පත්කිරීමේ සූදානමක් පවතින බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අද රටක ආරක්ෂාව පිළිබඳ සැලකීමේ දී සයිබර් ආරක්ෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද රටක බොහෝමයක් කටයුතු විශේෂයෙන් ම ජාත්‍යන්තරය සමග ගනුදෙනු බොහොමයක් ම සිදුවන්නේ සයිබර් අවකශය තුළ ය. අපගේ රටේ ආර්ථික ක්‍රියාදාමයට සයිබර් ආර්ථිකය හෝ ඩිජිටල් ආර්ථිකය බද්ධ කිරීම සහ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණයට ලක් කිරීම තීව්‍ර කරන මොහොතක මෙම ඩිජිටල් හෝ සයිබර් ආරක්ෂාව අතිශය වැදගත් තැනක් ගනී. රටේ සයිබර් අවකාශය ආරක්ෂාකිරීමේ ජාතික වගකීම බාරව ඇත්තේ SLCERT ආයතනයටය. අනුර දිසානයක ජනපති වූ විට එය බාර වූයේ අග්‍රාමාත්‍ය හා තාක්ෂණ අමාත්‍යවරිය වූයේ ආචාර්ය හරිනී අමරසුරියට ය.
පසුව එම අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් එම ආයතනයේ සභපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කළ අතර නැවත දන්වනතුරු අධ්‍යක්ෂ මංඩල රැස්වීම නොපවත්වන ලෙසද දැනුම් දෙන ලදී. ඒ අනුව සභාපති ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලන්ත විතානගේ තනතුරින් වහාම ඉල්ලා අස්විය.
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලන්ත විතානගේ ශ්‍රී ලංකාවේ පාසල් විෂයට තොරතුරු තාක්ෂණ සංන්නිවේදනය හදුන්වාදීමට 2000-2005 කාලය තුළ අධ්‍යාපන අමාත්‍යංශයේ එම විෂය භාර උපදේශක ලෙස නායකත්වය ලබා දුන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ අතර මේ වනවිට මෙම තනතුරින් ඉවත්ව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍ය ලේකම්වරයා වෙත යොමු කර ඇත. පසුව දිලන්ත විතානගේ දකුණු අප්‍රිකානුවේ විශේෂ අධ්‍යයන කටයුත්තක් සඳහා ආරාධනා ලැබිමෙන් පසු එහි ගොස් ඇත.
ආයතනයේ ස්වාධීනත්වයට හානීවීමක්
වත්මන් විෂය බාර අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික වශයෙන් වැදගත් මෙම ආයතනයේ ස්ථිර සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් නොකිරීමෙන් එම ක්ෂේත්‍රයේ සේවය කරන විද්වතුන් විමතිය පළ කර සිටී. ජනාධිපතිවරයා විසින් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති අවස්ථාවක පළමුවෙන් කළ යුත්තේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ආයතනයට සුදුසු සභාපතිවරයකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම බව එම විද්වතුන්ගේ මතය යි.
කෙසේ වෙතත් SLCERT ආයතනය සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෞද්ගලික ව්‍යාපාරයක් හිමිකරුවකු එම තනතුරු සඳහා පත්කිරීමට යන බව විවිධ ආරංචි මාර්ග පැවැසේ. මේ තුළින් මෙම ආයතනයේ ස්වාධීනත්වයට හානීවීමක් සිදුවීමක් පමණක් නොව “ළැදියාවන් අතර ගැටුම’’ (Conflict of interest) පිළිබඳ ගැටලුවක් සිදුවන බව මෙම කර්මාන්තයේ යෙදී සිටින විද්වතුන් හා ව්‍යාපාරකයින්ගේ අදහස යි. මේ තුළින් ලංකාවේ සයිබර් ආරක්ෂාව දැඩි අවධානමකට ලක් වීමට නියමිත බව ඔවුන්ගේ අදහස යි.
SLCERT ආයතනයේ සභාපති තනතුර නුසුදුස්සකු අතට !
T
The Leader
December 12, 2024 • 10:06 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ආයතනයේ සභාපති තනතුර සඳහා එම ක්ෂේත්‍රයේ ම ව්‍යාපාරයක් හිමි ව්‍යාපාරිකයකු
- රටේ සයිබර් අවකාශය ආරක්ෂාකිරීමේ ජාතික වගකීම බාරව ඇත්තේ SLCERT ආයතනයටය.
- පසුව එම අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් එම ආයතනයේ සභපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කළ අතර නැවත දන්වනතුරු අධ්‍යක්ෂ මංඩල රැස්වීම නොපවත්වන ලෙසද දැනුම් දෙන ලදී.
- ඒ අනුව සභාපති ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලන්ත විතානගේ තනතුරින් වහාම ඉල්ලා අස්විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


