පාපන්දු ක්රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ශ්රී ලංකාව ද ඇතුළු ජාත්යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සාමාජික රටවලට ඩොලර් මිලියන 25 බැගින් ලබා දීමට සැලසුම් සකස් වෙමින් තිබේ.
2027 සිට 2030 දක්වා සිවු වසරක කාලවකවානුවක පාපන්දු සංවර්ධනය වෙනුවෙන් සෑම ජාතික පාපන්දු සංගමයකට ම මේ මුදල ලබා දීම පිණිස ඩොලර් බිලියන 6.35ක අරමුදලක් FIFA විසින් යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.
ලෝක කුසලාන ආදායම රටවල් 211කට
පසුගියදා පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූල්යමය සාර්ථකත්වය රටවල් 211ක FIFA සාමාජික සංගම් හා සම්මේලන හරහා පාපන්දුවේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා යොදවා ගැනීමට පාපන්දු ක්රීඩාවේ ලෝක පාලක මණ්ඩලය තීරණය කර ඇත.
මුලදී සැලසුම් කර තිබුණේ එක් එක් ජාතික පාපන්දු සංගම්වලට සිවු වසරක කාලයක් සඳහා ඩොලර් මිලියන 10ක් බැගින් ලබා දීමටයි.
රටවල් 48ක සහභාගිත්වයෙන් පැවැත්වූ සිය ලෝක කුසලාන තරගාවලියේ පෙර නොවූ විරූ මූල්යමය සාර්ථකත්වය පදනම් කරගෙන තමන්ගේ මූල්ය සංචිතවලින් ඩොලර් බිලියන 3.5කට වැඩි මුදලක් බෙදා හැරීමට ද ඔක්තෝබර් 14 දිනැති ලේඛනයකින් FIFA යෝජනා කර තිබේ.
ඉන්ෆන්ටීනෝට එරෙහි යුරෝපීය විරෝධය
මේ ක්රියාවලිය වාර්තා වන්නේ FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ බලයෙන් පහ කිරීමට උත්සාහ කිරීම පිණිස එම තනතුර සඳහා යෝජිතයෙක් යුරෝපීය පාපන්දු නායකයින් විසින් සොයමින් සිටින අවස්ථාවකයි.
2016 වසරේදී FIFA සභාපති වශයෙන් පත්වූ ඉන්ෆන්ටීනෝ ලබන වසරේදී නැවත තේරී පත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.
අවසන් අනුමැතිය ලබන වසරේදී
මේ මූල්ය සැලැස්ම එළඹෙන දෙසැම්බරයේ පැවැත්වෙන FIFA කවුන්සලයේදී අවසන් කර ලබන වසරේ මාර්තු මාසයට නියමිත 77 වැනි FIFA කොංග්රසයේදී අවසාන අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇති බව එම ලේඛනයේ වැඩිදුරටත් සඳහන් වේ. සෑම මහාද්වීප සම්මේලනවලට ඩොලර් මිලියන 99ක් බැගින් පිළිගන්වන බව ද පාපන්දුවේ ගෝලීය පාලකයින් ප්රකාශ කරයි.
“කාන්තා හා යොවුන් පාපන්දුවේ ආයෝජනය හා සංවර්ධනය විශේෂයෙන් කේන්ද්ර කරගත් 2027-2030 කාලසීමාව සඳහා කලින් සැලසුම් කර තිබූ අරමුදල් බෙදා හැරීමේ ප්රමාණය මේ යෝජනාවෙන් දෙගුණයකටත් වඩා වැඩි වනවා” යනුවෙන් FIFA සඳහන් කරයි.
චෝදනා මැද එළියට ආ යෝජනාව
මේ පුවත ඇසෙන්නේ ඉන්ෆන්ටීනෝ 2026 ලෝක කුසලාන තරගාවලියේ ව්යාපාර ආයතනයකින් කලින් හෙළි නොකළ මුදලක් ලබා ගෙන ඇති බවට වාර්තා පළවී දිනකට පසුව වීම විශේෂත්වයකි.
ලංකාවේ පාපන්දුවට FIFA වෙතින් ඩොලර් මිලියන 25ක්!
Awara
October 14, 2026 • 3:12 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පාපන්දු ක්රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ශ්රී ලංකාව ද ඇතුළු ජාත්යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සාමාජික රටවලට ඩොලර් මිලියන 25 බැගින් ලබා දීමට සැලසුම් සකස් වෙමින් තිබේ.
- සිට 2030 දක්වා සිවු වසරක කාලවකවානුවක පාපන්දු සංවර්ධනය වෙනුවෙන් සෑම ජාතික පාපන්දු සංගමයකට ම මේ මුදල ලබා දීම පිණිස ඩොලර් බිලියන 6.35ක අරමුදලක් FIFA විසින් යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.
- ලෝක කුසලාන ආදායම රටවල් 211කට පසුගියදා පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූල්යමය සාර්ථකත්වය රටවල් 211ක FIFA සාමාජික සංගම් හා සම්මේලන හරහා පාපන්දුවේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා යොදවා ගැනීමට පාපන්දු ක්රීඩාවේ ලෝක පාලක මණ්ඩලය තීරණය කර ඇත.
- මුලදී සැලසුම් කර තිබුණේ එක් එක් ජාතික පාපන්දු සංගම්වලට සිවු වසරක කාලයක් සඳහා ඩොලර් මිලියන 10ක් බැගින් ලබා දීමටයි.

ක්රීඩා සංස්කාරක
ශ්රී ලංකා ක්රීඩා මාධ්ය ක්ෂේත්රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්යතාවක් ගොඩනගාගත් ප්රවීණ මාධ්යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.
View all stories by වර්නන් ගුණසේකරඅපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


