BREAKING
Top Ad
Red Alert

දිගින් දිගට ඇදෙන ගුවන් තොටුපොල ටෙන්ඩරේ තවත් කුණු එළියට : SOJITZ – L & T කොන්සෝටියම් ලංසුකරුවන් ගේ පැටිකිරියත් හෙළිවේ !

T

The Leader

April 2, 2025 • 5:19 AM

දිගින් දිගට ඇදෙන ගුවන් තොටුපොල ටෙන්ඩරේ තවත් කුණු එළියට :  SOJITZ – L & T කොන්සෝටියම් ලංසුකරුවන් ගේ පැටිකිරියත් හෙළිවේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට ශ්‍රී ලංකාව තුළ සක්‍රීයව පවතින වඩාත් ම ප්‍රමුඛ ටෙන්ඩර් ක්‍රියාවලිය වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන දෙවන කොටසේ දෙවන අදියර වේ.
  • නමුත් මේ වන විට එහි ප්‍රගතිය, එය ක්‍රියාත්මක වූ ආකාරයේ විනිවිදභාවය හා මෙම ටෙන්ඩරයේ විවිධ සංධිස්ථාන වල ඇති පරස්පරතා ගැන මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා මතධාරීන් අතර මතබේදාත්මක ගැටළු මතු වෙමින් පවතියි.
  • එ මෙන්ම බියක් සැකක් නැතුව එම නිලධාරීන් අමාත්‍යංශ මට්ටමින් මෙම ලංසුකරුවන් ගේ නියෝජිතයන් හමුවීම, සාකච්ඡා පැවැත්වීම ලබැඳියාවන් පිළිබඳ ගැටුම් නිර්මාණය කරන පසුබිමක් සකසන බව මනාව පෙනී යයි.
  • ඒ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක දඩයකට යටත් වීමට සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වෙන මෙම ව්‍යාපෘතිය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක කෙරෙන අතර එම ටෙන්ඩරය 2025 මාර්තු මස 25 වන දින නිල වශයෙන් ලංසුකරුවන් ගේ ඉදිරිපත්වීම අවසන් කරන ලදි.

නමුත් මේ වන විට එහි ප්‍රගතිය, එය ක්‍රියාත්මක වූ ආකාරයේ විනිවිදභාවය හා මෙම ටෙන්ඩරයේ විවිධ සංධිස්ථාන වල ඇති පරස්පරතා ගැන මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා මතධාරීන් අතර මතබේදාත්මක ගැටළු මතු වෙමින් පවතියි.
 
ඉතාමත් තීරණාත්මක එමෙන්ම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට අතිශයින්ම වැදගත් වූ මෙම ටෙන්ඩරය ශ්‍රී ලංකාව සැබවින්ම පරිවර්තනීය වෙනසකට ජාත්‍යන්තර දොරටු විවර කරන අවස්ථාවක් වන අතර ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර්කරුවන් දෙදෙනෙක් ඉදිරිපත් වීමට ප්‍රසාදය පල කර තිබුණි. එක් සමාගමක් වන්නේ ටයිසෙයි සංස්ථාව වන අතර අනෙක් සමාගම වන්නේ සොජිට්ස් - L & T සමාගමයි. මෙහි අවධානයට ගත යුතු ප්‍රථම කරුණ නම් සොජිට්ස් සමාගමට අදාළ විෂයය ක්ෂෙත්‍රයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසිදු පළ පුරුද්දක් නොමැති අතර ඔවුන් මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වන්නේ  L & T සමාගම සතු පළපුරුද්ද සංධාන ගතව ඉදිරිපත් කරමිනි.

 

නමුත් මෙහිදී අවධාරණය කළ යුතු ප්‍රධානතම අනෙක් කරුණ නම් මෙම ලංසුකරු ගේ සංධාන ගතවී ටෙන්ඩරයට ප්‍රසාදය පළ කිරීමට ගත් කාලයත් එම කාලය තුළ ඔවුන්ට උචිත පරිදි එක්ව ගිවිසුම් ගතවී පැමිණීමට අවශ්‍ය පසුබිම සකසමින් සම්මත ටෙන්ඩරය අවසන් කරන දිනය හිටි හැටියේම දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාවේ වග කිවයුත්තන් කටයුතු කළ බවට අවශ්‍ය තොරතුරු ටිකින් ටික අණාවරණය වෙමින් පැවතීමයි. හොරකම පිළිකුළ් කරන, වංචාව පිටු දකින ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් සහිත ශ්‍රී ලංකාවක මේ සා පරිමාණයේ වංචනික සැලසුමක් ක්‍රියාත්මක කරනවා නම් තව මොන කතාද?

 

සැක සහිත ලංසු ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කිරීම හා ප්‍රශ්ණ ගත වැඩපිළිවෙල
 

බැලූ බැල්මට පිටතින් සාධාරණයක් ලෙස පෙනෙන පරිදි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය විසින් හිටි හැටියේ සිදු කළ මෙම ලංසු ඉදිරිපත් කිරීමේ කළින් නම් කල දිනය වෙනස් කිරීම ප්‍රශ්න සහගත වන ආකාරයට ජනතාව ඉදිරියේ ඉදිරිපත් කිරීමට පසුබිම් වන තවත් කරුණු රාශියකි.

කිසිදු පාරදෘස්‍ය භාවයක් නොමැති මෙම ක්‍රියාවලිය සඳහා උපදෙස් දුන්, ආධාර අනුබල දුන් නිලධාරීන් හා එම සමාගම හා පවතින සැඟවුන හිතවත්කම් ද සොයා බැලීම වටියි.

එ මෙන්ම බියක් සැකක් නැතුව එම නිලධාරීන් අමාත්‍යංශ මට්ටමින් මෙම ලංසුකරුවන් ගේ නියෝජිතයන් හමුවීම, සාකච්ඡා පැවැත්වීම ලබැඳියාවන් පිළිබඳ ගැටුම් නිර්මාණය කරන පසුබිමක් සකසන බව මනාව පෙනී යයි.

මේ සම්බන්ධව දේශපාලන හයියක් උත්තේජනය සැපයූවාද කියා සොයා බැලීමත් අවශ්‍ය කරුණකි. මන්ද දූෂණය වංචාව පිළිකුල් කරමින් අලුත් රටක් වෙනුවෙන් කෑමොර දුන් දේශපාලකයින්ගේත් වස්ත්‍ර වල තුත්තිරි ඇද්දැයි එයින් ජනතාවට තහවුරු කර ගත හැක.

හොරු සමගින් හෙළුවෙන්ද?

 

කිසිදු සම්මත විනීත ටෙන්ඩර් ක්‍රියාවලියක් තුළ මෙවන් ක්‍රියා නොකෙරෙන පසුබිමක එක් ලංසුකරුවෙක්ට මෙසේ වැඩි සැලකිල්ලක් පෑම, එම ලංසුකරු සමග සම්බන්ධතා පැවැත්වීම රජයටත්, ජනාධිපතිවරයාටත් විශාල කලු පැල්ලමක් එක් කරන කරුණක් වන්නේ, ඔවුන් ජනතාවට දී ඇති පොරොන්දු වල ඉහළින්ම ඇත්තේ වංචා දූෂණ මර්දනයට ඔවුන් එරෙහි වන බවට වන සහතිකය නිසාය.

 

නිසි ටෙන්ඩර් හා ප්‍රසම්පාදන පටිපාටීන්ට එරෙහිව මෙවන් අත යට ගනුදෙනු සිදු වන නිලධාරීන් ගේ වාසි උදෙසා ලංසුකරුවන්ට ටෙන්ඩර් දීමේ පිළිවෙත ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය තුළත් සිදු කරන්නේ නම් විශාල දුෂ්කර කාල පරාසයක් පසු කර යළිත් ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙන ශ්‍රී ලංකාව පිළිබඳ ඇති මහජන මතය හා බලාපොරුත්තු සියල්ල සුණු විසුණු කර දමනු ඇත. සම්මත ජාත්‍යන්තර ලංසුකරුවන් ඉදිරියේ රටේ නම හෑල්ලු කරන මෙවන් ක්‍රියා ලත් තැනම ලොප් කළ යුත්තේ ඒ නිසාය.
 
සොජිට් කෝපරේෂන් - පැල්ලම් සහිත ඉතිහාසය

සොජිට් කෝපරේෂන් හී කුණු පිරුණු ඉතිහාසය සුද්ධ කරන්න කරන්න වැඩි වාසියක් සැලසෙන කල්ලියක් අලුත් ආණ්ඩුවේ ඉන්නවාද?

 

සොජිට් සමාගමේ ඉතිහාසය ටිකක් හාරා බැලුවොත් 2022 ජනවාරි මාසයේ දී එම සමාගමේ අනුබද්ධිත සමාගමක් වූ සොජිට්ස් හොංග්කොංග් සමාගම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කළ විදෙස් දේපළ පාලනය කිරීමේ භාණ්ඩාගාරික කාර්යාලය විසින් ඉරානය වෙත පනවන ලද සම්බඇධක උල්ලංගණය කළ සමාගමක් ලෙසින් නම් කළේය. ඊට හේතු වූයේ සොජිට්ස් සමාගම විසින් ලබා ගත් ඉරානයේ නිෂ්පාදිත නිෂ්පාදන වෙනුවෙන් ඇමරිකානු මූල්‍ය ආයතන හරහා ඉරානයට ඇමරිකන් ඩොලර් ලබාදීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක දඩයකට යටත් වීමට සිදු විය. සම්මත නීති රීති වලට පිටින්, ඔවුන් හොර පාරේ ගමන් කර දඬුවම් ලැබු එක් අවස්ථාවකි ඒ.

 

එවන් ඉතිහාසයකට හිමිකම් කියන, මූල්‍ය විනය හා ආරක්ෂාව ඉහළින්ම පවතින ප්‍රබල රටකටත් කොකා පෙන්නන්න තරම් සොජිට්ස් උත්සාහා කළා නම් හතර ගාතේ වැටී නැගිටින්නට වෙර දරන ශ්‍රී ලංකාව තුළ ඔවුන් සැලසුම් කරන ප්‍රයෝග ගැන සිතන්නටවත් හැකිද? රජයේ නිලධාරීන් සොජිට්ස් ඔඩොක්කුවේ නැලවෙන්නේ ඒ බව නොදැන ද? නැති නම් තමන්ගේ සාක්කුවට වැටෙන කුට්ටිය තරම් රට හෝ රටේ කීර්ති නාමය ගැන එම නිලධාරීන් ට බලධාරීන්ට වගේ වගක් නැති නිසාද?

මේ Larsen & Toubro ( L& T) ගඳ ගහන ඉතිහාසයෙන් බිඳක්...

මෙම අර්බුදකාරී සංධානයේ අනෙක් පාර්ශවය වන ඉන්දියාවේ ලාර්සන් සහ ටබරෝ (L& T) සමාගමද තමන් ගේ ඉතිහාසය තුළ විවිධ කළු පැල්ලම් එකතු කරගෙන සිය කීර්තිය ගැන ප්‍රශ්නාර්ථ ගොඩනගා ගත් සමාගමකි.
 
ඔවුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී ඇති ගැටළු අතරින් සමාගම විසින් ක්‍රියාත්මක කළ අසම්පූර්ණ යටිතල පහසුකම් ව්‍යාපෘති, නෛතික ආරවුල් සහ බේරුම්කරණ නඩු රාශියක් ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය වශයෙන් ද එල්ල වූ සමාගමකි.

මේවාට ඇතුළත් වන්නේ:

1. සීමිත වග වීමක් සහිතව ක්‍රියාත්මක කරන ලද අඩු කාර්යක්ෂමතා සහිත ව්‍යාපෘති.

2. සාවද්‍ය පොරොන්දු හා ඉටු කළ නොහැකි අපේක්ෂා මත ලබා ගත් ව්‍යාපෘති හා එහි නෛතික හා අවුල් සහගත කොන්ත්‍රාත් ගිවිසුම් වෙනුවෙන් නීතිය ඉදිරියට යාමට සිදුවී තිබීම

3. ආසියානු කලාපය පුරාම සිය සමාගම විසින් සිදු කිරීමට ලබාගත් බහුතරයක් පොදු හා රාජ්‍ය අංශයේ මහා පරිපාණ ව්‍යාපෘති නිසි කාලයට සම්පූර් ණ නොකිරීම නිසාවෙන් පිරිවැය ඉක්මවා යාම , ඔවුන්ට මහා පරිමාණ යටිතල පහසුකම් සංවර් ධනය කිරීමේ ව්‍යාපෘති සාර් ඨහක කර ගැනීමට ඇති නොහැකියාව මත බලාපොරොත්තු වන ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී තිබීම හරහා එම රටවල් රජයන් හැටියට අපහසුතාවයට පත්ව තිබීම.

 

ආර්ථික දේශපාලනික හා සාමාජයීය යන හැම පැතිකඩකින්ම බෑලූ විට ඇදගෙන වැටී පණ ගැහෙමින් සිටි රටක, අමාරුවෙන් යළිත් දෙපයින් නැගිටින්න වෙර දරන ජාතියකට, මෑත ඉතිහාසයේ අති විශාලතම ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා ක්‍රියාත්මක කිරීමට සැරසෙන ලෝකයෙම අවධානය ලබා ගත් යටිතල පහසුකම් ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ලෝකයේ නම ගිය චෞර එකමුතුවකට මෙරට රජය විසින් පහසුකම් සැලසීම මුළු රටටම දිගු කාලීන ගැටළු ඇති කරන සමස්ත ලෝකයෙන්ම කොන් වන සිදුවීමක් වීමේ අවධානම බලධාරීන් ට නොපෙනේද?

 

මෙ වන විටත් මේ රජය විසින් මහත් අභිමානයෙන් කතා කරන වංචා දූෂණයෙන් තොර පාලනයක් යන සංකල්පයට කලු පැල්ලමක් එල්ල කර අවසන් බව පෙනේ. තවත් සගවා තැබිය නොහැකි අයුරින් එළිදරව් වන කරුණු කාරණා මත වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් හොරකමට, වංචාවට දූෂණයට ඉණිමං බඳින පෙර රජයන් ගේම දිගුවක් ලෙසින් ක්‍රියා කරන බවට රටට ලෝකයට පෙනීමට මෙවන් අක්‍රමිකතා සහිත ජාත්‍යන්තර තලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ඉඩ දීමෙන් සහතික විය හැක.

 

ඒ අවදානම ගන්නට මෙරට 68 ලක්ෂයේ පිරිස සූදානම් ද?

අනුර ගෙ නමත් කැතවෙන වැඩක් ! 
 
මෙය වැදගත් වන්නේ ඉතා තීරණාත්මක කරුණක් මතය. මෙය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ තවත් එක් ප්‍රසම්පාදන ක්‍රියාවලියක්/ ලංසුකරුවන් හා එක්ව සාම්ප්‍රදායිකව සිදු කරගෙන ආ අත යට ගනු දෙනු වල දිගුවක් නොවනු ඇත.

මෙහි සෘජු බලපෑම ඇත්තේ සමස්ත ශ්‍රී ලංකාවක් අවංකත්වයේ සලකුණ යැයි සිතා ජනපති ලෙසින් පුටුවේ ඉන්ද වූ අනුර කුමාර දිසානායක නම් වංචා දූෂණ අක්‍රමිකතා විරෝධී ජන නායකයා ගේ ප්‍රතිරූපය මෙම ටෙන්ඩරයෙන් පසු ලොවට පෙනෙන්නේ කුමනාකාරයෙන් ද යන්න ගැන සිතන්නට මිනිසුන්ට නැවතත් අවස්ථාවක් උදා කර දෙන බැවිනි.

සබැඳි ලිපි :

Airport tender: Concerns raised over troubling past of Sojitz-L&T consortium amid controversial extension

ගුවන්තොටුපල 2වන පර්යන්තය ටෙන්ඩරය : දූෂණයට විරුද්ධ ව පත් වූ ආණ්ඩුවත් දූෂණයට අත වනයි ද?



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...