BREAKING
Top Ad
Red Alert

ඇමති බලතල අතට අරන් වැලිකඩ OIC ට තග දාන බත්තරමුල්ල තරු පහේ හෝටලයේ චන්ඩියා ?

T

The Leader

October 12, 2025 • 12:13 AM

ඇමති බලතල අතට අරන් වැලිකඩ OIC ට තග දාන බත්තරමුල්ල තරු පහේ හෝටලයේ චන්ඩියා ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක සභාපතිවරයාට එරෙහිව පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
  • එම තරු පහේ හෝටලයේ ආරක්‍ෂක ප්‍රධානියාගේ දුරකතනයෙන් එම සභාපතිවරයා එලෙස තර්ජනය කර ඇති බවටයි දැනට සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
  •   රජයට අයත් ආයතනවලට පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් අනියුක්ත කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සහ ආරක්‍ෂක සේවය සඳහා ලබා ඇති පුහුණුවීම් ඇතුළු සුදුසුකම් පිළිබඳ සොයා බලනු ලබනවා.
  • එහෙත් බත්තරමුල්ල ප්‍රදේශයේ එම තරු පහේ හෝටලයේ ආරක්‍ෂාවට අනියුක්ත කර ඇති පිරිසෙන් කොටසක් එම තරු පහේ හෝටලයේ සභාපතිවරයාගේ පිරිසක් බවයි වාර්තා වුණේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලව එලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

එම තරු පහේ හෝටලයේ ආරක්‍ෂක ප්‍රධානියාගේ දුරකතනයෙන් එම සභාපතිවරයා එලෙස තර්ජනය කර ඇති බවටයි දැනට සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

 

රජයට අයත් ආයතනවලට පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් අනියුක්ත කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සහ ආරක්‍ෂක සේවය සඳහා ලබා ඇති පුහුණුවීම් ඇතුළු සුදුසුකම් පිළිබඳ සොයා බලනු ලබනවා. එහෙත් බත්තරමුල්ල ප්‍රදේශයේ එම තරු පහේ හෝටලයේ ආරක්‍ෂාවට අනියුක්ත කර ඇති පිරිසෙන් කොටසක් එම තරු පහේ හෝටලයේ සභාපතිවරයාගේ පිරිසක් බවයි වාර්තා වුණේ. එම පිරිසට ආරක්‍ෂක නිලධාරියෙකු ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් පවතින්නේදැයි සැක මතුව තිබෙනවා. ඒ, පසුගිය කාලයේ සිදුවූ සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින්.

 

හෝටලයට පැමිණි තරුණයෙකුටද පහර දීලා ...

සභාපතිවරයාගේ එම පිරිස පසුගිය දිනක එම තරු පහේ හෝටලයට පැමිණි තරුණයෙකුටද පහර දී තිබුණා.

බත්තරමුල්ල එම තරු පහේ හෝටලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් මිලියන 50ක ලාභයක් උපයා ඇති බවටද ඔහු පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම තමන් එම හෝටලයෙන් වැටුපක් ලබා නොගන්නා බවද ඔහු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ. ඔහු පිරිමි සහ කාන්තාවන් භාවිත කරන සේදුම් කාරක නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනු ලබනවා.

එවන් පසුබිමක් තුළ බත්තරමුල්ල ප්‍රදේශයේ එම අර්ධ රාජ්‍ය තරු පහේ හෝටලයේ සභාපති ධුරයේ රාජකාරී නිසි ලෙස ඉටු කිරීම පිළිබඳවද සේවකයන් තුළ ඇත්තේ අවිශ්වාසයක්.

අදාළ හෝටලයේ සංගීත කණ්ඩායම නියෝජනය කරන සභාපතිවරයාගේ පුත්‍රයා විසින් විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධාන කරන බවටද හෙළිව තිබෙනවා. ඔහු එලෙස කටයුතු කිරීම සභාපතිවරයාගේ ලබැඳියාවන් අතර ගැටලුවක්ද පවතින බවයි වාර්තා වුණේ.

 

මේ අතර තමන් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බවත් වත්මන් ආණ්ඩුව සමග ඉතා සමීපව කටයුතු කරන බවත් හෝටල් සේවකයන් හමුවේ එම සභාපතිවරයා නිරන්තරයෙන් පවසන බවද වාර්තා වුණා.

 

ජාතික ජන බලවේගයට මෑතකදී කඩාපාත්වූ කෙනෙක්...

ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ ඔහු වෙනත් පක්ෂයක සිට ජාතික ජන බලවේගයට එක්ව ඇති බවයි. ඒ අනුව ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමු 04කට පමණක් බත්තරමුල්ල එම තරු පහේ හෝටලයේ සභාපතිවරයා සහභාගී වී ඇති බව වාර්තා වුණා.

ස්ථාන මාරුවීම් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීවලට වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලඥයෙකු බලපෑම් සිදු නොකරන පසුබිමක් තුළ බත්තරමුල්ල ප්‍රදේශයේ අදාළ තරුපහේ හෝටලයේ සභාපතිවරයා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් බැන තර්ජනය කිරීම පිළිබඳ ආණ්ඩුවේද අවධානය යොමු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

උපුටා ගැනීම | newstube.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...