BREAKING
Top Ad
Red Alert

වී නැති වී අලෙවි මණ්ඩලයේ කතාව (වීඩියෝ)

T

The Leader

November 25, 2024 • 8:58 AM

වී නැති වී අලෙවි මණ්ඩලයේ කතාව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ගොවියා දහ දුක් විඳ නෙළාගන්නා වී අස්වැන්න ක්‍රමවත් ලෙසත් සාධාරණ ලෙසත් මිලදී ගැනීම උදෙසා ගොඩනැගු ආයතනයක්
  • එහෙත් පෞද්ගලික වීමෝල් හිමියන් විසින් මේ වනවිට අත්පත් කරගෙන ඇති වෙළඳ ඒකාධිකාරය හේතුකොටගෙන  වී අලෙවි මණ්ඩලය "වී නැති" අලෙවි මණ්ඩලයක් බවට පත්ව තිබෙනවා.
  • වී අලෙවි මණ්ඩලය රුපියල් එකසිය විසි හතර කෝටි, අසු හත් ලක්ෂ, තිස් නව දහස් හැත්තෑ නමයක (1,248,739,079) ක පාඩුවක් ලබා ඇති බව මීට මාස කිහිපයකට පෙර ජාතික විගණන කාර්යාලය හෙළිදරව් කළා.
  • මෙවර මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට අධික වී ප්‍රමාණයක් මණ්ඩලය මගින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස වී අලෙවි මණ්ඩලය හැඳින්වෙනවා.

එහෙත් පෞද්ගලික වීමෝල් හිමියන් විසින් මේ වනවිට අත්පත් කරගෙන ඇති වෙළඳ ඒකාධිකාරය හේතුකොටගෙන  වී අලෙවි මණ්ඩලය "වී නැති" අලෙවි මණ්ඩලයක් බවට පත්ව තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය රුපියල් එකසිය විසි හතර කෝටි, අසු හත් ලක්ෂ, තිස් නව දහස් හැත්තෑ නමයක (1,248,739,079) ක පාඩුවක් ලබා ඇති බව මීට මාස කිහිපයකට පෙර ජාතික විගණන කාර්යාලය හෙළිදරව් කළා.

මෙවර මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට අධික වී ප්‍රමාණයක් මණ්ඩලය මගින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

වී තොග ගබඩා කිරීමට මණ්ඩලය භාවිත කරන සම්පූර්ණ ගබඩා සංඛ්‍යාව 353 ක් වන අතර ඉන් මණ්ඩලයට පමණක් අයිති ගබඩා සංඛ්‍යාව 216 ක්.

මෙයින් බොහොමයක් නඩත්තුවක් නැතිකම නිසා ජරා ජීර්ණ වී ඇති අතර සමහර ඒවා පෞද්ගලික අංශයට විකුණා දමා තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය නිසා රාජ්‍ය අංශයට සිදුවී තිබෙන පාඩුව රුපියල් බිලියන 28 කට වැඩි බවයි වාර්තා වෙන්නේ.

මෙයින් ගබඩා හතළිස් අටක් සහමුලින්ම අබලන් තත්ත්වයක පවතින බවත් වාර්තා වෙනවා.

වී ඇටයක්වත් නැති තවමත් මුරකරුවන් පවා මුරට සිටින වල්වැදී ඇති වී අලෙවි  මණ්ඩලය සතු ගබඩා ද ඒ අතර වෙනවා.

මණ්ඩලයට පමණක් අයත් ගබඩාවල සම්පූර්ණ ධාරිතාව වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ තිස් දහසක් ලෙසයි පැවසෙන්නේ.

මෙම ගබඩා ඉතා අබලන් තත්ත්වයේ පැවැතීම නිසා මෙවර මහ කන්නයේ (2024/25) වී අස්වනු එම ගබඩාවල ගබඩා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

රට තුළ සහල් අර්බුද ඇතිවන අවස්ථාවේදී මෙවැනි ගබඩාවල නිෂ්චිත වී සංචිතයක් ගබඩාකර තිබුණේ නම් කිසිවිටෙකත් අර්බුදකාරී තත්ත්වයන් උද්ගත වන්නේ නැහැ.

මේ වන විටත් වී අලෙවි මණ්ඩලය සතු වත්කම් ද ඍණ අගයක් ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙවර යල කන්නයේ දී වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහාම තම විෂයපථයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස පසුගිය රජයේ කෘෂිකර්මය භාර කැබිනට් ඇමතිවරයා ජනාධිපති ලේකම්වරයාට ඒ වකවානුව තුළ ලිපියකින් දැනුම් දී තිබුණා.

මෙරටේ ගොවි ජනතාවගේ වී අසවැන්න නිසි පරිදි ලබාගැනීමටත්, වී සංචිතයක් තබා ගැනීමටත් වී අලෙවි මණ්ඩලයට හැකියාව ඇති නමුත් එය අද වන විට පත්ව ඇති බරපතල ණය අර්බුදය හේතුකොට ගෙන මහා භාණ්ඩාගාරයට බර ආයතනයක් ලෙස ක්‍රියාත්මකව තිබෙනවා.

පසුගිය කොරෝනා වකවානුව තුළ රටෙන් නිශ්චිත ආහාර සංචිතයක් නොතිබීම හේතුකොටගෙන ජනතාව පත් වූ බලවත් අසීරුතාවය පිළිබඳව නැවත සිහිපත් කළ යුතු නෑ.

අපේ රට සාමාන්‍යයෙන් පුරුදුව තිබෙන්නේ අතීත ශ්‍රී විභූතිය ගැන පාරම් බාමින් වර්තමානයේ ජීවත්වීමටයි.

පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග ලෝකයේ මුතු ඇටය, ලෝකෙටම කන්න දීපු රට වැනි උදාර වාක්‍ය ඉතිහාසයෙන් රැගෙන වර්තමාන එදා වේල වෙනුවෙන් පාවිච්චි කරන ඒවා බවට පත්ව තිබෙනවා.

එක් අතකින් මෙරට ගොවියාත්, තවත් අතකින් පාරිභෝගිකයත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වී අලෙවි මණ්ඩලයට නිසි නායකත්වයක් ලබාදී,හරි මගට යොමු කළ යුතු නොවේද?.

කෘෂිකර්ම ඇමතිතුමනි මේ ඔබේ අවධානයට.....

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...