BREAKING
Top Ad
Red Alert

දූෂණ විරෝධී කයියේ සහ කෙරුවාවේ වෙනස | Jayalathge Sunil Gamini

T

The Leader

December 16, 2025 • 6:10 AM

දූෂණ විරෝධී කයියේ සහ කෙරුවාවේ වෙනස | Jayalathge Sunil Gamini

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය ආණ්ඩුවල සිටි දේශපාලකයෝ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සිදු කළ දූෂිත ක්‍රියාවන් ගැන ෆයිල් පිටින් උස්සාගෙනවිත් ජනතාව හමුවේ තැබූ අය අද ඉන්නේ ආණ්ඩුවේ ය.
  • දූෂිතයන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබා දීමටත්, නැවත එවැනි දූෂණ සිදු නොවීමටත් මොවුන් වගබලා ගනු ඇතැයි යන බලවත් විශ්වාසය අප සියළු දෙනා තුළම දැඩිව පැවැතින.
  • නමුත් මේ වන විට, ඇතැම් ඇමැතිවරු සහ ඔවුන්ට අයත් රාජ්‍ය ආයතනවලට පත් කර ඇති ඇතැම් ප්‍රධානීන් විසින් සිදු කරමින් සිටින ක්‍රියා දෙස බැලූ විට මොවුන්ගේ දූෂණ විරෝධී කයිය සහ කෙරුවාව අතර ඇති බරපතල පරස්පරය මේ වන විට හොඳින් පෙනෙන්නට පටන් ගෙන ඇත.
  • NPP ආණ්ඩුවේ පරිසර ඇමති ධම්මික පටබැඳී, අසා ඇති පරිදි හොඳ JVP කාරයෙක් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අයට ආණ්ඩු කිරීමට බලයක් ලබා දිය යුතු යැයි, අපිට හැකි අයුරින් අපි පැවසුවේ ද දැඩි විශ්වාසයකින් යුතුව ය. ජනතාව ඒ බලය පවරා දෙන විට අපට ද දැනුනේ පුදුම සතුටක් ය. දූෂිතයන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබා දීමටත්, නැවත එවැනි දූෂණ සිදු නොවීමටත් මොවුන් වගබලා ගනු ඇතැයි යන බලවත් විශ්වාසය අප සියළු දෙනා තුළම දැඩිව පැවැතින.

නමුත් මේ වන විට, ඇතැම් ඇමැතිවරු සහ ඔවුන්ට අයත් රාජ්‍ය ආයතනවලට පත් කර ඇති ඇතැම් ප්‍රධානීන් විසින් සිදු කරමින් සිටින ක්‍රියා දෙස බැලූ විට මොවුන්ගේ දූෂණ විරෝධී කයිය සහ කෙරුවාව අතර ඇති බරපතල පරස්පරය මේ වන විට හොඳින් පෙනෙන්නට පටන් ගෙන ඇත.

NPP ආණ්ඩුවේ පරිසර ඇමති ධම්මික පටබැඳී, අසා ඇති පරිදි හොඳ JVP කාරයෙක් ය. එහෙව් ඇමැති කෙනෙක් යටතේ පවතින ආයතනයක සිදු වෙමින් පවතින දූෂණ ගැන, සාක්ෂි සාධක සහිතව එළිදරව් කළ විටත් ඔහු වගේ වගක් නැතිව සිටී.

ඔහුගේ අමාත්‍යංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර සිටින ටර්නි ප්‍රදීප් කුමාර නමැත්තා, එම දෙපාර්තමේන්තුවේ සිටින දූෂිත නිළධාරීන්ට රිසි සේ දූෂණයේ යෙදීමට එළිපිට ඉඩ කඩ සපයමින් සිටින්නේ කිසිදු ලැජ්ජාවක් සහ හිරිකිතයක් නැතිව ය. 

පහත දැක්වෙන්නේ ටර්නි ප්‍රදීප් කුමාර ප්‍රධානියා ලෙස සිටින දෙපාර්තමේන්තුවේ අතිශයින්ම දූෂිත නිලධාරියෙකු වූ, වෙරළ සංවර්ධන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සකුන්ත පත්මසිරි යන අය විසින් ඔහුගේ හිතවතෙකුට ටෙන්ඩර්යක් ලබාදීම වෙනුවෙන් ඔහුගේ අත් අකුරින්ම සකස් කළ කූඨ ලේඛන කිහිපයකි.

598290293 32621967594117631 1843458194473293274 n
ටෙන්ඩරය සඳහා මිල ගණන් කැඳෙව්වේ වෙරළ සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා යන්ත්‍ර පැය 150 ක් සඳහා ටොන් 12 එක්ස්කැවේටර් යන්ත්‍රයක් සහ දින 6 ක් සඳහා කුලී පදනම මත, කියුබ් 3 ක ධාරිතාවයෙන් යුතු ටිපර් රථයක්  සැපයීම වෙනුවෙන්ය. එම ලංසු විවෘත කළේ 2025 මාර්තු 24 වැනි දා ය.  

ලියාපදිංචි සැපයුම් කරුවන් වන M. D. Construction, Dayamond Construction සහ Arkin Engineering (PVT) Ltd යන ආයතන වලින් ලංසු කැඳවා තිබුණත්, ටෙන්ඩරය විවෘත කළ විට ලංසු ඉදිරිපත් කොට තිබුණේ  M. D. Construction ආයතනය පමණය. ඔවුන් ඉදිරිපත් කර තිබූ මිල ගණන් වන්නේ, ටොන් 12 එක්ස්කැවේටර් යන්ත්‍රයට පැයක් සඳහා රු. 8250 ක් සහ එක් දිනක් සඳහා කියුබ් 3 ටිපර් රථයක් වෙනුවෙන් රු. 38500 ක් ය.

ලංසු විවෘත කිරීමේ කමිටුව, අදාළ මිල ගණන් එම ලංසු ලේඛන වල සඳහන් කොට, අනිවාර්යයෙන් යෙදිය යුතු දින මුද්‍රාව යොදා ඒ මත ලංසු විවෘත කිරීමේ කමිටුවේ සමාජිකයන් ගේ අත්සන් යොදා ඇත.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව නම්, ඉන් අනතුරුව සිදු විය යුත්තේ අදාල ලේඛන ප්‍රසම්පාදන කළමනාකරණ අංශය ට භාර දීම ය. එහෙත් මේ රජය යටතේ පත්වීම් ලබා සිටින අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර වසරක් ගෙවී ඇති මේ මොහොත වන තුරුත් එකී අංශය පිහිටුවා නැත.

මේ අනුව ලංසු විවෘත කිරීමෙන් පසුව එම ලේඛන භාර දී ඇත්තේ වෙරළ සංවර්ධන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සකුන්ත පත්මසිරි නමැත්තාටය. මොහු කූඨ ලේඛන සැකසීමේ රුසියෙකි. එමඟින් ඔහු තමන්ගේ හිතවතුන්ට ටෙන්ඩර් ලබාදීමේ මගඩිය දිගටම කරගෙන යන්නෙකි.

මේ දූෂිත ඉංජිනේරුවා, ඉහත සඳහන් ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර නොතිබුණු M. M. G. Construction නමැති ආයතනය ලංසු ඉදිරිපත් කළ බවට වූ කූඨ ලේඛන වංචනික ලෙස සකසා ලංසු විවෘත කිරීමේ ලේඛන ඇතුළත් ලිපිගොනුවට ඇතුලත් කොට තිබේ. මෙම කූඨ ලේඛනය වංචනික ලෙස ලිපිගොනුවට ඇතුළත් කර ඇති බව හෙළිදරව් වූයේ, මෙය හදිසි වැඩක් ලෙස සලකා, අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීමට සුළු ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ය. 

තමන්ව රැවටීමට සහ වංචාවකට හසුකර ගැනීමට සකුන්ත පත්මසිරි ගත් උත්සාහය හමුවේ කලකිරිමට පත් වූ සුළු ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරිය එම කමිටුවෙන් ඉල්ලා අස් විය. පසුව මේ පිළිබඳව පැමිණිලි කිරීමටත්, ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන අංශය සිදු කළ පරීක්ෂණයේදි සාක්ෂි ලබා දීමටත් ඇය කටයුතු කර ඇත.

අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ටර්නි ප්‍රදීප් කුමාරට භාර දී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී ය. ඔහු එම වාර්තාව තමන්ගේ ලාච්චුවේ දමාගෙන සිටී. කූඨ ලේඛන සැකසූ නිලධාරියාට එරෙහිව ටර්නි ප්‍රදීප් කුමාර විසින් කිසිදු ක්‍රියා මාර්ගයක් මේ වන තුරු ගෙන නැතුවා පමණක් නොව ඔහුට තව තවත් බලතල ලබාදෙමින් සිටී. එසේම මේ වන විට, දූෂිත නිලධාරියාට එරෙහිව පරීක්ෂණ සිදු කළ අභ්‍යන්තර විගණන අංශය ද ප්‍රධානියෙක් පත් නොකර ටර්නි ප්‍රදීප් කුමාර විසින් අකර්මණ්‍ය කර ඇත.

අමාත්‍ය මණ්ඩලයේ අධිකාරිය යටතේ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 1999 දී නිකුත් කරන ලද ආයතන සංග්‍රහයට අනුව, රජයේ නිලධාරියෙකු කූඨ ලේඛන සැකසීම බරපතල විෂමාචාරයකි. එය ආයතන සංග්‍රහයේ 31 : 1 : 12 යටතේ දක්වා ඇත්තේ මෙසේය. "රාජකාරි ලිපිලේඛන වෙනස් කිරීමට හෝ විකෘති කිරීමට හෝ විනාශ කිරීමට හෝ කූඨ ලේඛන සැකසීමට හෝ කටයුතු කිරීම."

මෙවැනි විෂමාචාරයක් සිදු කළ රාජ්‍ය නිලධාරියෙකුව රාජකාරි වැඩ තහනමකට භාජනය කිරීම සහ අනිවාර්ය නිවාඩු පිට තැබිය හැකි බවත්, එය සිදු කළ යුත්තේ කෙසේද යන්නත් ආයතන සංග්‍රහයේ 31 යටතේ ඉතා පැහැදිලිව දක්වා ඇත. ( ආයතනය සංග්‍රහයේ ඇති එම කොටස පහත දක්වා තිබේ.)

දූෂිතයන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට පැහැදිලි ප්‍රතිපාදන තිබියදීත්, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර කරමින් සිටින්නේ දූෂිතයන් ආරක්ෂා කිරීම ය. 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ කොතරම් හෙළිදරව් සිදු කළත් ඔහු බීරි අලියෙකු මෙන් සිටී. ටර්නි ප්‍රදීප් කුමාර හොරු, දූෂිතයන් රකිනවා යැයි එළිදරව් කළ අපි, මේ ගැන සොයා බලන්නැයි ඇමැති ධම්මික පටබැඳිට ඇසෙන්නට කීවෙමු. ඇමැති ඊට හපන් ය. 

ටර්නි ප්‍රදීප් කුමාර දූෂිතයන් රකින විට, ටර්නිව රකින්නේ ඇමැති ධම්මික පටබැඳී ය. ටර්නි රැකීම සඳහා නොමඳ සහායක් ලබා දෙන අනෙක් පිරිස ඉන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ය. ඒ මාතර රාහුලයේ අධ්‍යාපන ලැබූ ටර්නි ගේ පාසැල් මිතුරෝ සහ ටර්නි ගේ සරසවි මිතුරෝ ය. මේ සහාය පිළිබඳව  ඉතා හොඳින් දන්නා දෙපාර්තමේන්තුවේ සිටින (මාතර රාහුලයෝ ද ඇතුළත්) දූෂිත නිළධාරීන්  කිසිදු බාධාවකින් තොරව දිගටම දූෂණයේ යෙදෙමින් සිටිති.

අහෝ... දූෂණ සහ දූෂිතයන් මඬින්නට ගෙන්වා ගත් ආණ්ඩුවකට යන කල.. 

කොල්ලුපිටිය වලව්ව බලයේ සිටින විට තිබුණේ 'රෝයල්  කොලේජ් ' ගැට්ට ය. තඹුත්තේගම කොල්ලා බලයට පත්වීමෙන් පසුව ඇතිවෙමින් තිබෙන්නේ ' මාතර රාහුල ' ගැට්ටක් ය.

sunil gamini(සටහන | සුනිල් ගාමිණී ජයලත්ගේ)
නිදහස් මාධ්‍යවේදී 
jayalathges1@gmail.com

උපුටා ගැනීම Jayalathge Sunil Gamini ෆේස්බුක් පිටුවෙන්...


මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ ප්‍රතිචාරය 

මාධ්‍යවේදී සුනිල් ගාමිණී ජයලත්ගේ ඉහත සටහන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මාධ්‍යවේදී සරෝජ් පතිරණ සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර තිබිණ.

''මේක අතිශය බරපතල චෝදනාවක්. එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය වෙලාවෙ මීපා ආයතනයෙ CEO විදියට හිටපු ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ඒ වෙලාවෙ දක්වපු අසාමාන්‍ය නිහඬතාවයත් සැක සහිතයි කියල මම මීට කලිනුත් ලියල තියෙනව. 

ඒ වගේම දූෂණ විරෝධී ජනවරමකින් බලයට ආපු මාලිමා ආණ්ඩුවට විරුද්ධව එල්ල වුණ පළවෙනි දූෂණ චෝදනාවත් මේක නෙවෙයි. 

දූෂණ චෝදනාවක් එල්ල වුණාම ආණ්ඩුව හැසිරෙන්නෙ මෙහෙම නම්, සමහර විට ඒක මාලිමා ආණ්ඩුවෙත් අවසානයෙ ආරම්භය වෙන්න පුලුවන්.

ඇත්තටම මාස ගාණක් විගණකාධිපති කෙනෙක් පත් නොකර, ව්‍යවස්ථා සභාවට අලුත් කණ්ඩායමක් පත්වෙනතුරු අනුර කල් මරන්නෙ මාලිමාවත් කියන තරම් සුදෝ සුදු නැති බව අනුරත් හොඳින්ම දන්න නිසාද?''

උපුටා ගැනීම - Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...
   

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...