BREAKING
Top Ad
Red Alert

ලැබෙන්න තියන රුපියල් කෝටි 450ක් ගන්න ආණ්ඩුවේ උනන්දුවක් නැත්තේ ඇයි? | Saroj Pathirana

T

The Leader

April 19, 2025 • 9:22 AM

ලැබෙන්න තියන රුපියල් කෝටි 450ක් ගන්න ආණ්ඩුවේ උනන්දුවක් නැත්තේ  ඇයි? | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | යුක්රේනයට එරෙහිව සටන් වැදී සිටින ශ්‍රී ලාංකික සහ රුසියානු සෙබළුන්
  • පැහැදිලිවම මේ වෙනකොට 100කට වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මිය ගිහින්.
  • සමහරු කියන විදියට 200 කට වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වෙලා තියෙනව.
  • ඒ අයගෙන් 99%ක්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් හෝ සෙබළුන්.
අකුරු ප්‍රමාණය (Font Size):


රුසියාවේදී මියගිය එක් ශ්‍රී ලාංකිකයෙකුට ලැබෙන රක්ෂණ වන්දිය රුපියල් ලක්ෂ 450ක්!

ඊට අමතරව ඔවුන්ගේ පවුල්වලට මාස් පතා දීමනාවකුත් ලැබෙන්න නියමිතයි.

පැහැදිලිවම මේ වෙනකොට 100කට වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මිය ගිහින්. සමහරු කියන විදියට 200 කට වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වෙලා තියෙනව. ඒ අයගෙන් 99%ක්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් හෝ සෙබළුන්.  

සිය දෙනෙක් මිය ගිහිල්ල නම් ලැබෙන්න නියමිත වන්දිය රුපියල් ලක්ෂ 45,000ක්.

ශ්‍රී ලාංකිකයින් පිරිසක් මිය ගිහින් කියල රුසියාව මුලින්ම දැනුම් දුන්නේ ගිය අවුරුද්දේ ජුනි මාසේ. මේ වෙනකොට විස්සකට වැඩි පිරිසකගේ අවමගුල්  උත්සවත් පවත්වලා.

ඒත් තවමත් ඒ කිසිම පවුලකට නිල වශයෙන් වන්දිය ලැබිල නැහැ. ඒ අතරෙ ලංකාවේ ආණ්ඩුව මියගිය, අතුරුදහන් වෙලා ඉන්න විශ්‍රාමික සොල්දාදුවන්ගේ විශ්‍රාම වැටුපත් කපල. සිංහල භාෂාවෙන් මරණ සහතිකය එන තුරු ඒ පවුල්වලට වැන්දඹු, අනත් දරු අරමුලදවත් ලැබෙන්නේ නෑ.

ඒ වන්දිය ලබා ගැනීම ඒ පවුල්වලට සහනයක් වගේම ආර්ථික අර්බුදයක් තියන මොහොතක මේකත් රටට ලැබෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක්.

අනික තවත් සමහරුන්ට තුවාල වීම නිසා ලැබෙන්න තියන වන්දිය ලැබිලත් නැහැ.

මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා, රුසියාවත් එක්ක කතා කරලා ඉක්මනින් මේ වන්දි මුදල් ලබාගන්න ආණ්ඩුව උත්සුක නොවෙන්නේ ඇයි?

මේ මිනිස්සුන්ට සහනයක් වගේම රටට එන්න තියන මේ තරම් විදේශ විනිමයක් ලබාගන්න ආණ්ඩුවේ උනන්දුවක් නැත්තේ ඇයි ?

ඒ වගේම ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් රවට්ටලා රුසියාවේ යුද්ධයට බඳවා ගැනීම ගැන - මිනිස් ජාවාරම ගැන - පොලිස් අපරාධ විමර්ශන කොට්ටාශය පසුගිය ආණ්ඩුව කාලේ පටන් ගත්ත පරීක්ෂණයට මොකද වුනේ?

පසු සටහන: රුසියාවේ හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ ඉරණම ගැන තවත් විස්තර මම වරින් වර සංදේශය නාලිකාවෙත් ඉදිරිපත් කරලා තියෙනව

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 අප්‍රේල් 18

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...