අද රටේ දේශපාලන වටපිටාව විපරම් කර බැලීමේ දී පැහැදිලිව පෙනෙන කරුණ නම් මාලිමා පාර්ශවය හැරුණු කොට විපක්ෂ යැයි සම්මත සියලු පාර්ශවයන් අඩු වැඩි වශයෙන් දඬුවම් ලබා සිරගතව සිටින ඥානසාර හිමියන්ගේ සිවුර ගැන වද වෙමින් සිටින බව දැකගත හැකිය. මෙම ව්යායාමය බැලූ බැල්මට ආගමික හා සමාජයීය උත්තුංග කාර්යයක් ලෙස හුවා දැක්වුව ද එය හුදෙක් දේශපාලනික වුවමනාවකින් සිදුකරනු ලබන සමාජයීය ප්රකාශනයක් බව පසක් කළ යුතුය.
සිවුරට යුක්තිය
සිවුරට යුක්තිය

අධිකරණයෙන් දඬුවම් ලබා බන්ධනාගාර ගතව සිටින ඥානසාර හිමියන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සහ මෙරට භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යැයි පවසා සංවිධානය කෙරුණු "සිවුරට යුක්තිය සහ "නිදහසේ පාද යාත්රාව" මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාව අසලින් ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 10 වෙනිදාය.
මෙම පාගමන නුවර සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතව තිබේ. මීට අමතරව රටේ විවිධ තැන්වල මහජන අත්සන් එකතු කිරීමේ ව්යාපාරයක් ද නගර ආශ්රිතව උද්ඝෝෂණ ව්යාපාරයන් ද සිදුකෙරමින් පවතී.
මේ සියලු පාර්ශවයන් එළැඹෙන 15 වනදා කොළඹට පැමිණෙන මෙම පාගමන සමග එක්ව අවසානයේ විරෝධතාවක් සහ විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
සිරගත කරනු ලබන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වයන් සහ සිරකරුවකු වූ ඥානසාර හිමිගේ සිවුර ගලවා බන්ධනාගාර ඇඳුම ඇඳීමට නියම කිරීමට එරෙහිව මෙම හාමුදුරුවරුන්ගේ දැඩි විරෝධය පළ කිරීමෙන් ඔබ්බට ගොස් නැවත වතාවක් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ඉල්ලා විධායකට බලපෑම් කිරීම මෙහි මූලික අරමුණ බව පැහැදිලිය.
පසුබිම් කතාව

2018 වර්ෂයේ මැයි 24 දින අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් 2018 අගෝස්තු 08 වන දින වසර 19ක සිරදඬුවමක් නියම කළ අතර, එම සියලු දඬුවම් එකවර ගෙවී යන පරිදි වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ක්රියාත්මක කිරීමට නියෝග කළේය. ඒ අනුව උන් වහන්සේ සිරකරුවකු ලෙස බන්ධනාගාර ගත කළේය. ඒ අවස්ථාවේදී පවා බන්ධනාගාර නීතිය අනුව ඔහුට සිරකරු ඇඳුම ඇඳ බන්ධනාගාරය තුළ කටයුතු කිරීමට සිදුවිය. ඒ බව එවක බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය විසින් මාධ්ය වෙත තහවුරු කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ද එදා සමාජයේ කතිකාවන් ගොඩනැගුණු බවද සිහිපත් කළ යුතුය.
කෙසේ වෙතත් 2019 මැයි 23 දින එවකට ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්රදානය කර උන්වහන්සේ නිදහස් කෙරුණි. ඒ නිසාම එදා සමාජය තුළ ගොඩනැගෙමින් තිබූ බන්ධනාගාරය තුළ සිවුරු ගැලවීමේ විරෝධයේ කතිකාව හමාර විය.
එකී සිදුවීමෙන් වසර 7කට පසු අදාළ ජනාධිපති සමාවට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් නැවත අධිකරණයේ විභාගයට ගැනුණි. ඒ අනුව 2026 සැප්තැම්බර් 10 දින ශ්රේෂ්ඨාධිකරණය එම ජනාධිපති සමාව නීතිය ඉදිරියේ වලංගු නොවන බව තීන්දු කළ කළේය. ඉන් අනතුරුව 2026 ඔක්තෝබර් 5 දින අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමිට හිමි මුල් සිරදඬුවම ක්රියාත්මක කිරීමට නියෝග කර සිටියේය.
මේ සිදුවීම තුළ මූලික කරුණු 3ක් පැහැදිලිය.
1. සිවුර නීතියෙන් නිදහස් වීමේ බලපත්රයක් නොවන බව.
2. ජනාධිපති සමාව ආධ්යාත්මික පාරිශුද්ධත්වය පිළිබඳ සහතිකයක් නොවන බව.
3. අධිකරණ තීන්දුවක් ආගමික තත්ත්වය පිළිබඳ තීන්දුවක් නොවන බව.
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම
"කෙනෙක් බන්ධනාගාරගත වුණොත් බන්ධනාගාර ආඥා පනත අනුව කටයුතු කළ යුතු ආකාරයක් පවතිනවා. මේ සිදුවිමේදී විශේෂයක් කරලා නැහැ, දැනටත් බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබමින් ඉන්න හාමුදුරුවන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කරලා තිබෙන ආකාරයට ම තමයි ගලගොඩඅත්තේ ඥනසාර හමුදුරුවන්ටත් බන්ධනාගාර ආඥා පනත යටතේ, බන්ධනාගාර නීතියෙන් කටයුතු කරලා තියෙන්නේ." ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන මාධ්ය ප්රශ්න කර සිටි අවස්ථාවේ කැබිනට් මාධ්ය ප්රකාශක සඳහන් කර සිටියේය.

එය බන්ධනාගාර නීතියේ සඳහන්ව ඇත්තේ මෙසේය.
"උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින් උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. අවුරුදු 3ක හෝ අඩු හෝ සිර දඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් කළ යුත්තේ ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ගබඩාවෙන් ගෙන ඇඳීමට දීමටය.....
අවුරුදු 3ට කට වැඩි සිර දඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන්, මුදාලන සිරකරුවන්ට දීමට නියම කොට ඇත්තා වූ ද බන්ධනාගාරයේ දී අයත් වන වස්ත්ර චක්රයට ගැලපෙන්නා වූ ද ඇඳුම් ඇඳීමට සැලැස්විය යුතුය"
- (බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝග - 550)
ඒ අනුව සියලු පුරවැසියන්ගේ අවධානයට ලක්විය යුතු කරුණ නම් වසර 3කට වඩා දඬුවම් ලබා සිරගත වන සිරකරුගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝග අනුව අදාළ නිලධාරීන්ට නෛතික බලය හිමි බවය.
ඒ අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ සිවුර කිසිවකු බලහත්කාරීව ගලවා නැත. දඬුවම් ලබා බරපතල වැඩ සහිතව සිරගත වූ සිරකරුවකුගේ ඇඳුම සම්බන්ධයෙන් නෛතික තීරණයක් ගැනීමට බන්ධනාගාර අධිකාරිය කටයුතු කර ඇත.
දැන් ප්රශ්නය තියෙන්නේ, මෙතෙක් කල් පැවැති ආණ්ඩු හෝ බලධාරීන් නිසියාකාරව ක්රියාත්මක නොකළ මෙකී නිතියේ විධානය ක්රියාවට නැගීමට පියවර ගැනීමය.
සිවුරට අත නොතබනු!

භික්ෂුවකගේ සිවුර ගලවන්න ගිහියන්ට අයිතියක් නොමැති බව විපක්ෂ නායකවරයා අවධාරණය කළ පුවතක් පළවී තිබිනි.
ඒ පුවතට අනුව ඔහු අවධාරණය කර ඇත්තේ, සිවුර ගැලවීමේ ක්රියාවලිය අන්ත දුෂ්ට ක්රියාවක් බවත්, එයට කිසිදු අයිතියක් ගිහියන්ට නොමැති බවත්, ජනාධිපතිවරයා සති දෙකක් ගෙන කමිටු දමනවාට වඩා පැය විසිහතරෙන් තොරතුරු සොයා චීවරයේ ගරුත්වය සුරකින රෙගුලාසිවල වෙනස්කම් සිදුකිරීමට පියවර ගත යුතු බවය.
කෙසේ වෙතත් විපක්ෂනායකවරයා පවසන ආකාරයේ පැය විසිහතරේ හදිසියකින් නීති රෙගුලාසි වෙනස් කිරීමට පියවර නොගත්තත්, ජනාධිපතිවරයා, මහ නායක හිමිවරුන් හා සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ඊට අදාළ පියවර ගනිමින් සිටීන බව පෙනේ. නමුත් මෙකී නීතිමය කරුණු හදිසියේ වෙනස් කිරීම තුළ යම් යම් පාර්ශවයන්ට කෙටි කාලීනව දේශපාලනමය වාසි අත්කර ගත හැකි වුව ද දිගු කාලීනව බුද්ධ ශාසනයට අත්වන සුගතිය හෝ අගතිය කුමක් ද යන්න නැවත නැවතත් විමසා බැලිය යුතු බව සිහිපත් කළ යුතුය.
සිවුරක් ඇඳි පමණින් "භික්ෂු" හෝ "සංඝ" නොවේ.
සිවුර ගැලවීම සම්බන්ධ ප්රකාශය සලකා බැලීමේදී අවධාරණය කළ යුතු කරණ නම්, සිවුර ගලවන්න ගිහියන්ට අයිතියක් නෑ වගේම සිවුර අන්දන්නත් ගිහියන්ට අයිතියක් නැතිබව ය. මොකද සිවුර යනු හුදෙක් ඇඳුමක් පමණක්ම නොවේ. බුදුදහම තුළ සිවුර පැවිදි ජීවිතයේ සංකේතයකි. එය විනය, සංයමය, ආධ්යාත්මික පුහුණුව සමඟ බැඳී පවතින්නකි.
යම් පුද්ගලයකුට සිවුරකට හිමිකම් කියන්න ලැබෙන්නේ, ඔහු විසින් "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා" කියන ප්රතිඥාව සංඝයා වහන්සේලා ඉදිරියේ සඵත කළ පසුය. ඉන් පසුව එකී පුද්ගලයා සියලු දුක් නිස්සාරණය කොට නිර්වාණ අවබෝධය පිණිස කටයුතු කළ යුතුය. එසේ ක්රියාකරන ඔහු හෝ ඇය හඳුන්වන්නේ 'භික්ෂුවක හෝ භික්ෂුණියක' වශයෙනි.
ඒ අනුව සිවුරක් පොරවා පැවිද්දෙක් වූ පමණින් භික්ෂුවක් ද භික්ෂුව වූ පමණක් කිසිවකු සංඝ බවටද පත් වන්නේ නැත. එසේම සංඝ කෙනෙකුගේ සිවුර ගැලවූ පමණින් ඔහුගේ සංඝභාවය අහෝසි වන්නේ ද නැත.
සංඝ යනු බුද්ධ දේශනාව අනුව ආර්ය මාර්ගයට පිළිපන් අයය. ඒ සඳහා වැදගත් වන්නේ සිවුර නොව ආධ්යාත්මික ක්රියාකලාපයයි. සිවුරු නොපොරවා ගත්ත ද අවශ්ය නම් අයෙකුට සංඝ බවට පත් වීමට අවකාශ තිබේ. ශාසන ඉතිහාසය තුළ සඳහන් වන විශාකා, අනේපිඬු වගේම චිත්ත ගෘහපති වගේ චරිත සංඝ ගනයට අයත් වූවන්ය.

වරක් මංගල සමරවීර මේ රටේ ත්රිවිධ රත්නයක් නොමැති බවත් ඇත්තේ ද්විධ රත්නයක් පමණක් බවත් ප්රසිද්ධියේ ප්රකාශ කර සිටියේ මේ යථාර්ථය සමාජය පැහැදිලි කර දීමටය. නමුත් එදා ඊට බරපතල දේශපාලනික විරෝධයක් එල්ල විය. නමුත් එකී ප්රකාශය අදට ද වලංගු බව "සිවුරට යුක්තිය" ඉල්ලා හඬනගන සියල්ලෝ විසින් පසක් කරමින් සිටින බව දැකගත හැකිය.
සිවුරු සටනේ අවසානය

අද අපේ සමාජය තුළ බුද්ධ චීවරය අනීතික ආධිපත්යක සංඛේතයක් බවට පත්කර, එය උත්තරීතර ආභණයක් ලෙස ඒත්තු ගන්වා, ආධ්යාත්මය පසෙකලා, ඉන් සමාජ සත්කාර යහමින් උපයා, සිය දිවි සරිකරගන්නා සමාජ කණ්ඩායමක් බවට භික්ෂු ප්රජාව සම්බන්ධයෙන් වන දැඩි විවේචනය බැහැර කිරීමට, බුද්ධ චීවරය දරමින් කටයුතු කරන කිසිවකු සිය ප්රායෝගික භාවිතාව තුළ කටයුතු කර නැත.
එවැනි පසුබිමක සිවුරට යුක්තිය ඉල්ලා පාගමනේ යෙදන, සිවුරට අත නොතියනු කියා රට පුරා උද්ඝෝෂණය කරන සහ මහජන අත්සන් එකතු කරන, ඒවා සංවිධානය කරන සියලු හාමුදුරුවරු රටට ඔප්පු කරමින් සිටින්නේ, ඔවුන් කිසිවකු සැබෑ භික්ෂූන් හෝ සංඝ ගනයට අයත් නොවන හුදු වෘත්තීය පැවිද්දන් පිරිසක් පමණක් බව ද?
කෙසේ වුවද අද පවතින යථාර්ථය නම් මේ පැවිදි සමූහයට රට තුළ සැලකිය යුතු සමාජයීය බලයක් නිර්මාණය වී ඇති බව පිළිගත යුතු සත්යයකි. එය ආගම්වාදී හෝ ජාතිවාදී ද යන්න වෙනමම විමසා බැලිය යුතු කරුණකි. එකී සමාජයීය සිවිල් බලය යොදා ගනිමින් ඔවුන් විධායකයට බලපෑම් කරමින් සිටින්නේ, මීට පෙර විධායක බලය හෙබවූවන් කටයුතු කළ ආකාරයට, දැනට රටේ පවතින නීතියට පිටින් කටයුතු කරන්න කියාය. සිරකරුවෙකුට සිවුර අන්දවන්න සහ බරපතල වැඩ සහිත සිරකරුවකු නිදහස් කරන්න කියා ඉල්ලා සිටින්නේ එහෙයිනි.
එය එසේ වුවද මෙකී සමාජ බලපෑම හමුවේ ජනාධිපතිවරයාට නීතියේ විධානයට ඉහලින් කටයුතු කිරීමට විධායක බලතල ප්රකාරව බලයක් ඇති බව සැබෑය. නමුත් ජනාධිපතිවරයාට හිමි ජනතා පරමාධිපත්ය බලය තුළ එවැනි අනීතික කටයුත්තක් සිදුකිරීමට කිසිදු අයිතියක් නැති බව සිහිපත් කළ යුතුය. ජනාධිපතිවරයා පැවසූ ආකාරයටම, තමන්ගේ කැමැත්ත නීතිය බවට පත් කරන්න තමන් සූදානම් නැති බව ප්රායෝගිකව ඔප්පු කළ හැකි ළඟම අවස්ථාව වන්නේ ද මෙයයි. එය අනාගතයේ මේ රටේ යුක්තියේ සාධාරණත්වය පිළිබඳ ඵෙතිහාසික සළකුණක් බවට පත්වනු නිසැකය.
සටහන - රන්සර විකුම් දික්කුඹුර