The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
පුවත්

විස්සෙන් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා - ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

T

The Leader Desk

September 30, 2020 • 2:23 PM

  විස්සෙන් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා - ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් 20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති බැවින් 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින්
  • එහිදී 20 වැනි සංශෝදන යෝජනාවලිය අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් ඉදිරිපත්කර තිබු පෙත්සම වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පහත කරුණු අවධාරණය කළේය.
  • ඉන් පලමු වැන්න 1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීමය.
  • දෙවැන්න 1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාරණයක් තුලින් නැපෝලියන් බොනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් කරගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්පුර්ණ ව්‍යවස්ථා යෝජනාවලියම ප්‍රතික්ෂේප කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශීරාල් ලක්තිලක අද (30)  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගය අද (30) දෙවන දිනට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේදී ආරම්භ විය.

එහිදී 20 වැනි සංශෝදන යෝජනාවලිය අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් ඉදිරිපත්කර තිබු පෙත්සම වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පහත කරුණු අවධාරණය කළේය.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරලා !

20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇත. ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආන්ඩුක්‍රම ව්‍යවස්තා මුලදර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමිනි. 

එය කිසිසේත් කල නොහැකි දෙයකි. 

එම නිසා 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්න ව්‍යවස්තාව යෝජනාවලියම ප්‍රතික්ෂේප කලයුතුව තිබේ. 

එසේම එවැනි ව්‍යවස්තාවේ මුලික හරය වෙනස් කරන යෝජනාවක් තුනෙන් දෙකක බලයෙන් තබා ජනමත විචාරනයකින් වත් සම්මත කල නොහැකි බවත් එවැනි අවස්තාවක මහජන අනුමැතිය අදාල නොවන බවත් ඔහු පැවසීය. 

ඉතිහාසයේ දී අවස්තා දෙකක් !

Hitler 2020.09.30                                                                හිට්ලර් - නැපෝලියන් බොනපාට් 
මෙවැනි තත්වයක් ඉතිහාසයේ දී අවස්තා දෙකකදී සිදුව තිබේ.

ඉන් පලමු වැන්න 1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීමය.

දෙවැන්න 1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාරණයක් තුලින් නැපෝලියන් බොනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් කරගත්තේය.

ලංකාවේ සිදුවෙමින් සිදුවෙමින් තිබෙන්නේ එවැනිම දෙයකි. 

අප විනාශයේ මාවතට අවතීර්න වනවාද සංවර්ධනයේ මාවතට පිවිසෙනවාද යන්න 20 හි පැවැත්ම නොපැවැත්ම මත තීරනය වනු ඇත. 

එම නිසා රටේ ජනතාවගෙ අනාගතය තීරනය කිරීමේ බලය මෙරට ශ්‍රේෂ්ඨාධිකරනය මත රැඳී පවතින බව නීතිඥ ශිරාල් වැඩිදුරටත් පැවසීය.

ඉතිහාසයේ වැඩිම පෙත්සම් ගණන !

20 වැනි සංශෝදනය අභියෝග කරමින් දේශපාලනඥයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් විසින් ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ ගොනු කරන ලද සමස්ත පෙත්සම් ප්‍රමාණය 39 කි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව මෙතරම් පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.

 පෙත්සම් විභාගකරනු ලබන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් විසිනි.

'ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි' - ජයම්පති 

Jayampathi 30                    ජයම්පති වික්‍රමරත්න

මේ අතර නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයට අමතරව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව පෙන්වා දී ඇත.

20 වන සංශෝධනය මගින් ජනතා පරමාධිපත්‍යය හීන කරන බව ඔහුගේ තර්කය වී තිබේ.

එබැවින් "ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කරන" 19 සංශෝධනය සම්මත කිරීම පිණිස ජනමත විචාරණයක් අවශ්‍ය නොවුවත්, "ජනතා පරමාධිපත්‍යය හීන කෙරෙන" 20 වෙනි සංශෝධනය සඳහා ජනමතය විමසා බැලීම අත්‍යවශ්‍ය බව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්පාදකයෙකු ලෙස සැලකෙන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න පවසයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...