මේ අතර මියගිය මහාචාර්යවරියකගේ නාමිකයා නම් කරන ලද ප්‍රකාශයෙහි සාක්ෂිකරුවන් දෙදෙනෙකු අත්සන් නොකිරීම සහ මහාචාර්යවරියගේ අත්සන් ව්‍යාජ බව නිරීක්ෂණය වී තිබියදී ඇයට හිමි ලක්ෂ තිස් දෙකකට වැඩි සේවක අර්ථ සාධක ප්‍රතිලාභය ඇයගේ ස්වාමිපුරුෂයාට ගෙවා තිබූ බව එහි දැක්වේ.
තවද මියගිය මහාචාර්යවරියට හිමිව තිබුණු ලක්ෂ විසිහයකට ආසන්න සේවක පාරිතෝෂික ප්‍රතිලාභයද අනෙකුත් උරුමකරුවන් පිළිබඳව නොසලකා ඇයගේ ස්වාමිපුරුෂයාට පමණක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මේ අතර පර්යේෂණ කමිටුවක අනුමැතියකින් තොරව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කතිකාචාරවරුන් දෙදෙනෙකුට ලක්ෂ හතලිස් හතකට වැඩි පර්යේෂණ දීමනා ගෙවා තිබූ පවසන එම වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ පූර්ණ අනුමැතියකින් තොරව කෝටි 45ක පමණ අතිරික්ත මුදලක් 2023 වර්ෂයේදී ආයෝජනය කර තිබූ බව ප්‍රකාශ කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
විගණනයට කොලේ වහලා පේරාදෙණියේ දේශකයින් අනූ දෙදෙනෙකුට කෝටි 33ක් ගෙවලා !
T
The Leader
February 26, 2025 • 11:15 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
- මේ තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
- තවද මියගිය මහාචාර්යවරියට හිමිව තිබුණු ලක්ෂ විසිහයකට ආසන්න සේවක පාරිතෝෂික ප්‍රතිලාභයද අනෙකුත් උරුමකරුවන් පිළිබඳව නොසලකා ඇයගේ ස්වාමිපුරුෂයාට පමණක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


