BREAKING
Top Ad
Red Alert

X-Press Pearl: ඩොලර් මිලියන 250ක අල්ලස් චෝදනාව ගැන පොලිස් පරීක්ෂණයට මොකද වුණේ ?

T

The Leader

January 1, 2025 • 11:31 PM

X-Press Pearl: ඩොලර් මිලියන 250ක අල්ලස් චෝදනාව ගැන පොලිස් පරීක්ෂණයට මොකද වුණේ ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රශ්නය අහල මාස ගානක් පොලිසියෙන් තාමත් පිළිතුරක් නෑ
  • ඊට පස්සේ කිහිප අවස්ථාවකම මම නිහාල් තල්දූව ගෙන් විමසීමක් කළත් ඒ ගැන නිසි පිළිතුරක් ලැබුණේ නැහැ.  පස්සේ මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට තොරතුරු ඉල්ලලා අයදුම්පතක් දැම්ම.
  • ඒ පසුගිය දෙසැම්බර් 01 වෙනිදා.  dig.crimes@police.gov.lk  ඊමේල් ලිපිනයට යොමු කළ ඒ ඉල්ලීමට නම් මට හැරෙන තැපෑලෙන්ම නිහාල් තල්දූව ගෙන් උත්තරයක් ආව.
  • එහෙම කළත්, නොකළත් එදා අධිකරණ ඇමතිවරයා විදියට ඔහු පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සහ විෂ මුහුදට හෙලීමෙන් සිදු කරපු දැවැන්ත විනාශය වෙනුවෙන් ලංකාවට ලැබෙන්න නියමිත වන්දිය ලබා ගැනීමේ අධිකරණ ක්‍රියාදාමය කඩාකප්පල් කරන්න ඩොලර් මිලියන 250ක අල්ලසක් අරගෙන තියෙනව කියල එවකට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ආන්දෝලනාත්මක චෝදනාවක් කෙරුවේ 2023 අප්‍රේල් මාසේ. 
 


පාර්ලිමේන්තුවේදී ඒ චෝදනාව කළාට පස්සේ විජයදාස රාජපක්ෂ ඒ ගැන විමර්ශනයක් කරන්න කියල පොලිස්පතිට සහ අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණිලි කළා.

ඒ පැමිණිල්ල කරලා දැන් අවුරුද්දකුත් මාස අටක් ගතවෙලා.

X-Press Pearl නැවෙන් තවමත් ලංකාවට කිසිම සාධාරණ වන්දියක් ලැබිලත් නැහැ.

විජයදාස ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙයිවිජයදාස රාජපක්ෂ

 

එදා විජයදාස රාජපක්ෂ කරපු පැමිණිල්ල ගැන කරපු විමර්ශනවල ප්‍රතිඵලය මොකක්ද කියල මම මීට මාස දෙකකට විතර කලින් එවකට පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ගෙන් විමසීමක් කළා. 

ඒ අවස්ථාවේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් තිබුණ ඒ මාධ්‍ය හමුවේදී නිහාල් තල්දූව කිවුවේ ඒ ගැන විමසීමක් කරලා පසුව දැනුම් දෙන්නම් කියල. ඊට පස්සේ කිහිප අවස්ථාවකම මම නිහාල් තල්දූව ගෙන් විමසීමක් කළත් ඒ ගැන නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. 

472062240 10160477187107155 7985776880334173657 n
පස්සේ මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට තොරතුරු ඉල්ලලා අයදුම්පතක් දැම්ම. ඒ පසුගිය දෙසැම්බර් 01 වෙනිදා. 

dig.crimes@police.gov.lk ඊමේල් ලිපිනයට යොමු කළ ඒ ඉල්ලීමට නම් මට හැරෙන තැපෑලෙන්ම නිහාල් තල්දූව ගෙන් උත්තරයක් ආව. ඒකෙ තිබුණේ ප්‍රශ්නය තමන්ට අදාළ නොවන නිසා ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන්න කියල. 

ඒ අනුව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී අම්පාවිල වෙත dig.cid@police.gov.lk ඊමේල් ලිපිනයට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් යොමු කළා. ඒ දෙසැම්බර් පස් වෙනිදා. ඒ ඉල්ලීමේ පිටපතක් මම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා වෙතත් info@pubsec.gov.lk ඊමේල් ලිපිනයට යොමු කළා. 

නමුත් ඒ ඉල්ලීමට මට අද වෙනතුරු කිසිම ප්‍රතිචාරයක් ලැබිල නැහැ. 

police xpp page 0001
බොහෝ දෙනා කියන්නේ විජයදාස රාජපක්ෂ ගෙ ප්‍රකාශය එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඇත්තටම අල්ලස් ගත්ත කෙනා වසන් කරන්න diverting tactic එකක් කියල. එහෙම කළත්, නොකළත් එදා අධිකරණ ඇමතිවරයා විදියට ඔහු පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනව.

මගේ ප්‍රශ්නය ඒ පැමිණිල්ල ගැන පොලීසිය විමර්ශනයක් කළාද? කළා නම් ඒකෙ ප්‍රතිඵලය කුමක්ද?

පොලිසිය දිගින් දිගටම මේ ප්‍රශ්නයට පිළිතුරු දීම මග හරින්නේ ඇයි?

පොලිසියේ මේ හැසිරීම ගැන විමසන්න මම මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල අමතන්න කිහිප වරක්ම උත්සහ දරුවත් ඔවුන් දෙදෙනාම දුරකතනයට පිළිතුරු දුන්නෙත් නැහැ. 

සිංහල සිනමාවේ අලුත්ම පර්යේෂණය My Red Comrade - (සරෝජ් පතිරණ)(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජනවාරි 01 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...