1200 x 80 DMirror

ප්‍රහසන ශිල්පිනියක් වන නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන අංගයක් අතරතුර සිදු කළ බවට පැවසෙන ප්‍රකාශයකට, පසු ගිය දින වල සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබිණි.



මේ අතර, එසේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනාව මත, නතාෂා එදිරිසූරිය ව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මැයි 28, 2023 දින අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ද, මාධ්‍ය තුළ ප්‍රමුඛ අවධානයක් ලබාගත් පුවතක් වූ බව නිරීක්ෂණය කළ හැකි විණි.

මේ සම්බන්ධයෙන්, මැයි 28, 2023 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් හි සිරස්තල තුළ ඉදිරිපත් වී තිබූ ආකාරය මෙසේ දැක්විය හැක.

මේ පිළිබඳව අපගේ නිරීක්ෂණයන් මෙසේ දැක්විය හැක.

* බොහෝ සිරස්තල ඔස්සේ, සැක පිට අත්අඩංගුවට ගැනුණු නතාෂා එදිරිසූරිය, එම චෝදනා එල්ල වී ඇති වරද නිශ්චිතවම සිදු කළ බව දක්වයි.

* එක් සිරස්තලයක් ඔස්සේ, ඇය එම චෝදනා එල්ල වී ඇති වරද සම්බන්ධයෙන් සැක පිට පමණක් අත්අඩංගුවට ගැනී ඇති බව දක්වයි.


1) නීතිමය ක්‍රියාවලියක් ඔස්සේ වරදකරුවෙකු බවට තහවුරු වී නැති, යම් චෝදනාවක් පිළිබඳව සැකපිට පමණක් අත්අඩංගුවට ගැනී ඇති අයෙකු, වරදකරුවෙකු ලෙසින් හුවා දැක්වීම කෙතරම් මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල ද?

2) මෙම සිදුවීමේ ස්වභාවය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඊට ලැබුණු අවධානයත් සමඟ බලන විට, එය මාධ්‍ය විසින් සැක පිට පමණක් අත්අඩංගුවට ගත් අයෙකු දුෂ්ටත්වයකින් දැක්වීමක් (Demonisation) සහ වරදකරුවෙකු බවට මාධ්‍ය විසින් තීන්දුවක් ලබාදීමක් (Trial by media) නොවන්නේ ද?

(YouTube වෙත එක් කොට තිබූ, මැයි 28, 2023 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් හි සිරස්තල ඇසුරිණි.)

347232994 269860498849308 3389107009672949508 n 1

(Ethics Eye)
@ethicseye  · Media

JW


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය