කාඩ්පතක් වෙනුවට QR කේතයක් සහිත රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් පසු මෙම නව ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කටයුතු ඔක්තෝම්බර් 16 වැනදා ආරම්භ වූ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ Daily Mirror වෙත පවසා ඇත.
මෙලෙස ඩිජිටල් රියදුරු බලපත්‍රය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.
පසුගිය වකවානුවේ පැවති ආර්ථික පසුබෑම නිසා ‘චිප් කියවීම් ඒකක'(Chip Reading Units) ආනයනය කිරීම දුෂ්කර වී ඇත.
එබැවින් කාඩ්පත් හිමියාගේ තොරතුරු කියවීම පහසු කිරීම සඳහා අර්ධ සන්නායක චිපය වෙනුවට QR කේතය කාඩ්පතේ මුද්‍රණය කිරීමට තීරණය කර තිබේ.
ලයිෂන් කියවන්න පොලිසියට අලුත් ඇප් එකක්
මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පමණක් QR කේතයේ තොරතුරු කියවීම සඳහා වෙනම ජංගම යෙදුමක් හඳුන්වා දී ඇත.
නව ස්මාර්ට් රියදුරු බලපත්‍ර කාඩ්පත්වලට රථවාහන වැරදි සඳහා ලකුණු ලබාදීමේ (demerit points) ක්‍රමය ඇතුළත් කර තිබේ.
(ceylonwire.lk)
ඩ්‍රයිවින් ලයිෂන් එකට QR කේතයක්
T
The Leader Desk
November 1, 2023 • 4:13 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනට පවතින අර්ධ සන්නායක චිපයක් සහිත
- මෙලෙස ඩිජිටල් රියදුරු බලපත්‍රය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.
- පසුගිය වකවානුවේ පැවති ආර්ථික පසුබෑම නිසා ‘චිප් කියවීම් ඒකක'(Chip Reading Units) ආනයනය කිරීම දුෂ්කර වී ඇත.
- එබැවින් කාඩ්පත් හිමියාගේ තොරතුරු කියවීම පහසු කිරීම සඳහා අර්ධ සන්නායක චිපය වෙනුවට QR කේතය කාඩ්පතේ මුද්‍රණය කිරීමට තීරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



