The Leader News
BREAKING
AI න්‍යෂ්ටික අවිවලටත් වඩා භයානක ද? බිල් ගේට්ස්ගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා නීතිය ගැන විපක්ෂ නායකගෙන් සංවේදී විසඳුමක්●එයාර් බස් අල්ලස් නඩුව: නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්?●බැසිල් අත්අඩංගුවට ගන්න කොටුවෙන් රතු වරෙන්තු●අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි!●ක්‍රිකට් පරාජය හමුවේ ක්‍රීඩා ඇමැතිගෙන් ඉවසීමේ ඉල්ලීමක්●ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?●
Top Ad
පුවත්

එයාර් බස් අල්ලස් නඩුව: නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්?

Awara

Awara

October 14, 2026 • 1:10 PM

එයාර් බස් අල්ලස් නඩුව: නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් ගනුදෙනුව පිළිබඳ විමර්ශන සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තහවුරු කළේය.
  • බෝදරගම හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට පෙන්වා දුන්නේ මෙම සිදුවීමෙන් රජයට එල්ල වූ ආර්ථික හා මූල්‍යමය බලපෑම සුළුපටු නොවන බවයි.
  • බෲනායි සමාගම 5 වැනි සැකකරු වෙයි විමර්ශන උදෘත පරීක්ෂා කළ නීතිපතිවරයාගේ උපදෙස් මත, බෲනායි රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති 'බිස් සොලියුෂන්' (Biz Solution) සමාගම මෙම නඩුකරයේ 5 වැනි සැකකරු ලෙස නම් කෙරිණි.
  • එම සමාගමේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇත්තේ නඩුවේ දෙවැනි සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක බව වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් ගනුදෙනුව පිළිබඳ විමර්ශන සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තහවුරු කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට පෙන්වා දුන්නේ මෙම සිදුවීමෙන් රජයට එල්ල වූ ආර්ථික හා මූල්‍යමය බලපෑම සුළුපටු නොවන බවයි.

බෲනායි සමාගම 5 වැනි සැකකරු වෙයි

විමර්ශන උදෘත පරීක්ෂා කළ නීතිපතිවරයාගේ උපදෙස් මත, බෲනායි රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති 'බිස් සොලියුෂන්' (Biz Solution) සමාගම මෙම නඩුකරයේ 5 වැනි සැකකරු ලෙස නම් කෙරිණි. එම සමාගමේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇත්තේ නඩුවේ දෙවැනි සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක බව වාර්තා විය.

අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යන ද්විත්වයම යටතේ එකම අධිචෝදනා පත්‍රයක් මඟින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීති කෙටුම්පත් සකස් කර අවසන් බව පැමිණිල්ල කියා සිටියේය. ඒ අනුව, අධිකරණ සංවිධාන පනතේ 12(අ)1(අ) වගන්තිය ප්‍රකාරව මෙම නඩුව විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට පියවර ගෙන තිබේ.

මව්පියන්ගේ අසනීප තත්ත්වය සහ ඇප විවාදය

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු දක්වමින්, විමර්ශන අවසන්ව තිබීම සහ සැකකරුගේ මව්පියන් දෙපළම මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටීම සුවිශේෂී තත්ත්වයක් සේ සලකා ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට විරෝධය පළ කරමින් අවධාරණය කළේ, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇති අවස්ථාවක මහේස්ත්‍රාත් අධිකරණයට ඇප සලකා බැලීමේ හැකියාවක් නොමැති බවත්, ඒ පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ එම විනිසුරු මඩුල්ල පත්වීමෙන් පසුව බවත්ය.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව

දෙපාර්ශ්වයේම තර්ක සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නාමල් රාජපක්ෂගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කරමින් නියෝග කළේ ඔහුව ලබන ඔක්තෝබර් 27 වනදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

විමර්ශන අවසන් වීම හා නඩු පැවරීම අතර ප්‍රමාදයක් සිදු නොවන බැවින් එය ඇප සඳහා 'සුවිශේෂී කරුණක්' නොවන බව විනිසුරුවරයා සඳහන් කළේය.

මව්පියන්ගේ අසනීප තත්ත්වය තහවුරු කිරීමට කිසිදු වෛද්‍ය වාර්තාවක් හෝ නිල ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.

සැකකරුට එරෙහිව නොපමාව අධිචෝදනා ගොනු කර ඒ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කෙරිණි.

නඩුකරය ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට යන තෙක් කිසියම් සුවිශේෂී කරුණක් මතු වුවහොත් පමණක් නැවත මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි බවත්, ඉන් අනතුරුව ඇප පිළිබඳ තීරණය සම්පූර්ණයෙන්ම ත්‍රිපුද්ගල මහාධිකරණය සතු වන බවත් අධිකරණය වැඩිදුරටත් පැහැදිලි කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...