BREAKING
Top Ad
Red Alert

SCAM ALERT : මිල රුපියල් 3000යි, බිල ඩොලර් 3000යි! - සංචාරකයින් දඩයම් කරන කොල්ලුපිටියේ මැණික් වෙළෙන්දෝ

T

The Leader

November 22, 2024 • 8:47 AM

 SCAM ALERT : මිල රුපියල් 3000යි, බිල ඩොලර් 3000යි! - සංචාරකයින් දඩයම් කරන කොල්ලුපිටියේ මැණික් වෙළෙන්දෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනපති අනුර, සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ගේ අවධානයට...
  • පොඩි ගාණක් නෙවෙයි, රුපියල් 3000 වෙනුවට බිල ඩොලර් 3000ක්!
  • ඔබ හිතාවි මේ පහල තියන පැමිණිලි දෙක 2018 සහ 2020 නිසා මේක පරණ කතාවක් කියල.
  • මේ වෙනකොටත් පැමිණිලි 90ක් විතර ගැන පොලිසිය පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):
මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙන්දන්, ඉහළ පෙළේ හෝටල් අසල සැරිසරන ත්‍රී රෝද රථ රියදුරන් සහ සංචාරක පොලිසියේත් ඇතැමුන්ගේ උපකාර ඇතිව දියත්වෙන මහා පරිමාණ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තියෙනව.

සංචාරකයින්ට මග පෙන්වන Trip Advisor වෙබ් අඩවියේ සහ තවත් අඩවියක තියන මේ පෝස්ටුවලට අනුව අදාළ සුපිරි සාප්පුවලට ගියාම සංචාරකයින්ට හිතාගන්න බැරි තරම් අඩු මුදලකට ඔවුන්ට ස්වර්ණාභරණ offer කරනවා.

මුදල ඇහුවම ඔවුන් කියන්නේ රුපියල්වලින් කියල.

උදාහරණයක් විදියට චේන් එකක් කියමු. ඒකෙ මිල 3450යි කියමු. රුපියල් ද, ඩොලර් ද කියල ඇහුවම මුදලාලි කියන්නේ 'රුපියල්, රුපියල්' කියල.

හැබැයි එතන catch එකක් තියෙනව. මේ කඩවල cash ගන්නේ නෑ. මේ 'offer' එක තියෙන්නේ Visa ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවනවා නම් විතරයි. බිල අරගෙන ගෙදර ගියාම තමයි දන්නේ ගෙවල තියෙන්නේ රුපියල්වලින් නෙවෙයි ඩොලර්වලින් කියල! පොඩි ගාණක් නෙවෙයි, රුපියල් 3000 වෙනුවට බිල ඩොලර් 3000ක්!

ඔබ හිතාවි මේ පහල තියන පැමිණිලි දෙක 2018 සහ 2020 නිසා මේක පරණ කතාවක් කියල.

නැහැ, මේක අද මේ මොහොතේත් සිද්දවෙමින් තියන ජාවාරමක්. මේ වෙනකොටත් පැමිණිලි 90ක් විතර ගැන පොලිසිය පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.

ජාවාරම්කරුවන් මේ වැඩේ කරන්නේ කොළඹ ඉහළ හෝටල් අසල ගැවසෙන tuk tuk රියදුරන් යොදාගෙන. ඔවුන් ඉලක්ක කරන්නේ සංචාරය ඉවර වෙලා ආයෙත් යන්න සූදානම් වෙලා ඉන්න සංචාරකයින්. මොකද ගුවන් ටිකට්පත අවලංගු කරලා පොලිස් පරීක්ෂණ  ඉවරවෙන්න තුරු ඉන්න සංචාරකයින්ට හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් try කරන්නෙ කොහොම හරි ඉක්මනට වැඩේ ගොඩින් හරි බේරගෙන රටින් පිටවෙන්න. මේක හොඳින් සැලසුම් කරලා කරන ජාවාරමක්.

දැනට දැනගන්න තියන කරුණු අනුව මේ වගේ වංචාවකට ගොදුරුවෙලා හෝටලේට ගියාම හෝටලෙන් ලැබෙන්නෙත් ඇල් මැරුණු ප්‍රතිචාරයක්. කොටින්ම හෝටලෙන් ඔවුන්ට කිසිම උපකාරයක නොලැබෙන තරම්.

තවත් සංචාරකයින් මේ ජාවාරම්කරුවන්ගේ ගොදුරු වෙන්න කලින් වහාම මේ කල්ලියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

ප්‍රශ්නය තියෙන්නේ වැටත්, නියරත් ගොයම් කානම් කාට කියන්නද කිවුව වගේ කොල්ලුපිටියේ සංචාරක පොලිසියත් සංචාරකයො ආරක්ෂා කරනවා වෙනුවට ජාවාරම්කාරයින් එක්ක එකතු වෙලා ප්‍රශ්නය 'ගොඩින් බේරගන්න' මැදිහත් වීම. ඒ වෙලාවට කොල්ලුපිටියෙ සංචාරක පොලිසිය ගන්නෙ සංචාරකයගෙ පැත්ත නෙවෙයි ජාවාරම්කාරයගෙ පැත්ත.

තවත් විස්තර ඉක්මනින් හෙළි කරන්නම්.


(සරෝජ් පතිරණ)
[බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක)

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2024 නොවැම්බර් 20
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...