The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
බුකිය

මේ අපි අත්දකින නරකම යුගයක්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 25, 2023 • 5:14 AM

මේ අපි අත්දකින නරකම යුගයක්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උන් දෙන්න යන යන හැම තැනම වගේ මේ දවස්වල තියෙන්නේ හිට් වෙන ප්‍රවෘත්ති.
  • ඇත්තටම උන් දෙන්නට ගලවන්න සිප් එකක් නැහැ.
  • LGBT+ වල ඉඳන් බොහෝ දේවල් දක්වා. ඒවා ඔක්කොම හරිද වැරදිද කියල කියනවට වඩා කියන්න තියෙන්නේ ඒ හැම ජීවිතයකටම පොලිසිය කඩා පනින්නේ නැහැ කියන එක.
  • එම ස්ථානයේ සිටි බොහෝ දරුවන් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් එම ස්ථානයට පැමිණ ඇතැයි එහිදී අනාවරණය වු බව ද පොලිසිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

උන් දෙන්න යන යන හැම තැනම වගේ මේ දවස්වල තියෙන්නේ හිට් වෙන ප්‍රවෘත්ති.

ඇත්තටම උන් දෙන්නට ගලවන්න සිප් එකක් නැහැ. එන්නේ යන්නේම සිප් නැතුව. යුරෝපයේ විදීවල දරුවෝ වැඩිහිටියෝ පොලිස්කාරයෝ වගේ හැම කෙනෙක්ම වගේ බලාන ඉන්නවා. හැබැයි මහලොකුවට මුකුත් කරන්නේ නැහැ. 
0 PAY MAIN Kanye West and his new wife get cosy as they enjoy a lunch date in LA.jpg
අපි බටහිර වගේ වෙන්න ඕනි නැහැ. අපි කෙන්යේ හෝ බියන්කා වෙන්න ඕනිත් නැහැ.

හැබැයි ලෝකයේ මිනිස්සු මිනිස් නිදහස ගැන නොයෙක් නොයෙක් ආකෘති අත්හදා බලමින් ඉන්නවා. LGBT+ වල ඉඳන් බොහෝ දේවල් දක්වා. 

ඒවා ඔක්කොම හරිද වැරදිද කියල කියනවට වඩා කියන්න තියෙන්නේ ඒ හැම ජීවිතයකටම පොලිසිය කඩා පනින්නේ නැහැ කියන එක. එයාල ජීවත් වෙන්නේ පොලිසියෙන් දෙන ෆෝම් පුරවල නෙවෙයි.

තේරුම් ගන්න ඕනි දේ තමයි අපි දැන් ජීවත් වෙන්නේ ගෝලීය ලෝකෙක කියන එක. පොල්කට්ටක් අස්සේ නෙවෙයි. 

මොනවා හෝ මිනිස් ගතිකයක් ගැන, මිනිසුන් ආගමෙන්, රාජ්‍යයෙන්, පොලිසියෙන් මිදිලා දිනාගත්ත මොනවා හරි නිදහසක් ගැන, වැලන්ටයින් පියතුමාල ජීවිතය දීල මිනිස් සංහතිය වෙනුවෙන් දින්ගත්ත මොනවා හරි දෙයක් ආපසු හැරවෙන අපි අපේ ජීවිතවල අත්දකින අඳුරුම යුගයක් මේක. 

අපිට අපේ පරම්පරාවට ආව සියලු මර්ධනයන් එක්කත් මීට වඩා යම් නිදහසක් තිබ්බ. හැබැයි දැන් ඒකත් නැහැ.

මේ රාජ්‍යයක් විසින් මිනිස් නිදහසට සහ පැවැත්මට කරන නරකම මැදිහත්වීමක්.

AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා - පොලිසියෙන් චෝදනා 

image 9f2ae6a09a
හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කාමර තුල බාලවයස්කාර දරුවන් ලිංගික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය ඊයේ (24) දින වැටලූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ඒ අනුව අදාල වැටලීමේදී අදාල කුටි තුල සිටි තරුණ ජෝඩු 24 ක් හමු වූ බවත් වටලන අවස්ථාවේදී බොහොමයක් ජෝඩු එහි සිටි බැවින් එම සියලු දෙනා කැදවා එම දරුවන්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාල දැරියන්ගේ භාරකරුවන් වෙත දුරකතන ඇමතුම් ලබා දී මුදා හැරීමට කටයුතු කල බවත් පොලිසිය පවසයි.

තම දරුවන් සමග අදාල උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරුවන් වැනි දරුවන් අදාල ආවරණය කළ කුඩා කාමරතුල නොහොබිනා අයුරින් සිටන බැවින් මේ සදහා පියවරක් ගන්නා ලෙස ප්‍රදේශයේ දෙමාපියන් ආගමික නායකයන් සහ බුද්ධි අංශ මගින් සිදුකල පැමිණිලි මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකල බවද පොලිසිය පවසයි.

එම ස්ථානයේ සිටි බොහෝ දරුවන් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් එම ස්ථානයට පැමිණ ඇතැයි එහිදී අනාවරණය වු බව ද පොලිසිය පවසයි.

වැටලීම සිදුකළ අවස්ථාවේදී එම උද්‍යානයේ හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන් සමග උණුසුම් කතාබහක් ඇති වු අතර මේ හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබිණ. 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේ අපි අත්දකින නරකම යුගයක්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader