BREAKING
Top Ad
Red Alert

ප්‍රධාන රෝහල් 4ක පිළිකා විකිරණ යන්ත්‍ර අක්‍රියයි - රෝගී ප්‍රතිකාර නවතී

T

The Leader

April 29, 2025 • 4:46 AM

ප්‍රධාන රෝහල් 4ක පිළිකා විකිරණ යන්ත්‍ර අක්‍රියයි - රෝගී ප්‍රතිකාර නවතී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධාන රෝහල් හතරක පිළිකා ඒකකවල පවතින ‘ලීනියර් ඇක්සලේටර්’ පිළිකා විකිරණ යන්ත්‍ර හතරක් අක්‍රිය වීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන් බිඳවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
  • රුපියල් කෝටි 80ක් පමණ වන මෙම නවින තාක්ෂණයෙන් සමන්විත ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර සඳහා උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ යුතු අතර ඒ සඳහා වායුසමීකරණ යන්ත්‍ර සහ සිසිලන යන්ත්‍ර (chiller) භාවිත කෙරේ.
  • එම යන්ත්‍රවල පවතින දෝෂ සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශ්ව දැනුවත් කර ඇතත්, එම සිසිලස පද්ධතිය සහ වායුසමීකරණ පද්ධතිය නඩත්තු සහ සේවා සැපැයීම මේ වන විටත්, සිදු කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නොමැති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කරාපිටිය, මහරගම අපේක්ෂා රෝහල, මඩකලපුව සහ යාපනය යන රෝහල්වල පිළිකා විකිරණ යන්ත්‍ර මෙලෙස අක්‍රිය වී තිබේ.

රුපියල් කෝටි 80ක් පමණ වන මෙම නවින තාක්ෂණයෙන් සමන්විත ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර සඳහා උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ යුතු අතර ඒ සඳහා වායුසමීකරණ යන්ත්‍ර සහ සිසිලන යන්ත්‍ර (chiller) භාවිත කෙරේ. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව ප්‍රශස්ත මට්ටමේ නොමැති නම් එම යන්ත්‍රයෙන් ප්‍රතිකාර කටයුතු කළ නොහැකි බව එම සංගමය කියයි.

එම යන්ත්‍රවල පවතින දෝෂ සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශ්ව දැනුවත් කර ඇතත්, එම සිසිලස පද්ධතිය සහ වායුසමීකරණ පද්ධතිය නඩත්තු සහ සේවා සැපැයීම මේ වන විටත්, සිදු කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නොමැති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

( divaina| සුජීව තත්සර)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...