BREAKING
Top Ad
Red Alert

අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි

T

The Leader

February 4, 2025 • 11:10 PM

අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහරගම අපේක්ෂා රෝහල සඳහාවූ පරිත්‍යාග ගිණුමේ තිබූ රුපියල් කෝටි හතළිහක අරමුදල් 2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
  • විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි පැවසෙන්නේ 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය.
  • මේ අතර කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.
  • මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ අතර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බවද එම වාර්තාවෙ  දැක්වේ.

විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි පැවසෙන්නේ 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය.

මේ අතර කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.

'ලිට්ල් හාට්' ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද  2023 වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි අටක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.

( lankadeepa | සුජිත් හේවාජුලිගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...