BREAKING
Top Ad
Red Alert

සුඛෝපභෝගී බස් ගනුදෙනුව ටෙන්ඩර් චෝදනා හේතුවෙන් විමර්ශනයට !

T

The Leader

October 20, 2025 • 10:03 AM

සුඛෝපභෝගී බස් ගනුදෙනුව ටෙන්ඩර් චෝදනා හේතුවෙන් විමර්ශනයට !  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2025 අයවැය යටතේ සුඛෝපභෝගී කෙටි පාපුවරු සහිත බස් රථ 100ක් මිලදී ගැනීමේ රජයේ ප්‍රමුඛතම වැඩසටහනක්
  • රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය, කොට්ටාව-පිටකොටුව, කඩවත-පිටකොටුව, සහ මොරටුව-පිටකොටුව වැනි ප්‍රධාන මාර්ග ඔස්සේ නාගරික මගී ප්‍රවාහනය නවීකරණය කිරීම සඳහා "මෙට්‍රෝ බස් සමාගමක්" පිහිටුවීමත් ඒ සදහා බස් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
  •   රජය මහජන සංචලතාවයේ සහ ඩිජිටල්කරණය වූ ප්‍රවාහනයේ සන්ධිස්ථානයක් ලෙස හුවා දැක්වුවද, ප්‍රසම්පාදන විශ්ලේෂකයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් ප්‍රශ්න කරන්නේ සාධාරණ තරඟයක් නොමැතිව ටෙන්ඩර් ක්‍රියාවලිය හසුරුවා ඇත්ද යන්නයි.
  • බස් රථ මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය රජය විසින් නිවේදනය කිරීමෙන් සති කිහිපයකට පසු කොටස් වෙලදපලේ ලැයිස්තුගත ප්‍රමුඛ මෝටර් සමාගමක කොටස් මිලෙහි තියුණු පිම්මක් ඇතිවීමත් සමඟ මෙම මතභේදය වඩාත් ගැඹුරු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි මතභේදයට තුඩු දී ඇත.

මෙම ටෙන්ඩරය ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ එක් ප්‍රමුඛ පෙළේ සමාගමකට අනුග්‍රහය දක්වන අයුරින් ව්‍යුහගත කර ඇති බවට චෝදනා එල්ල වීම මෙයට හේතුවයි.

රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය, කොට්ටාව-පිටකොටුව, කඩවත-පිටකොටුව, සහ මොරටුව-පිටකොටුව වැනි ප්‍රධාන මාර්ග ඔස්සේ නාගරික මගී ප්‍රවාහනය නවීකරණය කිරීම සඳහා "මෙට්‍රෝ බස් සමාගමක්" පිහිටුවීමත් ඒ සදහා බස් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.  

රජය මහජන සංචලතාවයේ සහ ඩිජිටල්කරණය වූ ප්‍රවාහනයේ සන්ධිස්ථානයක් ලෙස හුවා දැක්වුවද, ප්‍රසම්පාදන විශ්ලේෂකයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් ප්‍රශ්න කරන්නේ සාධාරණ තරඟයක් නොමැතිව ටෙන්ඩර් ක්‍රියාවලිය හසුරුවා ඇත්ද යන්නයි.


බස් රථ මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය රජය විසින් නිවේදනය කිරීමෙන් සති කිහිපයකට පසු කොටස් වෙලදපලේ ලැයිස්තුගත ප්‍රමුඛ මෝටර් සමාගමක කොටස් මිලෙහි තියුණු පිම්මක් ඇතිවීමත් සමඟ මෙම මතභේදය වඩාත් ගැඹුරු වී ඇත.


දේශපාලන විචාරකයින් සහ වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම හදිසි මිල ඉහළ යාමේ කාලය කිසිසේත්ම අහම්බයක් නොවන බවත්, ටෙන්ඩරය නිල වශයෙන් නිකුත් කිරීමට පෙර අභ්‍යන්තර තොරතුරු කාන්දු වී තිබිය හැකි බවටත් ය.

රජයේ වාර්තාවලට අනුව, ටෙන්ඩර් ලේඛන සකස් කිරීමට සහභාගී වූ නිලධාරීන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටිති.

වඩාත්ම මතභේදාත්මක කරුණ වන්නේ, ලංසුකරුවන්ට අවසන් වසර පහෙන් අවම වශයෙන් වසර තුනකදී රුපියල් බිලියන 6 ($ 18 million) ඉක්ම වූ වාර්ෂික පිරිවැටුමක් පවත්වා තිබීම, සියයට 60 ට අඩු ධනවත්කම (positive asset-to-liability ratio) ඇතුළු දැඩි ශේෂ පත්‍ර සහ ද්‍රවශීලතා කොන්දේසි සහ අවසන් වසර පහෙන් වසර දෙකකදී රුපියල් බිලියන 3 ($ 9 million) ඉක්මවූ ක්‍රියාකාරී ප්‍රාග්ධනයක් තිබීම අවශ්‍ය යයි යන මූල්‍ය සුදුසුකම් නිර්ණායකයයි.

ප්‍රසම්පාදන විශේෂඥයින් තර්ක කරන්නේ එවැනි නිර්ණායක ව්‍යාපෘතියේ පරිමාණයට සාපේක්ෂව අධික සහ නොගැලපෙන බවයි.

"පිරිවැටුම් සීමාවන් මගින් සහතික විය යුත්තේ හැකියාව මිස, විශ්වාසනීය තරඟකරුවන් ඉවත් කිරීම නොවේ," ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. "මෙම අවශ්‍යතා මඟින් අතීතයේදී රජයට විශ්වාසනීය ලෙස වාහන සැපයූ බොහෝ දේශීය බස් ආනයනකරුවන් ඵලදායී ලෙස ඉවත් කරයි."

තාක්ෂණික පිරිවිතරයන් ද විමර්ශනයට ලක්ව ඇත. ලංසු තබන නිෂ්පාදකයින් අවසන් වසර පහෙන් අවම වශයෙන් වසර තුනකදී වාර්ෂිකව බස් රථ 750ක්වත් නිෂ්පාදනය කර තිබීම, රටවල් පහකට හෝ වැඩි ගණනකට ඒවා අපනයනය කර තිබීම සහ බහු ISO සහතික ලබාගෙන තිබීම අවශ්‍ය වේ.


එවැනි ප්‍රමිතීන් ජාත්‍යන්තර ප්‍රසම්පාදන සඳහා සාධාරණ බවක් පෙනුනද, විවේචකයින් තර්ක කරන්නේ, මෙම ඒකාබද්ධ අවශ්‍යතා මඟින් එක් නිශ්චිත නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදන පැතිකඩට සම්පූර්ණයෙන්ම සමපාත වන පටු නිර්නායකයන් ඇතුලත් කර එමඟින් අනෙකුත් සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගේ තරඟය ඵලදායී ලෙස වළක්වන බවත්ය.


මුලාශ්‍රය :

Luxury bus deal faces scrutiny over tender issues - By Bandula Sirimanna

සබැඳි පුවත් :

බස් ටෙන්ඩර් මගඩිය දේශපාලන කුණාටුවක් !

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සමාගමක කොටස් මිලෙහි අස්වාභාවික ඉහළ යෑම - රාජ්‍ය ටෙන්ඩරයක් පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් පිළිබඳ සැකයක් !

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...