර්ථවාදීව බැලුවොත් ඔබ දැන් මැද පෙරදිගින් තෙල් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබ ඩොලර් 140, ඩොලර් 150 ක් ගෙවනවා විය හැකිය,” යනුවෙන් පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මිලට ගෙන ඇතැයි වාර්තා වන බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි පසුගිය අඟහරුවාදා හොංකොං හි පැවති ආයෝජන සංසදයක දී පවසා තිබේ.

Middle East Eye නමැති වෙබ් අඩවිය වාර්තා කර ඇති අයුරින් “ලෝක වෙළෙඳපොලේ සැබෑ මිල ගණන් වෙනත් විවිධ වෙළඳපල අනුව වෙනස් වන අතර රක්ෂණ ගාස්තු, නැව්ගත කිරීමේ ගාස්තු සහ බොරතෙල් හිඟය සැලකිල්ලට ගත් විට, ලෝක වෙළෙඳපොලේ පවතින බ්‍රෙන්ට් බොරතෙල් මිලට වඩා ලොව වෙනත් රටවල මිල ගණන් බෙහෙවින් වෙනස් වන්නේ යැයි HSBC ප්‍රධානියා පවසා තිබේ.

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස, ආසියාවේ බොරතෙල් බැරලයක් සඳහා ගෙවන ලද උපරිම මිල එක් අවස්ථාවකදී ඩොලර් 286 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව එම මුදල ගෙවා ඇති බවට වන අනාවරණයෙන් පෙනි යන බව ද ඔහු සඳහන් කර තිබේ.

“මා කනස්සල්ලට පත් කරන්නේ ප්‍රධාන සිරස්තල නොවේ. මේ වන විට තෙල් බැරලයක මිල ඩොලර් 100, ඩොලර් 110 ට වඩා වැඩියි. යථාර්ථවාදීව බැලුවොත් ඔබ දැන් මැද පෙරදිගින් තෙල් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබ ඩොලර් 140, ඩොලර් 150 ක් ගෙවනවා විය හැකිය,” යනුවෙන් පවසා ඇත.


බටහිර ටෙක්සාස් හි බැරලයක් ඩොලර් 91 ක් පමණ වන අතර, ජාත්‍යන්තර මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බැරලයකට ඩොලර් 95 ක් පමණ වේ. ආසියාවේ ගැනුම්කරුවන්ට වඩාත් අදාළ වන ඕමානි තෙල් බැරලයක් ඩොලර් 100 ක් පමණ වේ.


ඇමරිකා එක්සත් ජනපදය ආසියානු වෙළඳපොළවලින් බොහෝ දුරස් ය. ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සියතට ගෙන ගල්ෆ් රටවල අපනයන අවහිර කර ඇත. මෙම සතියේ, ඉරාන තෙල් අපනයනයන්ට එරෙහිව අවහිර කිරීමකින් ඇමරිකා එක්සත් ජනපදය ටෙහෙරානයට ප්‍රතිචාර දැක්වීය.

මේ වන විට සෞදි අරාබිය දැන් කලාපයේ ඉහළම අපනයනකරු වන අතර, දිනකට බැරල් මිලියන පහක් පමණ එහි රතු මුහුදේ යාන්බු වරායෙන් අපනයනය කෙරේ.

එහෙත් ඕමාන තෙල් මිලගණන් ස්ථාවර නැත. නැව් ගාස්තු සහ රක්ෂණ වියදම් ඉහළ ගොස් ඇති හෙයින් ඔවුන්ගේ තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකිය.

“ඔබ රතු මුහුදෙන් තෙල් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබට නැව්ගත කිරීම සඳහා ඩොලර් 30, 40 කට වඩා ගෙවීමට සිදු වේ. කලින් පදනම් ලකුණු 25 ක් වූ රක්ෂණ වියදම් තවත් සියයට පහකින් වගේ ඉහළ ගිහින්. යුද රක්ෂණය අහෝසි කර ඇත් ඔබ සියයට පහක් ගෙවනවා,” ඔහු සඳහන් කර තිබේ.

යේමනයේ ඉරානයට පක්ෂපාතී හූතිවරු මීට පෙර ජාත්‍යන්තර නැව් ගමනාගමනයට පහර දීමෙන් බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත. එක්සත් ජනපදය ඉස්ලාමීය ජනරජයට එරෙහි බාධක ඉවත් නොකළහොත් රතු මුහුද වසා දැමිය හැකි බවට ඉරානය බදාදා අනතුරු ඇඟවීය.

“ඉරානයේ බලවත් සන්නද්ධ හමුදා පර්සියානු ගල්ෆ්, ඕමාන් මුහුද හෝ රතු මුහුදේ කිසිදු අපනයනයක් හෝ ආනයනයක් දිගටම කරගෙන යාමට ඉඩ නොදෙනු ඇත,” ඉරානයේ හමුදා ඒකාබද්ධ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් අලි අබ්දුල්ලාහි පැවසීය.

( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

මුලාශ්‍රය :

Sri Lankan buyer paid $286 for barrel of oil, as actual prices diverge from markets

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...