BREAKING
Top Ad
Red Alert

හෙංචයියෝ ඉහගෙන කෑ, වාහන බලපත්‍ර මගඩිය !

T

The Leader

November 14, 2024 • 8:42 AM

 හෙංචයියෝ ඉහගෙන කෑ, වාහන බලපත්‍ර මගඩිය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය ගැන ඉකුත් සමයේදී දිගින් දිගටම අසන්නට ලැබුණේ නිරන්තරයෙන්ම අපුල දනවන දේ බව මුළු රටම
  •  නියමිත කාලය තුළ විදේශගතව සිටි බවට තහවුරු කර නොමැති පුද්ගලයන් වගේම, ඉතා කෙටි කාලයකට පමණක් විදේශගතව සිටි තවත් සිය ගණනකට එම පහසුකම ලබා දී ඇති බව තමයි ජාතික විගණන කාර්යාලයේ විමර්ශන වලින් හෙළි වී තිබෙන්නේ.
  • සංකල්පීය අර්ථයෙන් ගත් කළ ඉතාමත්ම හොඳ අදහසක් වූ එය,ප්‍රායෝගික අර්ථයෙන් ගත් කළ කල දුටු කල වල ඉහ ගැනීමේ ක්‍රියාවලියකට යහමින් පාර තනා දුන් වැඩසටහනක් ලෙස තමයි හඳුන්වා දිය හැක්කේ.
  • බොරදියේ මාළු බෑම අරමුණු කරගෙන ඇතැම් කණ්ඩායම් වාහන බලපත්‍රය ලබා ගැනීම සඳහාම විදෙස්ගත වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
දන්නා කරුණක්.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා 2022-23 කාලයේ ක්‍රියාත්මක කළ මුදල් ප්‍රේෂණ පදනම් කරගත් විද්‍යුත් වාහන සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය ‘ඉහගෙනම කා ඇති බව’ ජාතික විගණන කාර්යාංශය පවසනවා.

රැකියා සඳහා  අමාත්‍යාංශය යටතේ නීත්‍යනුකූල ලෙස විදේශ ගතවූවන් වැඩි වැඩියෙන් මෙරටට මුදල් එවීම සඳහා පෙලැඹවීම අරමුණු කරගෙන හඳුන්වා දුන් මෙම වැඩසටහන අමාත්‍යංශයේ මහා පුටුවල අරගත් අයගේ හිතවතුන්ට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කොට ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

 නියමිත කාලය තුළ විදේශගතව සිටි බවට තහවුරු කර නොමැති පුද්ගලයන් වගේම, ඉතා කෙටි කාලයකට පමණක් විදේශගතව සිටි තවත් සිය ගණනකට එම පහසුකම ලබා දී ඇති බව තමයි ජාතික විගණන කාර්යාලයේ විමර්ශන වලින් හෙළි වී තිබෙන්නේ.

සංකල්පීය අර්ථයෙන් ගත් කළ ඉතාමත්ම හොඳ අදහසක් වූ එය,ප්‍රායෝගික අර්ථයෙන් ගත් කළ කල දුටු කල වල ඉහ ගැනීමේ ක්‍රියාවලියකට යහමින් පාර තනා දුන් වැඩසටහනක් ලෙස තමයි හඳුන්වා දිය හැක්කේ.

බොරදියේ මාළු බෑම අරමුණු කරගෙන ඇතැම් කණ්ඩායම් වාහන බලපත්‍රය ලබා ගැනීම සඳහාම විදෙස්ගත වී තිබෙනවා.

විදෙස් රැකියා සඳහා යොමුකළ අය වෙත අනියම් ක්‍රමවේදයන් ඔස්සේ මුදල් යවා, පසුව එම මුදල ඔවුන් හරහා ලංකාවට එවා, වාහන බලපත්‍ර සඳහා සුදුසුකම් සපුරාලීමේ යටිකූට්ටු වැඩපිළිවෙළක් පවා ක්‍රියාත්මකව තිබෙනවා.

රටක් ගොඩනැගීමට කරන යෝජනා හොඳ වූණත්, ඒ යෝජනාවලට මුවාවී තම තමන්ගේ මඩිය තර කර ගැනීම මෙරට තුළ බලයේ සිටින බොහෝ දෙනාගේ පුරුද්දක්.
මෙලස බදු සහන ලබාගන්නෝ කවුරුන්ද යන්න වග ‍ප්‍රසිද්ධ කළ යුතු බව මුදල් අමාත්‍යංශය යෝජනා කොට තිබෙනවා.

නමුත්, එවක කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ බලධාරීන්ට දැනුම් දුන් විට ඔවුන් එයට කැමැත්ත පළ ක‍ළේ නැහැ.

එම වකවානුව තුළ අදාල අමාත්‍යාංශයේ මෙන්ම බියුරෝව තුලද ක්‍රියාත්මක වූයේ දැඩි උද්දච්ච සහ කොල්ලකාරී වැඩපිළිවෙළක්. එතෙර රැකියාවක් බලා යෑමට පැමිණෙන අය පුලන්නන් ලෙස සලකන තත්වයක් එහි උද්ගතව තිබුණා.

අමාත්‍යාංශය සහ බියුරෝව පුරාම කාක්කන් විසිරී සිටිය බව නොරහසක්.

රටේ ආනයන සීමා, විනිමය රෙගුලාසි, රාජ්‍ය ප්‍රතිපත්ති ආදිය සමග වෙට්ටු දැමූ මේ අමාත්‍යාංශයේ අදාළ සියල්ලෝ නීතිය හමුවට රැගෙනගොස් මේවා සම්බන්ධයෙන් විමසිය යුතු නොවේද ?.

රාජ්‍යය නොමග යවමින් රජයට පාඩුකර ඇති බව ඔප්පු වුවහොත් හිරේ දැමීමෙන් නොනැවතී ඔවුනගේ පුද්ගලික ධනයෙන් එම පාඩුව අයකරගත යුතු නොවේද ?

පත් වීමට නියමිත හෝ දැනට සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය ට.


(නොවැම්බර් 14 රෙඩ් ඇලට් එක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...