BREAKING
Top Ad
බුකිය

මේ ගැනත් හිතන්න : කුරුණෑගල ඩොක්ටර් වඳ කළා කියන්නේ කොහොමද?

T

The Leader

May 26, 2019 • 9:36 PM

මේ ගැනත් හිතන්න : කුරුණෑගල ඩොක්ටර් වඳ කළා කියන්නේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''කිසිම පැමිණිල්ලක් නැතිව ඩොක්ටර් 4000ක් වඳ කළා කියන්නේ කොහොමද?
  • එම FB සටහනේ මෙසේද සඳහන් වේ.
  • ඔහුට කුරුණෑගල පොලිසියෙන් එල්ල කර ඇති චෝදනාව අයථා වත්කම් ඉපයීම.
  • ඔහු අයතා වත්කම් උපයා ඇත්නම් ඊට දඬුවම් දිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

පැමිණිල්ලක් ලැබුණත් ඒ ගැන විමර්ශනයක් නැතුව ඩොක්ටර් වඳ කළා කියන්නේ කොහොමද? '' කියා තරිඳු ඉරංග සිය FB පිටුවේ සටහනක් තබමින් විමසා සිටියි.

එම FB සටහනේ මෙසේද සඳහන් වේ.

''වෛද්‍යවරයා අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ වඳ ප්‍රශ්නකට නෙමෙයි.. ඔහුට කුරුණෑගල පොලිසියෙන් එල්ල කර ඇති චෝදනාව අයථා වත්කම් ඉපයීම. ඔහු අයතා වත්කම් උපයා ඇත්නම් ඊට දඬුවම් දිය යුතුය. ඔහු කාන්තාවන්ට හොරෙන් වඳ සැත්කම් කර ඇත්නම් දඬුවම් දිය යුතුය. ඒ ගැන කතා දෙකක් නැහැ.

හැබැයි ඩීඅයිජීලාගේ සහ මිත්‍රයන්ගේ මොනයම් හෝ එකඟතාවන්ට, එහෙම නැත්නම් ගොඩනැගිලි මිලදීගැනීම්වලට තරහට නීතිය නැමීමට ඉඩ දිය යුතු නැහැ.

දිවයින පත්තරේ පස්සෙන් පන්නන එක පොඩ්ඩකට නවත්වලා මේ ගැන එළියට දාපු පොලිසිය පස්සෙන් ගියානම් හරි... කිසිම පැමිණිල්ලක් නැතිව මේ ගේම ගහපු උසස් පොලිස් නිලධාරියා කවුද කියලා හොයාගත්තා නම් වඳ කතාවේ අගමුල හෙළිවෙයි.

සමහර ඉස්කෝලවල තියන ආදිසිසු කල්ලිවාදයට හෝ වෙනයම් දේශපාලන ලැදියාවන්ට නීතිය නමන්න දෙන්න පුලුවන් කමක් නැහැ.

පුද්ගලයකුට එරෙහිව පැමිණිල්ලක් නැතිව ඔහු අහවල් දේ කරා යැයි හංවඩු ගසා මතයක් ඇති කර ඉන් පසු පැමිණිලි ඉල්ලීම විහිළුවක්.

ආයෙත් කියන්නේ දොස්තර අයතා වත්කම් උපයා ඇත්නම් ඊට දඬුවම් දිය යුතුයි . ඔහු කාන්තාවන්ට හොරෙන් වඳ සැත්කම් කර ඇත්නම් ඒකටත් උපරිම දඬුවම් දිය යුතුය. ඒ ගැන කතා දෙකක් නැහැ.''

දොස්තර‍‍ගේ කතාව (පිළිවෙළට බලන්න)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...