මූල්‍ය කළමනාකරු වගකීම පැහැර හැරලා
මෙම වංචාව සිදු කර ඇත්තේ ආයතනීය පරිගණක දත්ත පද්ධතිය වෙත ඇතුළු වී සංඛ්‍යාත්මක දත්ත වෙනස් කරමින් ගෙවීම් කරන ලද වවුචර් සඳහා නැවත චෙක්පත් ලියමින් ගෙවීම් සිදු කරමිනි. මෙම වංචාව නිතැතින්ම හෙළිදරව් විය යුතු වුවද සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ) කළමනාකරු මේ පිළිබඳව සුපරික්ෂාකාරීව සොයා නොබලා වගකීම විරහිතව කටයුතු කිරීම හේතුවෙන් මෙම මූල්‍ය අලාභය සිදු වී තිබේ.
මාස හතරක පමණ කාලයක සිට මෙම වංචාව සිදු කර ඇති අතර බැංකු සැසඳුම් මගින් හෙළිදරව් විය යුතු මෙවැනි කාරණා හෙළිදරව් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් වක්‍රාකාරයෙන් මෙම වංචාවට උදව් කිරීම සිදුවී ඇති බව ආයතන සේවකයෝ පවසති. මේ සම්බන්ධයෙන් විෂයභාර නිලධාරී සහ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සෘජුව වගකිව යුතු අතර එකම වවුචර් පතෙන් දෙවරක් ගෙවීම් කිරීම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූවක් බව සදහන් වේ.
සභාපතිනිය ගොළු වෙලා
ආයතන සංග්‍රහයට අනුව මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් එයට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවා ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරමින් කටයුතු කළ යුතු වුව ද වත්මන් සභාපතිනිය ඇතුළු කළමණාකාරිත්වය මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නොමැත. මින් පෙර සිදුවූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 36ක් මරා දමන ලද සිද්ධියේ එවකට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරිය වශයෙන් සිටි වත්මන් සභාපතිනි ගීතාමණී සී.කරුණාරත්න එම සිදුවීම යට ගැසුවා සේම මෙම වංචාව ද යට ගසන්නට කටයුතු කරමින් සිටින්නී ය.
වත්මන් ආණ්ඩුව පත්කළ අධ්‍යක්ෂවරයා ද...?
මෙම ඉහත කී සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ) කළමනාකරු මේ වන විට වැඩ බලන තනතුරෙහි පිහිටවා ඇති අතර ඔහුට නිත්‍ය තනතුරක් ඇති කිරීම සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ ද කැඳවා ඇත. තව ද වර්තමාන රජය විසින් පත් කර ඇති සංස්ථා කළමනාකර අධ්‍යක්ෂවරයා ද මෙම සොරකමට උඩගෙඩි දෙන බව ද සංස්ථා සේවකයන් දැඩි අප්‍රසාදයෙන් යුතුව කියා සිටී. මෙම වංචා කරන ලද මුදල් පෞද්ගලික ගිණුම් දෙකක් වෙත බැර කර ගෙන ඇති අතර චෙක්පත් 12කින් මෙම වංචාව සිදු කර ඇත.
වංචාකරුවන්ට ඥාති සංග්‍රහ
මේ සම්බන්ධයෙන් ආයතන කළමනාකාරිත්වය ඉහත කී මූල්‍ය අංශ ප්‍රධානී මෙම වංචාවට අදාළ වගකීම්වලින් මුදා හැර ඔහුව බේරීමට ඉතා විශාල පරිශ්‍රමයක් දරන බව වෘත්තිය සමිති නිලධාරීන්ගෙන් ලද තොරතුරුවලින් අනාවරණය විය. ඒ සඳහා ඔවුන් පවසන පරිදි ඉහළ කළමනාකාරිත්වය සමග ඉහත කී නිලධාරියගේ පියාගේ හිතවත්කමක් හේතුවක් වී ඇති බව ද දැනගන්නට ලැබිණි.
මීට ප්‍රථමද මෙම ආයතනය විකුණුම් අංශය සහ මූල්‍ය අංශය ඒකාබද්ධව කටයුතු නොකිරීම හේතුවෙන් කෝටි 8ක පමණ වංචාවක් හෙළදරව් වී ඇති අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නඩු කටයුතු සිදු කරමින් ද පවතී. එහි දී ද ජාතික විගණන කාර්යාලය සහ අභ්‍යන්තර විගණක අංශය විසින් හෙළිදරව් කළ පරිදි මූල්‍ය අංශ ප්‍රධානින් මේ සඳහා පැහැදිලිව වගකිව යුතු බව සඳහන් කර තිබිය දී ද ආයතනික පරිපාලන විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තුරු සියල්ලෝ අවධානයෙන්
අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පවා අදාළ තොරතුරු ලබා දී ඇතත් ඒ සම්බන්ධයෙන් පවා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට වත්මන් පරිපාලනය කිසිදු උනන්දුවක් දක්වා නොමැති බව වෘත්තිය සමිති නිලධාරීන් විසින් තවදුරටත් අවධාරණය කර සිටී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කටයුතු පවත්වා ගෙන යනු ලබන අතර මෙම සිදුවීමට සම්බන්ධ සියලුම නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තුරු සියල්ලෝ අවධානයෙන් පසුවෙති.
මෙම වංචාව සම්බන්ධයෙන් ඉහත කී සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) කළමනාකරුට විරුද්ධව සිදු කළ යුතු ක්‍රියාමාර්ග වහාම නොගතහොත් ලබන සඳුදා වන විට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද වෘත්තිය සමිති විසින් ප්‍රකාශ කොට ඇත.
ආයුර්වේද සංස්ථාවෙ ලක්ෂ 271කට විදලා
T
The Leader
March 26, 2025 • 4:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවෙ සිදුව ඇති බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ සිදුකරන ලද අනාවරණයකට අනුව ලක්ෂ 271 කට ආසන්න මුදලක් වංචා කර ඇතියි වාර්තා වේ.
- මාස හතරක පමණ කාලයක සිට මෙම වංචාව සිදු කර ඇති අතර බැංකු සැසඳුම් මගින් හෙළිදරව් විය යුතු මෙවැනි කාරණා හෙළිදරව් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් වක්‍රාකාරයෙන් මෙම වංචාවට උදව් කිරීම සිදුවී ඇති බව ආයතන සේවකයෝ පවසති.
- මේ සම්බන්ධයෙන් විෂයභාර නිලධාරී සහ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සෘජුව වගකිව යුතු අතර එකම වවුචර් පතෙන් දෙවරක් ගෙවීම් කිරීම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූවක් බව සදහන් වේ.
- මෙම ඉහත කී සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ) කළමනාකරු මේ වන විට වැඩ බලන තනතුරෙහි පිහිටවා ඇති අතර ඔහුට නිත්‍ය තනතුරක් ඇති කිරීම සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ ද කැඳවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


