මෙයට දශකයකට පමණ පෙර ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කළේ වරප්‍රසාද ලත් සල්ලිකාර අතළොස්සක් පමණක් වුවත්, අද වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන ප්‍රමාණය දහනම ලක්ෂ තිස්හයදහස් තුන්සිය තිස්හයක් (19,36,336) බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වලින් තහවුරු වෙනවා.
ණයට ද්‍රව්‍ය ලබා ගැනීමට හැකිවීම, හදිසි මුදල් අවශ්‍යතාවකදී මුදල් ලබාගත හැකිවීම, අයකර ගැනීමේදී දැඩි නීති නැතිවීම, එක් අයකුට කාඩ් කිහිපයක් තබා ගැනීමට හැකිවීම, ණය කාඩ්පත් හිමියන්ට ඇතැම් බැංකුවලින් විශාල ලෙස වට්ටම් සහ ත්‍යාග වවුචර් ආදිය ලැබීම වැනි සහන ශීලී සහ වාසිදායක කරුණු හේතු කොට ගෙන ජනතාව ක්‍රෙඩිට් කාඩ් වලට හුරු වෙමින් සිටිනවා.
කොටින්ම , මුදල්වලින් ගනුදෙනු පියවීම වෙනුවට චෙක්පත් භාවිතය පුරුදු වූවා මෙන් මුදල් හුවමාරුව වෙනුවට මේ වනවිට ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය ඉදිරියට පැමිණ තිබෙනවා.
මුලදී පෞද්ගලික මූල්‍යායතනවල සහ පෞද්ගලික වාණිජ බැංකුවල පමණක් ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම සිදුවුවද අද වන විට රාජ්‍ය බැංකු දක්වාම එය ව්‍යාප්ත වී තිබෙනවා.
මේ හෙළිදරව්ව ක්‍රෙඩිට් කාඩ් හරහා සිදු කරන මහා පරිමාණයේ වංචාවක් පිළිබඳවයි.
පසුගිය අවුරුදු කිහිපයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ පොලී අනුපාත අඩු කරනු ලැබුවා.
එහෙත්, එම සහනය ට්‍රෙඩිට් කාඩ් වලට ලැබී නැහැ.
රාජ්‍ය බැංකුවලින් අඩු පොලී ප්‍රතිශතයක් අය කරනු ඇතැයි ජනතාව විශ්වාස කළද., මේ වනවිට රාජ්‍ය බැංකුවල පොලී මට්ටම පෞද්ගලික අංශයට සම හෝ එය ඉක්මවා හෝ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පොලී අනුපාත අඩකින් පමණ අඩු වී තිබෙන තත්වයක් තුළ පවා ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට එම සහනය අත්වි නැහැ.
ඒ මොහොතට නිකම් ගත හැකි නිසා අවශ්‍ය දේවලට වඩා අනවශ්‍ය දේවල්වලින් භාණ්ඩ පැස පුරවා ගැනීමට පවා පාරිභෝගිකයින් කටයුතු කරන්නේ ක්ෂණිකව ලැබෙන සහනය ගැන කල්පනා කරමිනුයි.
නමුත් ඒ හරහා තමන් විශාල මූල්‍ය අසාධාරණයකට ලක්වන බව ඔවුන් වටහා ගන්නේ නැහැ.
2011 වසරේදී බැංකු පොලිය සියයට 24 මට්ටමකයි. එය දරා ගත නොහැකි පොලියක් බවට කෑගැසුවත් අද වනවිට සියයට 28 ක පොලියට ක්‍රෙඩිට් කාඩ්වලින් භාණ්ඩ ගන්නට ජනතාවට සිදු වී තිබෙනවා.
පහසුවෙන් සහ ඉක්මනින් තමන්ගේ මූල්‍යමය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි නිසා පාරිභෝගිකයින් මේ පිළිබඳව එතරම් උනන්දුවක්නොදැක්වුවත් මේ හරහා සිදුවන්නේ බරපතළ අසාධාරණයකට ලක්වීමක්.
දිනෙන් දින කෙඩිට් කාඩ් භාවිත කරන්නන්ගේ ප්‍රමාණය වැඩිවන තත්ත්වයක් තුළ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියෙන් ඔවුන්ට සිදුවන අසාධාරණය ගැන දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජය කටයුතු කරන බවක් දක්නට නැහැ..
අඩු වශයෙන් කාඩ්පත්වල පොලිය ඉහළ යාම ගැන හෝ නිවේදනය කිරීමක් වත් සිදුවන්නේ නැහැ.
එයට හේතුව එයින් ක්‍රෙඩිට් කාඩ් අලෙවිය පහළ ගියහොත් එයින් බැංකුවල ආදායමට බලපෑමක් සිදුවන නිසා.
මෙයට පෙර ක්‍රෙඩිට් කාඩ්වල උපරිම පොලිය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කළද මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව එම වගකීමෙන් නිදහස්ව එය එම ආයතනවලටම පවරා දී තිබෙනවා.
එය වඳුරන් අතට දැලි පිහිය දුන්නා වගේ තත්ත්වයක්.
එහෙත් මේ හරහා අසාධාරණයට පත්වන්නේ රටේම පාරිභෝගික ජනතාව බව බොහෝ දෙනා සැලකිල්ලට ගන්නේ නැහැ.
ආර්ථික විශේෂඥයින් පවසන්නේ ක්‍රෙඩිට් කාඩ්වලට ජනතාව වැඩි වශයෙන් පෙළඹීමෙන් පෙනෙන්නේ රටේ ආර්ථිකය දුප්පත් වී තිබෙන නිසා බවයි.
එවන් තත්ත්වයක් තුළ අධික පොලිය හරහා දුප්පත් ජනතාවගේම බඩට ගැසීම මොනතරම් අසාධාරණයක්ද?
රටේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන බොහෝ දෙනෙක් දිළිඳු සහ මධ්‍යම පාන්තිකයන් වන අතර ඔවුන්ට මෙමගින් යම් සහනයක් ඇතිවිය යුතුව තිබියදී එය තවත් විපතකට හේතුවක් නම් එම තත්ත්වයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය යි.
මුදල් අමාත්‍යතුමනි ඒ ඔබේ අවධානයට.
ක්‍රෙඩිට් කාඩ් හරහා පික්පොකට් ගැහිල්ල (වීඩියෝ)
T
The Leader
November 27, 2024 • 10:47 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- තමන්ගේ එදිනෙදා මූල්‍යමය කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් ජනතාව ක්‍රෙඩිට් කාඩ් වලට හුරුවී තිබෙනවා.
- රාජ්‍ය බැංකුවලින් අඩු පොලී ප්‍රතිශතයක් අය කරනු ඇතැයි ජනතාව විශ්වාස කළද., මේ වනවිට රාජ්‍ය බැංකුවල පොලී මට්ටම පෞද්ගලික අංශයට සම හෝ එය ඉක්මවා හෝ ගොස් තිබෙනවා.
- නමුත් ඒ හරහා තමන් විශාල මූල්‍ය අසාධාරණයකට ලක්වන බව ඔවුන් වටහා ගන්නේ නැහැ.
- 2011 වසරේදී බැංකු පොලිය සියයට 24 මට්ටමකයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


