BREAKING
Top Ad
Red Alert

CT, MRI පරීක්ෂණ වාර්තා වල ඩිජිටල් පිටපත් පරීක්ෂා කිරීමේ නව පද්ධතිය (PACS) ස්ථාපිත කිරීමේ දී මූල්‍ය අක්‍රමිකතා‍

T

The Leader

May 21, 2025 • 10:38 AM

 CT, MRI පරීක්ෂණ වාර්තා වල ඩිජිටල් පිටපත් පරීක්ෂා කිරීමේ නව පද්ධතිය  (PACS) ස්ථාපිත කිරීමේ දී මූල්‍ය අක්‍රමිකතා‍  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2019 වර්ෂයේ CT, MRI පරීක්ෂණ වාර්තාවල ඩිජිටල් පිටපත් පරීක්ෂා කිරීමේ නව පද්ධතිය (PACS පද්ධතිය) ස්ථාපිත කිරීමේ දී සිදු වූ මූල්‍ය අක්‍රමිකතා‍
  • මතු පළ වන්නේ අදාළ සම්පූර්ණ තොරතුරු ඇතුළත් වාර්තාව ය.
  • එම ව්‍යාපෘති වාර්තාව පමණක් සැලකිල්ලට ගෙන ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඩොලර් මිලියන 33.25කට සහ ඊට අදාළ පොලිය ‍ලෙස ඩොලර් මිලියන 1.3ක් ‍වාරික වශ‍යෙන් ගෙවීමට 2019.10.02 දින එම චීන සහ මැලේසියානු සමාගම් 02 සමග සෞඛ්‍ය අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇත.
  • එම මුල් ගිවිසුමේ, මාස 03ක් ඇතුළත රෝහල් 20ක් තුළ PACS පද්ධතිය සවිකිරීමෙන් අනතුරුව, මුල් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.022ක් ගෙවිය යුතු බව සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳ වාර්තාවක් නිකුත් වේ.

මතු පළ වන්නේ අදාළ සම්පූර්ණ තොරතුරු ඇතුළත් වාර්තාව ය.


2016 වර්ෂයේ දී චීනයේ හයිනාකොම් සොෆ්ට් වෙයාර් හා ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනය හා මැලේසියාවේ රෙඩ්ටෝන් සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිඳු ඉල්ලීමකින් තොරව විද්‍යුත් රූප සංරක්ෂණය සන්නිවේදන විකිරණ තොරතුරු පද්ධතිය (PACS) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත.


එම ව්‍යාපෘති වාර්තාව පමණක් සැලකිල්ලට ගෙන ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඩොලර් මිලියන 33.25කට සහ ඊට අදාළ පොලිය ‍ලෙස ඩොලර් මිලියන 1.3ක් ‍වාරික වශ‍යෙන් ගෙවීමට 2019.10.02 දින එම චීන සහ මැලේසියානු සමාගම් 02 සමග සෞඛ්‍ය අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇත.

එම මුල් ගිවිසුමේ, මාස 03ක් ඇතුළත රෝහල් 20ක් තුළ PACS පද්ධතිය සවිකිරීමෙන් අනතුරුව, මුල් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.022ක් ගෙවිය යුතු බව සඳහන් කර ඇත.


PACS පද්ධතිය රෝහල් 20 ක් තුළ සවි කළ යුතු වුව ද කොන්ත්‍රාත්තරු විසින් ජාතික රෝහල - කොළඹ, මහනුවර, කරාපිටිය, කළුතර ශික්ෂණ රෝහල හා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල යන මුල් රෝහල් 05 පමණක් ස්ථාපිත කරන ලදී. 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා නිකුත් කරන ලද මූල්‍ය ප්‍රකාශනයේ විගණන වාර්තාවට අනුව, PACS මොඩියුලයට අදාළව පහත කරුණු නිරීක්ෂණය කරගෙන ඇත.

 

ඒ අනුව,

* මෙම PACS පද්ධති ස්ථාපිත කිරීමට අවශ්‍ය බවට එම රෝහල්වලින් ලිඛිත ඉල්ලීම්  ලබා දී නොමැති අතර, වෙනත් කිසිදු පාර්ශවයකින් ද ඉල්ලීමක් කර නොමැත.

* ව්‍යාපෘතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොමැති බවත්, පිරිවැය ඇස්තමේන්තුවක් හෝ පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් අමාත්‍යාංශය මට්ටමින් සිදු කර නොමැති බව ද නිරීක්ෂණය වී ඇත.

* මෙය අසාර්ථක ව්‍යාපෘතියක් බව නිරීක්ෂණය වී ඇති වකවානුවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම් විසින් දිගින් දිගටම රෝහල් 20 ම අදාළව ‍පළමු ණය වාරිකය ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් එ.ජ. ඩොලර් මිලියන 3.022ක් ඉල්ලා ඇත.

* එ‍සේ වුවද ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක රෝහල් පහට අදාළව පමණක් වාරික මුදල ගෙවීමට ඇස්තමේන්තුවක් සකස් කර එවන ලෙස දන්වා ඇත.

* එහෙත් එම සමාගම් විසින් රෝහල් පහට අදාළව තමන්ට ‍ගෙවිය යුතු මුළු මුදල ඩොලර් මිලියන 5.48 ක් බව දන්වා එවා ඇත. නමුත්, ජාතික අයවැය දෙපාර්තමේන්තු විසින් නැවත වරක් රෝහල් 05ක ‍ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය ඩොලර් මිලියන 5.48ක් නම් ඒ අනුව ගෙවිය යුතු වාරිකය නිශ්චිතව දන්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා තිබුණි.

* එනමුත් ඒ පිළිබඳව අවධානය යොමු නොකර ගෙවිය යුතු වාරික මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3.022 ක් බව නැවතත් දන්වා, ගෙවීම් කිරීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් මුදල් ‍ඉල්ලා ඇත.

* ඒ අනුව, පරිපූරක ප්‍රතිපාදනයක් ලෙස රුපියල් මිලියන 968ක් වෙන්කර දී ඇති බැවින් අමාත්‍යාංශය විසින් පත් කළ පස් දෙනෙකුගෙන් යුත් කමිටුවේ නිර්දේශය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හෝ ජාතික අයවැය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට නොගෙන පදනම් විරහිත ලෙස ඩොලර් මිලියන ‍3.022 වෙනුවෙන් බැංකු ගාස්තු ද සමග රුපියල් මිලියන 39.485 ක් අදාළ ‍සමාගමට ගෙවා ඇත.

 

PACS පද්ධතිය සවි කිරීමට අදාළ කොන්ත්‍රාත් ආයතනය විසින් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දෙවන වාරිකය ඉල්ලා තිබුණ ද, අමාත්‍යාංශය විසින් මෙම පද්ධති නිරීක්ෂණයට පත් කළ අට පුද්ගල කමිටුව විසින් දෙවන වාරිකය නිදහස් කිරීම නිර්දේශ නොකරන ලද අතර, අමාත්‍ය මණ්ඩල සම්මුති සාකච්ඡා කමිටුවක් හරහා කොන්ත්‍රාත් ආයතනය සමග අදාළ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට එකඟතාවයකට එළඹීමට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එහෙත් අදාළ සමාගම 2025 මාර්තු 28 දින දෙවන වාරික මුදලින් 75%ක මුදලක් ගෙවන ලෙස ඉල්ලා ඇතත් PACS පද්ධතිය සවි කිරීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පැමිණිල්ලක් විභාග වෙමින් පවතින බැවින් හා පද්ධතිය සවිකිරිමේ අඩුපාඩු නිරීක්ෂණය වී ඇති බැවින් තවදුරටත් ගෙවීම් කළ නොහැකි බව දන්වා ඇති අතර, අදාළ සමාගම් විසින් පද්ධතියේ නඩත්තු කටයුතු ද නවතා ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...