BREAKING
Top Ad
විශේෂාංග

X-Press Pearl ගැන ලංකාවේ නඩු කටයුතු බෑ - නීතිපති නැව් සමාගමට සහතිකයක් දීලා! | Saroj Pathirana

T

The Leader

April 10, 2025 • 11:49 AM

X-Press Pearl ගැන ලංකාවේ නඩු කටයුතු බෑ - නීතිපති නැව් සමාගමට සහතිකයක් දීලා! | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ලංකාවට වන්දි ලබාගැනීමේ අධිකරණ ක්‍රියාදාමයෙදි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුව හැසිරුණ
  •   නෞකාවේ නීතිඥ තුමා පෙන්නලා දුන්න විදියට, නීතිපති දෙපාර්තමේන්තුව සහ නෞකා සමාගම අතර 2023 අගෝස්තු මාසයේ අත්සන් කරපු ගිවිසුම ප්‍රකාර එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට සම්බන්ධ කිසිම අලුත් අධිකරණ කටයුත්තක් මින් ඉදිරියට ලංකාව තුළ කරන්න බැහැ!
  • පසුගියදා මම Supreme TV නාලිකාවෙදිත් ( https://www.facebook.com/ 724992154/videos/2688112334886966) TNL ජනහඬ වැඩ සටහනේදීත් ( https://www.youtube.com/live/ aTiCJGfWpqI?si=_02nRBJjqU5WFbTv) මේ අලුත්ම වාතාවරණය ගැන විස්තරයක් කළා.
  •   නූල් බෝලයක් වගේ එතිලා තියන එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සහ වන්දි නඩු ගැන මම TNL රැල්ල වැඩසටහනේ දීත් ( https://youtu.be/CcZ_ZcD0tls?
අකුරු ප්‍රමාණය (Font Size):

ආකාරය ගැන බරපතල චෝදනා එල්ලවෙලා තිබුණ.

නෞකා සමාගමේ නීතිවේදීන් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කරපු නීතිපති දෙපාර්තමේන්තුව, හානිය තක්සේරු කරපු විශේෂඥ කමිටුව සහ මීපා ආයතනය එක්ක කටයුතු කළේ සතුරු ආකල්පයකින් කියල කමිටුවේ සාමාජිකයින් වගේම මීපා ආයතනයේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුරත් පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියේ සඳහන් කරල තිබුණ.

ඒ අතරේ තමයි නඩුව කඩාකප්පල් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දීල කියල අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා චෝදනාවක් එල්ල කළේ.

මේ චෝදනා එල්ලවෙන කාලේ නීතිපති සංජේ රාජරත්නම්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ.

තමන්ට එල්ලවෙන චෝදනා ගැන නෞකා සමාගම මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් පළ කරලා තිබුණේ නැහැ. මේ අතරේ සමාගමේ නීතිඥවරු පහුගිය සතියේ සමාගම වෙනුවෙන් අධිකරණය ඉදිරියේ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළා.

නෞකාවේ නීතිඥ තුමා ඒ ගිවිසුම ඉදිරිපත් කළාම ශ්‍රේෂ්ඨාධිකරණය පුදුම වුණා..

එහෙම කරුණු දක්වමින් ඉන්න අතරවාරයේ, සමාගම වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ කණ්ඩායමේ ප්‍රධානියා, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, බෝබ්මබයක් දමල ගැහුවා.

 

නෞකාවේ නීතිඥ තුමා පෙන්නලා දුන්න විදියට, නීතිපති දෙපාර්තමේන්තුව සහ නෞකා සමාගම අතර 2023 අගෝස්තු මාසයේ අත්සන් කරපු ගිවිසුම ප්‍රකාර එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට සම්බන්ධ කිසිම අලුත් අධිකරණ කටයුත්තක් මින් ඉදිරියට ලංකාව තුළ කරන්න බැහැ! ඒකට අදාළ "පූර්ණ අධිකරණ බලය" සිංගප්පූරුවේ අධිකරණයට පවරන්න නීතිපති දෙපාර්තමේන්තුව නෞකා සමාගම එක්ක එකඟවෙලා!


නෞකාවේ නීතිඥ තුමා ඒ ගිවිසුම ඉදිරිපත් කළාම ශ්‍රේෂ්ඨාධිකරණය පුදුම වුණා!. එහෙම අධිකරණ බලයක් පවරන්න නීතිපතිට බලයක් තියෙනවද කියල යසන්ත කෝදාගොඩ විනිශ්චයකාරතුමා විවෘත අධිකරණයේ ප්‍රශ්න කළා.  

නීතිපති දෙපාර්තමේන්තුව මේ කිසිම චෝදනාවක් ගැන ප්‍රතිචාරයක් පළ කරලා නැහැ. ප්‍රතිචාරය විමසන්න මම කතා කරපු වෙලාවේ හිටපු නීතිපති සංජේ රාජරත්නම් අදහසක් පළ කිරීම ප්‍රතික්ෂේප කළා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු ගැන ලිඛිතව ප්‍රතිචාරය ඉදිරිපත් කරනවා කියල අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට දැනුම් දුන්න.

පසුගියදා මම Supreme TV නාලිකාවෙදිත් (https://www.facebook.com/724992154/videos/2688112334886966) TNL ජනහඬ වැඩ සටහනේදීත් (https://www.youtube.com/live/aTiCJGfWpqI?si=_02nRBJjqU5WFbTv) මේ අලුත්ම වාතාවරණය ගැන විස්තරයක් කළා.  

නූල් බෝලයක් වගේ එතිලා තියන එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සහ වන්දි නඩු ගැන මම TNL රැල්ල වැඩසටහනේ දීත් (https://youtu.be/CcZ_ZcD0tls?si=ifb1HiGQY_Ev9X0P) සහෝදර මාධ්‍යවේදී ටෙරාන් කරන්නාගොඩ එක්ක සාකච්ඡාවක් කළා.

මරණ තර්ජන

අල්ලස් චෝදනා, ඊමේල් පණිවුඩ මැකීම, 'කළු පෙට්ටිය' අතුරුදහන්වීම වගේ චෝදනා දෙපාර්ශවයටම එල්ලවෙන අතරවාරයේ, නෞකා සමාගමේ ලංකාවේ නියෝජිත සමාගමේ නිලධාරියෙක් කැනඩාවේ දේශපාලන රැකවරණ පතල තියෙන බව මම මිට ඉහතදී අනාවරණය කළා. (https://theleader.lk/news/29446-x-press-pearl-3-250122)

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යවසනය වෙන අවස්ථාවේ ඔහු කටයුතු කරලා තියෙන්නේ Sea Consortium Lanka සමාගමේ Operations Manager විදියට.

කැනඩාවේ අධිකරණය ඉදිරියේ දේශපාලන රැකවරණ පතමින් ඔහු කියන්නේ X-Press Pearl ව්‍යසනය අවස්ථාවේ රැකියාවේ කටයුතුවලට අදාලව සමාගමේ ප්‍රධානීන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙලා තියෙනව කියල.

ඔහුගේ මේ ප්‍රකාශය සහ තොරතුරු සැඟවීම, ඊමේල් මැකීම වගේ නෞකා සමාගමට විරුද්ධව එල්ලවෙලා තියන චෝදනා අතර සම්බන්ධයක් තියෙනවද, නැද්ද කියල මම දන්නේ නැහැ. අවංක වුවමනාවක් තියෙනව නම් ආණ්ඩුවට මේ ගැනත් හොයා බලන්න පුළුවන්.


'අංශක 180ක ආපසු හැරීමක්'

කොහොම වුණත්, ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීමේ දැවැන්ත වෙනසක් සිද්දවෙලා තියෙන බවත් සඳහන් කළ යුතුයි. සමහරු කියන්නේ ඒක අංශක 180කින් ආපසු හැරීමක් කියල.  

ව්‍යසනයෙන් ධීවරයින්ට සිදුවුණ හානිය වෙනුවෙන් තවත් දෙන්න පුළුවන් ඩොලර් මිලියන 2.7ක් (රුපියල් මිලියන 800ක්) පමණයි කියල නෞකා හිමියන් අධිකරණයට දැනුම් දුන්න වෙලාවේ නීතිපති දෙපාර්තමේන්තුව ඒකට දැඩි විරෝධය පළ කළා.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කිවුවේ පාස්කු උත්සවය සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් 'හොඳ හිත පෑමේ ඉඟියක්' හැටියට නෞකා හිමියන් ඒ මුදල දෙන්නේ ඒක අවසාන වන්දි වාරිකය බවට තමන් කරන යෝජනාවට එකඟවෙනවා නම් පමණයි කියල.

බොහොම දැඩි ස්වරයෙන් ඒ යෝජනාවට ප්‍රතිචාර දක්වපු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයෝමි කහවිට පෙන්නලා දුන්නේ, නෞකා හිමියන් යෝජනා කරන මුදල මීට කාලෙකට කලින් ඉඳල රජයේ පාර්ශවයෙන් ඉල්ලල තියන වන්දියක් බව. ඒ නිසා අනිවාර්යයෙන්ම නෞකා සමාගම ඒ මුදල ගෙවිය යුතු නමුත්, කිසිසේත්ම ඒක අවසාන වන්දි වාරිකය කියල පිළිගන්න සූදානම් නැති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය දැඩිව කියා සිටිය. නෞකා සමාගම තවත් ඩොලර් මිලියන 41ක් ධීවරයින්ට වන්දි වශයෙන් ගෙවිය යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

Pulitzer Centre ආයතනයත් එක්ක එකතුවෙලා, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පසුගිය මාස කිහිපය මුළුල්ලේ මම පුළුල් ගවේෂණයක යෙදුණ. ඒ ගවේෂණයේ තොරතුරු ඉදිරි සතිවලදී දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

jhjdg
Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 අප්‍රේල් 10

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...