එය මෙරට ගොවි ජනතාවගේ පැත්තෙන් ගත්විට සුවිශේෂී ජයග්‍රහණයක්.
ඒ අනුව පොහොර සහනාධාරය සඳහා රු. 25,000 ක මුදල ගොවීන්ගේ බැංකු ගිණුම් වලට බැරකිරිම සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් මේ කතාවට යටින් දිවෙන අඳුරු කතාවක් තිබෙනවා.
පසුගිය 2022 අවුරුද්දේ මුල් කාර්තුවේ යුරියා N46% පොහොර මෙට්‍රික් ටොන් එකක් රුසියාවෙන් ගෙන්වීමට ඩොලර් 320.00 ක මිල හැකියාවක් තිබියදී එදා මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 650 කට වැනි අධික මිලකට බව පැවසෙනවා.
පසුගිය සමයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ රජයේ පොහොර සමාගම්වල දූෂිත නිලධාරී තන්ත්‍රය ක්‍රම වේද, දුෂිත වංචා, අධික ලෙස කොමිස් ගැනීම් ආදිය නිසා එක මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 300කට අධික මුදලක් කොමිස් බවට පත්ව තිබෙන බවට තොරතුරු ලැබෙනවා.
පොහොර සහනාධාරය සඳහා රජය වියදම් දරන අතර ඒවා මහජන මුදල් බව රහසක් නොවේ.
මේසා විශාල කොමිස් සහ යටිමටි ගැසීම් නිසා රටේ සමස්තයටම එය බලපා තිබෙනවා.
2018 වසරේ තත්ත්වය ගැන විමසා බැලුවොත් පෙනී යන්නේ ඒ කාලය වන විටත් ආණ්ඩුව මේ රටේ ගොවි ජනතාවට පොහොර ලබා දී තිබුණේ සහන මිලකට බව.
ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 500ක් මිල නියම කොට තිබුණා. සෙසු වගාවන් සඳහා කිලෝ 50ක පොහොර මිටිය රුපියල් 1,500ක් ඉක්මවා ගියේ නැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බරපතළ පොහොර ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය කළේ 2020දී.
2021 වර්ෂයේ අප්‍රේල් මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑත ඉතිහාසයේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ අප්‍රසන්න තීන්දුව ගත්තා. ඒ ඩොලර් මිලියන 400ක් රටට ඉතිරි කර ගැනීමේ අරමුණ ඇතිව රසායන පොහොර තහනමක් පැනවීම.
එකී තහනමෙන් මේ රටේ ගොවි ජනතාවට නොසිතූවිරූ දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට සිදුවුණු හැටි රහසක් නොවේ.
එහෙත් චෞරයන්ගේ දේශයට මේ තහනමෙන් කිසිදු බාධාවක් වුයේ නැහැ. කරගෙන ගිය හොර ජාවාරම් තව තවත් හොඳට වැඩිදියුණු කරගන්නට ඔවුන්ට ඉඩප්‍රස්තා සැලසුනා.
පොහොර ආනයනයට බලපත්‍ර ලබා ගෙන තිබූ සමාගම් කිහිපයක් රටින් ගෙන්වා ගෙන තිබූ යූරියා කෘෂිකර්ම නොවන කර්මාන්ත කටයුතු සඳහා වැඩි මිලට අලෙවි කළා.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මැදිහත් වී බරපතළ හොර ජාවාරමකට අනුබල දෙන්නට පිඹුරුපත් සකසමින් සිටි බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන හේතුවෙන් එය වැළකී ගිය බවත් 2022 වසරේ වාර්තා වුණා.
මේ යටිකූට්ටු වැඩපිළිවෙළ ක්‍රියාත්මකව තිබුණේ ඩුබායි රටේ පිහිටි සහනාධාර මුදල් හිමි නොවන ආයතනයක් සම්බන්ධව. පොහොර ලේකම් කාර්යාලයේ උත්සාහය වී තිබුණේ එම ආයතනයට සහනාධාර හිමිකරදීමට.
බලාගෙන යන විට ගොයම කා දමා තිබෙන්නේ වැටත් නියරත් දෙකම අත්වැල් බැඳගෙන.
අද දවසේත් , රුපියල් 4,000 ත් 5,000 ත් අතර මිලකට කිලෝ පනහක පොහොර මිටියක් ගෙන්වා බෙදා හැරීමට හැකියාවක් තිබියදීත් යුරියා සහ DAP පොහොර කිලෝ 50ක මිටියක් අද වෙළද පොලේ ඇත්තේ අධික කොමිස් සමග මිල රු. 9,500ක පමණ මිලකට බව පැවසෙනවා.
මේ ගසාකෑම් සහ මගඩි නතර කළහොත් විශේෂයෙන් යුරිය N46% හෝ DAP පොහොර කිලෝ 50 මිටියක් මේ රටේ කෘෂිකර්මාන්තයේ නියලී සිටින සියලුම බෝග වග කරුවන් ගොවීන් වන වී, පොල්, තේ, බඩ ඉගුරු, එළවලු, මල් සහ සියලුම බෝගයන් වෙනුවෙන් රු. 5,500.00 කට අඩු මිලකට ලබා දීමට හැකියාව තිබෙන බව පැවසෙනවා.
ගොවියාට සහනාධාර දීම සඳහා අද දවසේ රුපියල් බිලියන 20ක් වැය වූවත් දූෂණය නැවැත්වීම මගින් එය රුපියල් බිලියන 10 දක්වා අඩුවනු ඇති බවට සැකයක් නැහැ.
මේ රටට අවශ්‍ය සියලුම පොහොර ගෙන්වීම, නිසි ප්‍රමිතියට කිරීමත්, ගුණාත්මක බීජ වර්ග නිසි වෙලාවට ලබා දීමත් මගින් මෙරට කෘෂිකර්මාන්තය මෙන්ම ගොවියාද ශක්තිමත් කළ හැකියි.
එම කටයුත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිසි සැලසුමකට, නිසි කලට සිදු කරන්නේනම් එය යථාර්ථයක් කළ හැකියි.
කෘෂිකර්ම අමාත්‍යතුමනි, වැටට සහ නියරට ගොයම කන්නට ඉඩ දෙන්න එපා. මේ ඔබේ අවධානයට



