BREAKING
Top Ad
Red Alert

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක ! - lankanewsweb අනාවරණයක්

T

The Leader

August 20, 2025 • 3:11 AM

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක ! - lankanewsweb අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ පත්වීම් කිහිපයක් හේතුවෙන් සමස්ත අධිකරණ ක්ෂේත්‍රයම තදබල කැළඹීමකට ලක්ව ඇති බව lankanewsweb වාර්තා කරයි.
  • එසේම පළමු ශ්‍රේණියේ පළමු පන්තියේ (Grade 1 Class 1) විනිසුරුවරුන් වන, ජ්‍යෙෂ්ඨත්වය අනුව 48 වන ස්ථානයේ සිටින ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.සී.සි.
  • කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය යනු අතිශයින්ම වැදගත් නඩු විශාල ගණනක් විභාගයට ගැනෙන ස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
  • තවද, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 3හි විනිසුරු පසන් අමරසේන මහතාව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වශයෙන් පත්කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


lankanewsweb වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

"මෙහිදී, විශේෂ පන්තියේ (Special Class) විනිසුරුවරුන් වන, ජ්‍යෙෂ්ඨත්වය අනුව 17 වන ස්ථානයේ සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බී.ජේ.ටී.එල්.ජයසිංහ මහත්මිය මහර දිසා විනිසුරු ලෙසටත් ජ්‍යෙෂ්ඨත්වය අනුව 26 වන ස්ථානයේ සිටින කැස්බෑව දිසා විනිසුරු වයි.ආර්.බී.නෙළුම්දෙනිය මහතා හම්බන්තොට දිසා විනිසුරු ලෙසටත් පහල ශ්‍රේණියේ අධිකරණයන් වෙත 2025.08.25 දින සිට ස්ථාන මාරු කර ඇති බව සඳහන්.

එසේම පළමු ශ්‍රේණියේ පළමු පන්තියේ (Grade 1 Class 1) විනිසුරුවරුන් වන, ජ්‍යෙෂ්ඨත්වය අනුව 48 වන ස්ථානයේ සිටින ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.සී.සි. සිල්වා මහත්මිය කැස්බෑව දිසා විනිසුරු ලෙසටත්, ජ්‍යෙෂ්ඨත්වය අනුව 51 වන ස්ථානයේ සිටින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේ.පී.එස්.හර්ෂන් මහතා ඇඹිලිපිටිය දිසා විනිසුරු ලෙසටත්, ජ්‍යේෂ්ඨත්වය අනුව 65 වන ස්ථානයේ සිටින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එල්.එම් රත්නායක මහතා වැල්ලවාය දිසා විනිසුරු ලෙසටත් පහළ ශ්‍රේණියේ අධිකරණවලට ස්ථාන මාරුකර ඇති බවත් වාර්තා විය.

එමෙන්ම ජේෂ්ඨත්වයෙන් 58 වන ස්ථානයේ සිටින අසංක බෝදරගම නමැති විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයට පත්කර ඇති බවක් ද වාර්තා වන අතර ඔහු කලකට පෙර වත්මන් අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ කනිෂ්ඨ නීතීඥවරයකු වශයෙන් සේවය කර ඇති බවත් දැනගැනීමට ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය යනු අතිශයින්ම වැදගත් නඩු විශාල ගණනක් විභාගයට ගැනෙන ස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

තවද, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 3හි විනිසුරු පසන් අමරසේන මහතාව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වශයෙන් පත්කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ.

නීති ක්ෂේත්‍රයේම ඇතැම් පාර්ශ්වවල කතාබහට ලක්ව ඇත්තේ මෙම පත්වීම දැනට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන කැබිනට් අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන දේශපාලන ප්‍රබලයින්ගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නඩුවලට බලපෑම් කිරීමේ අරමුණින් ලබාදී ඇතිද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුවන බවකි.

මීට අමතරව අම්පාර මහේස්ත්‍රාත්වරියට, අතිශයින්ම තීරණාත්මක කොටුව මහේස්ත්‍රාත් ධුරය ලබාදී ඇති අතර ඇය එම තනතුර දැරීමට තරම් ප්‍රමාණවත් අත්දැකීම් තමන්ට නොමැති බව අධිකරණ සේවා කොමිසමට ලිඛිතවම දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ අනුව මෙම ස්ථාන මාරු සහ පත්වීම් හේතුවෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් රජය කෙරෙහි සෘජුවම සැක පහළවන බව ඉතාම පැහැදිලිය.

එහෙත් මේ පිළිබඳව රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මේවාට රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් විශේෂයෙන්ම ජනාධිපතිවරයා මේ කිසිවක් ගැන නොදන්නා බවත් ය.

ඒ අනුව, ඒ නිලධාරීන් කියන්නේ සත්‍යය නම් අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කිසියම් කුමන්ත්‍රණයක නියැළී සිටින්නේද යන ප්‍රශ්නය මතුවේ.

කෙසේවෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අප ඉල්ලා සිටින්නේ වහාම මේ ගැටලුවට මැදිහත් වී අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසයත් ඔබගේ ආණ්ඩුවේ කීර්තිනාමයත් යන දෙකම බේරාගන්නා ලෙස ය.''


සබැඳි පුවත් ;

‘ආණ්ඩුවේ ඉදිරි පෙළ අය‌ගේ නඩු අහන විනිසුරන් මාරුකරලා’ - නාමල්


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...