The Leader News
BREAKING
Top Ad
බුකිය

ළමයි පලිහක් විදිහට පාවිච්චි කිරීමක්!

T

The Leader Desk

October 10, 2022 • 10:03 PM

ළමයි පලිහක් විදිහට පාවිච්චි කිරීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විරෝධතාකරුවන් පවසන්නේ, මෙය සාමකාමීව විරෝධතා දැක්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.
  • ජනතාව විසින් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ආරම්භ කළ අරගලයට මාස 06ක් පිරීම නිමිත්තෙන් එම කාලය තුළදී මිය ගිය පුද්ගලයින් සිහිකර මෙම විරු සමරුම සංවිධාන කර තිබුණි.
  • දරුවන් ඇතැතිව සිටි මව්වරුන් මෙන් පියවරුන්ද ඇඳගෙන යාමට පොලීසිය තැත්කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසර්ණය විය.
  • ''දරුවා මෙහෙම අවදානමකට දාන්නෙ අම්මෙක් තාත්තෙක් වෙන්න බෑ.'' එසේ ඇතැම් සමාජ ක්‍රියාකාරීන් මෙම සිද්ධියට අදාලව පොලිසියට චෝදනා කරද්දී, ඇතැම් සමාජ ක්‍රියාකාරීන් දරුවන් එවැනි ස්ථානයකට රැගෙන ආ දෙමාපියන්ට චෝදනා කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

 


විරෝධතාකරුවන් පවසන්නේ, මෙය සාමකාමීව විරෝධතා දැක්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

ජනතාව විසින් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ආරම්භ කළ අරගලයට මාස 06ක් පිරීම නිමිත්තෙන් එම කාලය තුළදී මිය ගිය පුද්ගලයින් සිහිකර මෙම විරු සමරුම සංවිධාන කර තිබුණි.

එහෙත් ආරම්භයේ සිටම පොලීසියෙන් ඊට බාධා එල්ල විය. පොලීසිය හා ජනවිරු සැමරුමට එක්වු ක්‍රියාකාරීන් අතර උණුසුම් වචන හුවමරු සිදුවන අයුරු දිගින් දිගටම දැක ගත හැකි විය.

දරුවන් ඇතැතිව සිටි මව්වරුන් මෙන් පියවරුන්ද ඇඳගෙන යාමට පොලීසිය තැත්කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසර්ණය විය.

child abuse 1

දරුවන්ට හිරිහැර කරන ලදැ'යි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

මේ අතර කොළඹ ගාලුමුවදොර පිටියේ ඔක්තෝබර් (09) පැවති ජනවිරු සැමරුමේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ විරෝධතාකරුවන් පිරිසක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ගොස් අද (10) පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබීය.

ඊයේ දිනයේ පැවති විරෝධතාවයේදී පොලිසිය විසින් එසේ දරුවන්ට හිරිහැර කිරීම හෙළා දකිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පොලිසිය වෙත බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.

child abuse 2


''දරුවා මෙහෙම අවදානමකට දාන්නෙ අම්මෙක් තාත්තෙක් වෙන්න බෑ.''

එසේ ඇතැම් සමාජ ක්‍රියාකාරීන් මෙම සිද්ධියට අදාලව පොලිසියට චෝදනා කරද්දී, ඇතැම් සමාජ ක්‍රියාකාරීන් දරුවන් එවැනි ස්ථානයකට රැගෙන ආ දෙමාපියන්ට චෝදනා කර තිබිණ.

ප්‍රසිද්ධ දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ අද දිනයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරින් වර සටහන් කිහිපයක් ම පළකර තිබිණ.

''පොලිසිය ළමයින්ට ආදරේ නෑ. ආණ්ඩුව ළමයින්ට ආදරේ නෑ. ඒ විතරක් නෙමෙයි මේ ළමයි හදපු උන් උන්ගෙ ළමයින්ට ආදරෙත් නෑ. ළමයෙක් ඉපදුනාට දෙමව්පියෙක් වෙන්නෙ නෑ කියන එකට උදාහරණ. මට නං හිඟමන් ඉල්ලගෙන පාරෙ ළමයි උස්සන් ඉන්න උන් දැක්කම ඇතිවෙන හැගීමමයි මෙතනදි එන්නෙත්.


උන් ළමයි උස්සන් පාරට බහින්නෙත් ඒ ළමයින්ගෙ අනාගතය වෙනුවෙන් කීයක් හරි දෙන්න කියල. මුන් ළමයි උස්සන් උද්ඝෝෂණවලට එන්නෙත් මේ ළමයින්ගෙ අනාගතය වෙනුවෙන් කියල. ගහයි කියලා සිතුවිල්ලක් හෝ තියෙද්දි තමන්ගේ දරුවා මෙහෙම අවදානමකට දාන්නෙ අම්මෙක් තාත්තෙක් වෙන්න බෑ.''

child

ලංකාවේ චක්කරේ...
 
චින්තන තවත් පොස්ටුවක මෙහෙමත් කියනවා..

''ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය parenting කියල එකක් ගැන නොදැනීම. කොටින්ම ඒකට සිංහල වචනයක්වත් නෑ. ළමයි හැදෙනවා. දෙමව්පියන්ගෙ  උවමනා වෙනුවෙන් පාවිච්චි වෙනවා. දෙමව්පියන්ගෙන් ගුටි කනවා. ගුරුවරුන්ගෙන් ගුටි කනවා. ගහපු නිසා තමයි හොඳට හැදුනෙ කියල කියනවා. ඒ ගුටිකාලා හැදුන ළමයි ලොකුවෙලා පෙලපාලි යනවා. උද්ඝෝෂණ වලට යනවා. උන්ගෙ ළමයින්වත් එක්කං යනවා. තව කට්ටියක් ලොකුවෙලා පොලිසියට බැදෙනවා. ආණ්ඩුවලට පත්වෙනවා. උන් දෙගොල්ලො මුනගැහෙන හැටි තමයි අපි ඊයෙ ගෝල්ෆේස් එකේ දැක්කෙ. ඊට පස්සෙ එතන පීඩාවට පත්වෙන ළමයි ලොකුවෙනවා. උන් පොලිසියට යනවා. තව කට්ටියක් උද්ඝෝෂණ වලට යනවා. ඔහොම තමයි ලංකාවේ චක්කරේ.


චින්තන තවත් පොස්ටුවක මෙහෙම සටහනකුත් පලකරලා තියනවා.

child abuse 2

''දැන් මේ පිංතූරය දාගෙන නන්දොඩවන සෙට් එකක් ඉන්නවනෙ. මේ පිංතූරෙ ඔය උද්ඝෝෂණ විසින් රටක් පුරා ගෙවල් ගිනි තියලා, මිනිස්සුන්ට ගහලා, මන්දිර පාර්ලිමේන්තු අල්ලගෙන, මිනිස් ඝාතන කරන්න කලින් ගත්ත එකක්.

දැන් උද්ඝෝෂණ එන්නෙ අර අරාජිකවාදී ප්‍රචණ්ඩ හෙවනැල්ලත් එක්ක. හරියට යුද්ද කාලෙදි කැමා කලිසම් ටීෂර්ට් තහනම් වුනා වගේ. ඊට කලින් ඒක  එහෙම වුනේ නෑ.

අනික මේ පොඩි එකෙක් බෝඩ් එකක් තියාගෙන වැඩිහිටියෙක් එක්ක ඉන්න තැනක්. අධිආරක්ෂිත යැයි නම් කළ කලාපයක නෙමෙයි. එක දිගට පොලිස් පහරදීම් සිදුවුන කාලයක නෙමෙයි. මේ ගෝටාගෝගම වසන්තය තිබුන කාලෙ. ප්‍රචණ්ඩත්වය නොතිබුන කාලෙ.

ගිනි තියන්න අරගලකාරයො පෙළඹුන තැන ඉදන් සාමකාමී උද්ඝෝෂණ කියන්නෙ විහිළු කතාවක්. ඒ වගේ තැනකට ළමයි එක්කගෙන යනවා කියන්නෙ ළමයි පලිහක් විදිහට පාවිච්චි කිරීමක්.



''උද්ඝෝෂණවලට ළමයි එක්කං එන්නෙ තියලා එන්න තැනක් නැති හින්ද නං මේක මානුෂික අවශ්‍යතාවක් විදිහට සලකලා අරගලකරුවන්ට පුළුවන් උද්ඝෝෂණ සඳහා යන දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් සුරැකුම් මධ්‍යස්ථානයක් පටන්ගන්න. නැත්තං අපි රජයට හරි එහෙම යෝජනාවක් කරලා බලමු. '' ?


child abuse 3


'ළමයි අරන් යන්නෙපා. ප්ලීස්..' - භාග්‍යා වීරකෝන්

ඔක්තෝම්බර් 09 වනදා ගෝල්ෆේස් භුමියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන භාග්‍යා වීරකෝන් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.

''ඊයෙ සිද්ධිය. උද්ඝෝෂණයකට යනකොට ඕනෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා දැන දැනම ළමයි අරන් ගිහින් නහයෙන් අඬන්නෙපා.

ළමයින්ට තමන්ගෙ වයසට දැකිය යුතු දේවල් තියෙනවා. අර ළමයි කෑගහපු විදියට ඒ ළමයින්ගෙ මනසට කොච්චර බලපෑමක් වෙලා ඇත්ද?

රැල්ලට දරුවො අරන් ගිහින් අනේ අපේ දරුවොත් හිටියා කියලා අඬන වැඩිහිටියො හිතන්න ඕනෙ ඒ වගේ තැනකටදරුවො අරන් යන එක වැරදියි කියලා.

පොලිසිය ... මම දැන් ඕවට කතා කරන එක නවත්තලා තියෙනෙ. අන්තිමට අපිට අරෙහෙට මෙහෙට කැඳවනකොට යන එක ඇරෙන්න වෙන මුකුත් ඉතිරි වෙන්නෙ නෑ. අනේ මට නම් බෑ බෙල්ල දෙන්න. මට මම විතරයි ඊට පස්සේ.
.
අනික මම උද්ඝෝෂණ person කෙනෙක් නෙවෙයි. කෑගැහුව  කියලා මුං අහන්නෙ නෑ. ශේප් එකේ ලිස්සලා යනවා. වැඩේ තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඔළු ඇතුළේ. ඒක හදාගත්තොත් මේ රට ගොඩ.
.
ළමයි අරන් යන්නෙපා. ප්ලීස් 
.
ස්තුතියි ?


child abuse 4

මේ අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු වන මහේෂ් හපුගොඩ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි පොස්ටුවක් පළකර ඇත.
 
  mahesh H
 
සමාජ මාධ්‍ය තුළ පළකර තිබූ තවත් පෝස්ටුවක්....
 
sdfsdf
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...