BREAKING
Top Ad
Red Alert

ආගමන විගමන ආරක්ෂක සහයෙන් චීන මාෆියාව ලංකාව අල්ලයි ! - සිළුමිණ

T

The Leader

August 2, 2025 • 12:36 AM

ආගමන විගමන ආරක්ෂක සහයෙන් චීන මාෆියාව ලංකාව අල්ලයි ! - සිළුමිණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාම්බෝජය, ලාඕසය සහ මියන්මාරය ඇතුළත් කුප්‍රකට රන් ත්‍රිකෝණයේ මෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ චීන ජාතිකයන්ගේ පුළුල් මෙහෙයුමක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමු වී තිබේ.
  • අන්තර්ජාතික සම්බන්ධතා විෂයය පිළිබඳ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මේ හේතුව නිසා කාම්බෝජයට අදාළ වංචනිකයන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට නොහැකි වී තිබෙන බවයි.
  • එසේම ශ්‍රී ලංකාවේ මේ මෙහෙයුම් තවදුරටත් වර්ධනය වුව හොත් ශ්‍රී ලංකා ආගමන විගමන බලපත්‍රයට මෙන්ම ජීඑස්පී ප්ලස් සහනයටද එමඟින් බලපෑම් එල්ල වීම වැළැක්විය නොහැකි බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
  • ඔහු ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබුණේ ගිනියා ආගමන විගමන බලපත්‍රයකින් වන අතර, ඒ වන විටත් චීන රජය මඟින් ඔහුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ නිලධාරීන්ගේ සහය මේ සඳහා ලැබී ඇති බවද චීනයට ඇතුළු වීම පවා තහනම් කර ඇති, පරිගණක වංචා පිළිබඳ චෝදනා ලත් චීන ජාතිකයන්ට ලංකාවේ පදිංචි අවසර පත්‍ර රැසක් නිකුත් කර ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇත.

මේ පරිගණක වංචාකරුවන් මේ වන විටත් කාම්බෝජයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ අත්පත් කරගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

අන්තර්ජාතික සම්බන්ධතා විෂයය පිළිබඳ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මේ හේතුව නිසා කාම්බෝජයට අදාළ වංචනිකයන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට නොහැකි වී තිබෙන බවයි. එසේම ශ්‍රී ලංකාවේ මේ මෙහෙයුම් තවදුරටත් වර්ධනය වුව හොත් ශ්‍රී ලංකා ආගමන විගමන බලපත්‍රයට මෙන්ම ජීඑස්පී ප්ලස් සහනයටද එමඟින් බලපෑම් එල්ල වීම වැළැක්විය නොහැකි බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

චීන රජය මේ වංචනිකයන් පිළිබඳ දැඩි පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකාවෙන් බලහත්කාරයෙන් චීනයට පිටුවහල් කරන ලද එවැනි චීන ජාතිකයකුට එරටදී මරණ දඬුවම දුන්නේය. ඔහු ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබුණේ ගිනියා ආගමන විගමන බලපත්‍රයකින් වන අතර, ඒ වන විටත් චීන රජය මඟින් ඔහුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබිණි.

මෙසේ ව්‍යාජ ලෙස ශ්‍රී ලංකාවේ පදිංචි අවසර පත්‍ර (Residence Visa) සකස් කරගෙන සිටියදී අත්අඩංගුවට පත් ඇතැම් චීන ජාතිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන ඇතුළු සියලු රජයේ අවසර පත්‍ර තිබී ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකය මඟින් මේ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය වෙත සපයා තිබේ. මේ පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇත්තේ සංචාරක වීසා (Tourist Visa) යොදාගනිමිනි. සංචාරක වීසාවලින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශිකයන්ට මුදල් ඉපයීම සිදු කළ නොහැකි අතර, ඒ සඳහා ස්ථිර පදිංචි අවසර පත්‍රයක් අවශ්‍ය වේ.

පිලිපීන, කාම්බෝජ ආගමන විගමන බලපත්‍රවලින් රටට ඇතුළු වන මේ පරිගණක වංචා මෙහෙයවන්නන් කොළඹ, වරාය නගරයේ රුපියල් කෝටි ගණනින් ආයෝජන කරන බවත්, ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ වරාය නගරයේ වැඩි ප්‍රතිශතය තමන් අතට ගැනීම බවත් මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව බුද්ධි අංශ අනුමාන කරයි.

මේ පිරිස් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති තොරතුරු තාක්ෂණ ආයතනවල සේවයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉහළ වැටුප්වලට බඳවාගන්නා බවත්, ඔවුන්ට නිශ්චිත ඉලක්ක ලබාදෙන බවත් අනාවරණය කරන එම අංශ, එවැනි ඇතැම් සමාගම්වල දුරකතන අංක සහ විද්‍යුත් තැපැල් ලිපින පවා එකිනෙකට නොගැළපෙන බවද සොයාගෙන තිබේ.

මේ සියලු කරුණු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් ඔවුන් ඉදිරි සතියේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශ්ව වෙත ලබාදීමට සැලසුම් කර ඇත.

( silumina | ශාලික විමලසේන)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...