The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
බුකිය

බැසිල්ගේ අවසන් පිම්ම IMF ද? -රටේ රාළ

T

The Leader Desk

January 29, 2022 • 10:58 AM

 බැසිල්ගේ අවසන් පිම්ම IMF ද? -රටේ රාළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැබැයි එහෙම හිතන්න ඕනි මිනිහා මේක නොදැන ගත්තා නං තමයි.
  • මොකද කවුරු බැසිල් වැඩකාරයෙක් කියලා කිව්වත් ඇත්තටම බැසිල් ගැන හොදටම දන්නේ බැසිල්නේ.
  • බැසිල්ට ගොඩක් වෙලාවට මේ ඇර්බුදය ගැන අවබෝධයක් තියෙන්න ඇති.
  • ඒක නිසා ගන්නකං පුළුවන් කියලා කියන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):



 හැබැයි එහෙම හිතන්න ඕනි මිනිහා මේක නොදැන ගත්තා නං තමයි. රටේ රාළ කියන්නේ බැසිල් මේ තත්වය නොදැන නෙවෙයි මුදල් ඇමතිකම බාරගත්තේ. මොකද කවුරු බැසිල් වැඩකාරයෙක් කියලා කිව්වත් ඇත්තටම බැසිල් ගැන හොදටම දන්නේ බැසිල්නේ.

බැසිල්ට ගොඩක් වෙලාවට මේ ඇර්බුදය ගැන අවබෝධයක් තියෙන්න ඇති. හැබැයි බැසිල් බලාගෙන හිටියේ ඒක නෙවෙයි. බැසිල්ගේ බල ව්‍යාපෘතිය කොතනින්ද ලංකාවේ දේශපාලනයට රිංගවන්නේ කියලා. ඒ ආපු චාන්ස් එක ඒ වෙලාවේම බැසිල් ගත්තා. අනිත් ඒවා හිතන්න ගියේ නෑ.

හැබයි ඉතින් එතනදී රටේ ආර්ථිකය ගොඩදාන්න මට බෑ කියලා කියන්න බෑනේ. එහෙම කිව්වොත් කවුද බැසිල්ට මුදල් ඇමතිකම දෙන්නේ. ඒක නිසා ගන්නකං පුළුවන් කියලා කියන්න ඇති. ඔළුව දාගත්තට පස්සෙනේ ඉතිරි ටික.



අර කතාවක් තියෙන්නේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. හැබැයි බැසිල් කළේ එන්න ඉස්සෙල්ලම අසන්නාගේ සිහි බුද්ධිය අවුල් කිරීම. අම්මෝ බැසිල් ගේන්න ඔන්න මෙන්න කියලා තියනකොට රටේ ආර්ථිකය ගැන කරපු විග්‍රහ. බැසිල්ටත් දැන් හිනා යනවා ඇති ඒවා මතක් වෙනකොට.



ජනතාවට සහන, පඩි වැඩිවීම්, ආර්ථික පිමි, ඩොලර් ගලා ඒම් ඕවා තමයි තිබ්බේ. ඔක්කොම තිබුණේ පිමි විදිහට එන ඒවා. ඒ දුන්න ප්‍රචාරයේ හැටියට හැබැයි ගොඩක් අය හිතුවා මොකක් හරි වෙයි කියලා. අන්තිමට වෙන්න ඕනි ඔක්කොම වෙලා නතර වෙලා තියනවා.

මතක ඇති එක වෙලාවක එස්එම් කිව්වා බැසිල් එයාලට කිව්වලු ඔයාලා වැඩ ගැන බලාගන්න මම ඩොලර් ගැන බලාගන්නම් කියලා. කොහොම හරි පහුගිය මාස පහේ හයේ මේ රටේ ජනතාව එස්එම්ලාගේ වැඩ ගැනයි බැසිල්ගේ ඩොලර් ගැනයි හොදට ඉගෙන ගත්තා.

ඇත්තටම කාලා ඉන්න බැරි තරමට ඉගෙන ගත්තා. පෝලිම්වල රත්තියාදු වෙවී, කන්න නැතිව, බෙහෙත් නැතිව, ගෑස් පිපිරිලා මෑරෙමින් තුවාල වෙමින් මෙකී නොකී සියලු වද වෙදනා සියල්ල විදිමින් ලබපු අද්දකීමක් ඒක. ඒ ගැන නං කියලා වැඩක් නෑ.

ඒ ඔක්කොගේම අවසන් පැහැදිලි කිරීම ඊයේ පෙරේදා බැසිල් විසින් කරලා තියනවා.පෙරේදා Landon Financial Times පුවත්පතට බැසිල් ඇත්ත කතා කරලා තිබුණා.

ft

බැසිල් කියලා තිබුණේ ණය පැහැර හැරිම වළක්වා ගන්න බැදුම්කර හිමියන් එක්ක සාකච්ඡා කරනවා කියලා. ඒ වගේම රටේ ණය හා ආර්ථික අර්බුදය බරපතල බව බැසිල් පිලි අරන් තිබුණා.

මේ අවුරුද්දේ විතරක් අපි ඩොලර් බිලියන 6.9 ක ණයක් ගෙවන්න ඕනි. ජුලි වෙනකොට ඩොලර් බිලියන 01 ක් ගෙවන්න ඕනි. ඊළඟට රටට අත්‍යවශය ආහාර ගේන්න ඕනි.

ගෝඨාභය ජනාධිපතිතුමාගේ අදූරදර්ශී කෘෂිකර්මය ප්‍රතිපත්තිය නිසා රටට විශාල වශයෙන් සහල් ආනයනය කරන්නත් වෙනවා. බැසිල් කියනවා අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර ආපසු ගෙවිය යුතු බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් ඉන්නවා කියලා. අපට යම් ගැලපීමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා කියලත් කියනවා.



කොහොම හරි අවසන් උත්තරය වෙන්නේ IMF යන එක. අවසානයේ රාජපක්ෂලාට රනිල් කියපු තැනට එන්න උනා. හැබැයි එතෙන්න එන්නත් සෑහෙන පරක්කු උනා. එතකන් ගහපු බොරු පම්පෝරි ටික අපරාදේ.



ඒවා අහපු අය ගැන රටේ රාළට කියන්න තියෙන්නේ අනේ පව් කියලා. ඔක්කොටෝම වැඩිය පව් අර සමාජවාදී වාසු සහෝදරයා. IMF ගියොත් ආණ්ඩුවෙන් අයින් වෙනවා කියලා මාර අමාරුවක වැටුනේ. අවුරුදු ගානක් රාජපක්ෂලාගේ පිලිකන්නේ ලැගලත් තවමත් වාසුලාට රාජපක්ෂලා ගැන තේරුම් ගන්න බැරි හැටි.

ඇත්තටම රාජපක්ෂලා හැමදාම කරන්නේ තමන් කියන එකේ අනිත් පැත්ත. ඒකත් රාජපක්ෂලා හිතලා කරන එකක් නෙවෙයි. Vison එකක් නැතිව යනකොට ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ තමන් කියපු එකේ අනිත් පැත්ත.

ඇත්තටම දැන් රාජපක්ෂලාගේ Vison එක එදා වේල ටුවර් එකක් දුවා ගන්න එක. ඒක නිසා නිතරම පෙරළුණ පිට හොදයි කියන තැනට එයාලා ටිකක් වැඩිපුර තල්ලු වෙනවා. හැබැයි ඉතින් පෙරළුණ රටට හොඳ උනත් නරක් උනත් රාජපක්ෂලාට නං වැඩක් ගන්න එයාලා දන්නවා.

ඇත්තටම රාජපක්ෂලාට හොද පිට කනපිට කියලා එකක් නෑ. එයාලට හිතෙන දේ මොකද්ද ඒක තමයි හොද පිට. ඒත් ඉතින් හැමදාම වාසුලා ඒවට අහුවෙනවා.

හරි බැසිල් කියන විදිහට IMF එකෙන් ණය ප්‍රතිව්‍යුහ ගත කර ගැනීමක් කරයි කියමු. ඒක බැසිල් නෙවෙයි කුට්ටි IMF ගියත් කරගන්න පුලුවන්. ඒත් ඉතින් කෝ ඒ ණය ප්‍රතිව්‍යුහ ගත කර ගන්න කාලෙට ආර්ථිකය ගොඩගන්න සැලැස්මක්.

බැසිල් අයවැයෙන් ඉදිරිපත් කරපු බඩූ බෙදීමේ ක්‍රියාවලියෙන්ද ඒක කරන්න හදන්නේ. ඒක මේ ඡන්දයක් ඉළක්ක කරලා හදපු දන්සල් Program එකක් වගේ එකක්. ඉස්සර අරලිය ගහ මන්දිරයේ තිබුණ දන්සල ගමට ගෙනත්. වෙනස තියෙන්නෙ උයලා නෙවෙයි දෙන්නේ.

මේකේ තියෙන්නේ ගොඩක් ජීවනෝපාය සංවර්ධනයට කියලා දෙන දන්සලක්. රටේ නිෂ්පාදනය ආර්ථිකයක් ගොඩනැගීමට අදාල යෝජනා ඒකේ නෑ.

ඊළඟට අපි රටක් විදිහට මුහුණ දෙන ඉන්ධන අර්බුදය වගේම විදුලි අර්බුදය සෘජුව නිෂ්පාදන ක්‍රියාවලිය එක්ක ගැට ගැහෙනවා. ඒකට උත්තරයක් පේන තෙක්මානෙක නෑ.



දැනට උත්තරය විදිහට තියෙන්නේ අර අමරවීර කියන පුට් සයිකලයට බහින එක විතරයි. සමහර විට තව ටික දවසකින් ගොන් කරත්තත් පාරට ගේන්න කියයි. ඒවටත් වෙනම මන්තීරුවක් වෙන් කරන්න බැරි නෑ. ගොං කරත්ත මන්තීරුව කියලා.



ඇත්තටම ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙච්චි ආකෘති ආදේශ කරන එක නං නෙවෙයි ඕවට තියන උත්තරය. අද විදුලි බල මණ්ඩලය හරියට රීලෝඩ් දම දමා කතා කරන කනෙක්ෂන් එකක් වගේ. දවස ගානේ පනහ, සිය දදා තමයි යන්නේ. ඇත්තටම ඔහොම එදා වෙල ටුවර් එකක් දුවනකොට නවතින වෙලාව හිතා ගන්න බෑ. අපි හිතනවා සදුදා නවතී කියලා. හැබැයි ආය රීලෝඩ් එකක් දාගෙන දවසක් දෙකක් දුවනවා.

කොහොම හරි එකක් ස්ථිරයි. කොයි වෙලේ හරි නතර වෙනවා. ඒක නං ෂුවර්.

රටේ රාළ මෙතනදී ආණ්ඩුවට කියන්නේ මෙච්චරයි. මේක වෙන කණ්ඩායමක් අතට යනකං හරි මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න කියලයි.



මොකද මේක කා අතට ගියත් මේ ප්‍රශ්න පැය විසිහතරෙන් විසදන්න බෑ. මොන පුතානෝ කෙනෙකුටවත් බෑ. ඒක නිසා බැසිල් අඩියක් පස්සට තියපු පය තව අඩියක් පස්සට තියලා මේ රටේ ප්‍රශ්න කතා කරන්න වගේම විසදුම් යෝජනා කරන්න සර්ව පාක්ෂික සමුළුවකුයි ස්වාධීන විදිවත් සභාවක් හදන්න. ඒවා ඇතුළේ දේශපාලනය නොකර ප්‍රශ්නවලට විසදුම් කතා කරමු.



හැබැයි අර මාසිකව රැස්වෙලා ජනාධිපතිතුමාට උපදෙස් දෙන බහුබූත බෞද්ධ උපදේශක කාරක සභාව වගේ ඒවා නං එපා. ඒවට මේ වෙලාවේ කරන වියදමත් අපරාදේ.

මොකද ඔය ප්‍රශ්නයට යම් සහනදායි පිලිතුරක් දෙන්න පුළුවන් ඒ ඒ විෂය සම්බන්ධව හසල දැනුමක් තියන විශේෂඥයෝ පිරිසක් තවත් මේ රටේ ඉන්නවා. එයාලා එකතු කරගෙන මොකද කරන්න ඕනි කියලා එයාලගෙන් අහගෙන ඊළඟ පියවරවලට යන එක තමයි දැන් කරන්න තියෙන්නේ.

දැන් මේ රටට රාජපක්ෂලා ගැන ප්‍රසස්ථි ගායනා කරන උපදේශක සභා වැඩක් නෑ. ලයිට් කපන විදිහ තීරණය කරන්න විද්වත් කමිටු වැඩක් නෑ. ඕනි ප්‍රශ්නවලට උත්තර කියන මගපෙන්වීම් විතරයි.

හැබැයි එහෙම සද්භාවයෙන් ප්‍රශ්නයට ප්‍රවේශයක් ගන්න මෙතෙක් නං රාජපක්ෂලා සුදානමක් බවක් පෙන්නලා නෑ.

අපි අහලා තියනවා යන යකා කොරහත් බිදගෙන තමයි යන්නේ කියලා. ඉතින් මේ යක්කුයි ඒ යක්කුයි අතර ලොකු වෙනසකුත් නෑ. ප්‍රශ්නය වෙන්නේ අවසානයේදී කොරහා බිදෙන එකයි. යකාට නං මොනවා උනත් අපට මොකද?

යකා එලවලා කොරහා බේරගන්න ක්‍රමයක් ගැන දැන් කල්පනා කරන්න ඕනි කාලය ඇවිත්.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ.


(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)




සබැඳි පුවත :

මුදල් ඇමති IMF සහාය අපේක්ෂාවෙන් !

 

 

 
 

Leader Whats app


 
 

සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
  
තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන


 
 
අගමැතිට ප්‍රතිකාර කළ සැග වූ දොස්තර ? | අද ගොසිප් එක
 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බැසිල්ගේ අවසන් පිම්ම IMF ද? -රටේ රාළ | The Leader