The Leader News
BREAKING
නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●ජනතා හිතවාදී රාජ්‍ය සේවයකට බිලියන 371.8ක ආයෝජනයක්●දෙදහසක් රැවටූ බවට චෝදනා ලැබූ මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට●රවී සෙනෙවිරත්නගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව පෙබරවාරි 19 දා●ඩයනාට එරෙහි වීසා චෝදනාවක තීන්දුව ජනවාරියේ●
Top Ad
ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්

Nethmini

Nethmini

November 27, 2026 • 9:12 AM

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවට අමරණීය දිනයක් එක් කරමින්, මෙරට ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ජාත්‍යන්තර තරගාවලි දෙකකදී සුවිශේෂී ජයග්‍රහණ වාර්තා කර තිබේ.
  • ඉන්දියාව දණ ගැස්වූ ශ්‍රී ලංකා 'ඒ' පිතිකරු බලඇණිය දෝහා නුවර පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඉන්දීය 'ඒ' කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
  • පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 317ක් රැස් කළේය.
  • ඉන්දීය ඉනිම වෙනුවෙන් අභිෂේක් ෂර්මා (78), ෂාබාස් අහමඩ් (නොදැවී 54) සහ නායක තිලක් වර්මා (53) ලකුණු අතරට පිවිසියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවට අමරණීය දිනයක් එක් කරමින්, මෙරට ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ජාත්‍යන්තර තරගාවලි දෙකකදී සුවිශේෂී ජයග්‍රහණ වාර්තා කර තිබේ.

කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවති ආසියානු කුසලාන නැගී එන තරු (Asia Cup Rising Stars) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයේ උණුසුම මැකී යාමටත් මත්තෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලානය (Women’s Emerging Nations Trophy) අපරාජිතව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඉන්දියාව දණ ගැස්වූ ශ්‍රී ලංකා 'ඒ' පිතිකරු බලඇණිය

දෝහා නුවර පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඉන්දීය 'ඒ' කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 317ක් රැස් කළේය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් අභිෂේක් ෂර්මා (78), ෂාබාස් අහමඩ් (නොදැවී 54) සහ නායක තිලක් වර්මා (53) ලකුණු අතරට පිවිසියහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ, නිපුන් ධනංජය සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 318ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා 'ඒ' පිතිකරුවෝ පළමු පන්දුවාර 10 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 85ක් රැස් කරමින් ඉන්දීය පන්දු යවන්නන් අසරණ කළහ. ආරම්භක පිතිකරුවන් වූ සිනෙත් ජයවර්ධන සහ ලසිත් කෲස්පුල්ලේ ගොඩනැගූ ලකුණු 174ක සබඳතාව ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.

| ලසිත් කෲස්පුල්ලේ: පන්දු 107කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 118යි.
| සිනෙත් ජයවර්ධන: පන්දු 70කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 105යි.
| නිශාන් මධුෂ්ක: පන්දු 56කදී නොදැවී ලකුණු 58යි.
| පවන් රත්නායක (නායක): පන්දු 16කදී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 31යි.

මධුෂ්ක සහ රත්නායක අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 53ක සබඳතාවත් සමඟ පන්දුවාර 41.3කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට හැකි විය.

තරග 8ම ජයගෙන කිරුළ දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් හිදී පැවති ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන අවසන් මහා තරගයේදී අයර්ලන්තය කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. තරගාවලිය පුරා සහභාගී වූ තරග 8ම ජය ගනිමින් අපරාජිතව ශූරතාව දිනා ගැනීමට ඔවුහු සමත් වූහ.

වැඩබලන නායිකා හර්ෂිතා සමරවික්‍රම තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේ සෑම ක්‍රීඩිකාවක්ම තම වගකීම නිසි ලෙස හඳුනාගෙන ක්‍රීඩා කිරීම මෙම සාමූහික ජයග්‍රහණයට හේතු වූ බවයි.

අවසන් තරගයේදී සිය උපරිම දක්ෂතා දැක්වීමට නොහැකි වුවද, මෙම තරගාවලියෙන් ලැබූ අත්දැකීම් අතිශය වැදගත් බව අයර්ලන්ත නායිකා ගැබී ලුවිස් පැවසුවාය.

විශ්මි සහ සත්‍යාගේ සුපිරි දස්කම්

මෙම ඓතිහාසික ජයග්‍රහණය පිටුපස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ පුද්ගලික දක්ෂතා කැපී පෙනුණි. තරගාවලිය පුරා ලකුණු 324ක් රැස් කළ විශ්මි ගුණරත්න වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූවාය.

2020 වසරෙන් පසු නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසි දඟ පන්දු යවන ක්‍රීඩිකා සත්‍යා සන්දීපනී, අවසන් තරගයේදී ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමින් අවසන් තරගයේ වීරවරිය සම්මානය දිනා ගත්තාය. ඇය සමස්ත තරගාවලියේ කඩුලු 17ක් දවා ගනිමින්, අයර්ලන්තයේ කාරා මරේ සමඟ වැඩිම කඩුලු ලාභිනියන් අතර සම-ප්‍රථම ස්ථානයද හිමිකර ගත්තාය.

මෙම ද්විත්ව ජයග්‍රහණයන් මෙරට නැගී එන ක්‍රිකට් තරු ජාත්‍යන්තර තලය ජය ගැනීමට සූදානම් බවට ලබා දුන් ප්‍රබල පණිවිඩයකි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...