BREAKING
Top Ad
Red Alert

ගැම්මට පැදලා - ඇම්මට මැරෙන යතුරු පැදිකරුවෝ (වීඩියෝ )

T

The Leader

August 2, 2026 • 5:52 AM

ගැම්මට පැදලා - ඇම්මට මැරෙන යතුරු පැදිකරුවෝ (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරකට යතුරුපැදිකරුවන් 800කට වැඩි පිරිසක් මියයාම හමුවේ ප්‍රමිතිගත හිස්වැසුම් භාවිතය සහ මාර්ග නීති සුරැකීමේ වැදගත්කම
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව මේ වන විට රට පුරා ලියාපදිංචි කර ඇති යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 51 ඉක්මවනවා.
  • 2025 වසරේදී පමණක් අලුතින් යතුරුපැදි දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා.
  • හරියටම සංඛ්‍යාව කිව්වොත්,  දෙලක්ෂ විසිතුන්දහස් හාරසිය විසිතුනක්  (223,423) ගිය අවුරුද්දේ විතරක් අලුතින් ධාවනයට එකතු වෙලා තියෙනවා.ඒ ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජනප්‍රිය සහ ලාභදායී ප්‍රවාහන මාධ්‍ය බවට පත්වෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


රජයේ මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මට පරිබාහිරව මහමග ආරක්ෂාව වෙනුවෙන් ආකල්පමය වෙනසක ප්‍රමුඛතාව



ලංකාවේ මහපාරේ ධාවනය වන සමස්ත වාහන සංඛ්‍යාවෙන් සියයට 58කටත් වඩා වැඩි ප්‍රමාණයක් යතුරුපැදි බව ඔබ දන්නවද?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව මේ වන විට රට පුරා ලියාපදිංචි කර ඇති යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 51 ඉක්මවනවා.

2025 වසරේදී පමණක් අලුතින් යතුරුපැදි දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. හරියටම සංඛ්‍යාව කිව්වොත්,  දෙලක්ෂ විසිතුන්දහස් හාරසිය විසිතුනක්  (223,423) ගිය අවුරුද්දේ විතරක් අලුතින් ධාවනයට එකතු වෙලා තියෙනවා.ඒ ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජනප්‍රිය සහ ලාභදායී ප්‍රවාහන මාධ්‍ය බවට පත්වෙමින්.

අඩු පිරිවැයකින් ගමන් බිමන් යාමට මෙය පහසුවක් වුවත්, මේ වේගවත් වර්ධනය පිටුපස බරපතල ජීවිත අවදානමක් සැඟවී තිබෙන බව නොරහසක්.

සමීක්ෂණ වාර්තාවල සඳහන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 2,500ත් 2,750ත් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙනවා.

පසුගිය 2025 වසරේදී වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් සිදුවූ මරණ 2,746 අතුරින් වැඩිම අගයක් හිමිකරගෙන ඇත්තේ යතුරුපැදිකරුවන්. සාමාන්‍ය අගයක් ලෙස ගත් විට, වසරකට යතුරුපැදිකරුවන් 800කට අධික සංඛ්‍යාවක් මහපාරේදී ජීවිතක්ෂයට පත්වෙනවා. මේ මරණ සංඛ්‍යාව බොහෝ විට මහ මග පදිකයන්ගේ මරණ සංඛ්‍යාව ඉක්මවා යන බරපතල තත්ත්වයක්.

මේ බොහෝ අනතුරුවලට ප්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ නොසැලකිලිමත් රිය ධාවනයයි.

වාර්තා වන අනතුරුවලින් සියයට 16.5ක් නොසැලකිලිමත් ලෙස ඉස්සර කිරීමට යාමෙනුත්, සියයට 14.5ක් හදිසියේ මංතීරු වෙනස් කිරීමෙනුත්, සියයට 13.3ක් අධික වේගය නිසාත් සිදුව ඇති බවයි විමර්ශනවලින් හෙළිවී ඇත්තෙ.

මෙහිදී තවත් බරපතලම කාරණයක් වන්නේ හිස්වැසුම් ආරක්ෂාවයි. ලංකාවේ නීතියට අනුව ඕනෑම හිස්වැසුමකට SLS 517 ප්‍රමිති සහතිකය  අනිවාර්යයි.

DOT, ECE හෝ ISI වැනි ජාත්‍යන්තර සහතික තිබුණද, දේශීය SLS සහතිකය නොමැති නම් එය නීත්‍යානුකූල නැහැ. පාරිභෝගික කටයුතු අධිකාරිය මෑතකදී කළ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර හෙල්මට් 431ක් අත්අඩංගුවට ගත් අතර, නිෂ්පාදන බලපත්‍ර අහෝසි වූ කාලසීමාවන්හිදී නිපදවන ලද හෙල්මට් 3,520ක අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කළා.

තත්ත්වය තවත් අතිශය සංවේදී වන්නේ යතුරුපැදිවල යන දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවයි. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ යතුරුපැදිවල පසුපස ගමන් කරන දරුවන්ගෙන් සියයට 76.5ක්ම හෙල්මට් පාවිච්චි නොකරන බවයි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මෙම නීතිය ක්‍රියාත්මක වීමේ පවතින ලිහිල් බව මේ සඳහා බලපා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව නිසි ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් පැළඳීම මගින් හිසට සිදුවන බරපතල හානි සියයට 42කින් සහ මරණීය අවදානම සියයට 69කින් අඩුකර ගත හැකි බව සහතික කරලා තියෙනවා.

මේ බරපතල අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන රජය විසින් මේ වන විටත් 2025–2026 මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම හරහා විද්‍යුත් කැමරා පද්ධති සහ දැඩි නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් ඉන්නවා.

කෙසේ වෙතත්, නීති දැඩි කිරීමෙන් පමණක් මෙම අනතුරු අවම කරගන්න බැහැ. ඒ සඳහා මාර්ග භාවිතය වගේම රිය ධාවනය පිළිබඳ පොදුවේ දියුණු සංස්කෘතියක් ගොඩනැගිය යුතු වෙනවා. තමන් ගැන වගේම  අනෙකාගේ ජීවිතවල වටිනාකම පිළිබඳ සැලකිලිමත්වීමේ මානසික සුදානම එකී සංස්කෘතික හැඩගස්ම තුළ නිර්මාණය වනු ඇති... එවැනි පසුබිමක නොසැලකිලිමත්  රිය අනතුරු අවම කරගත හැකි වනු ඇත.  

ඒ වෙනකල්වත් මහපාරට බසින සෑම යතුරුපැදිකරුවෙකුම තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම එය පුරවැසි වගකීමක් ....

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...